අපි සාමාන්‍ය පෙළ රසායන විද්‍යාව කරද්දි

අපට සාමාන්‍ය පෙළට තිඹුනා රසායන විද්‍යාව කියල වෙනම විෂයයක්. මේ විෂයය කරද්දි පන්තියෙ හුඟාක් අය තමන්ගෙ ගෙදරම පුංචි රසායනාගාරයක් දා ගත්තා. මාත් ඒ වැඩේ පටන් ගත්තා. අපි යාළුවො යාළුවො එකිනෙකා ළඟ ඇති රසායන ද්‍රව්‍ය අනෙක් අය එක්ක මාරු කර ගන්නවා.

ඒ ආලෙ ම්ං ළඟ නයිට්‍රික්, සල්ෆියුරික් හා හයිඩ්‍රික්ලෝරික් කියන සාන්ද්‍ර අම්ල තුනම තිබුණා. ඒ කාලෙ අපි ගෙදරම පුංචි පුංචි පරීක්ෂණ කළා. මං කියන්නම් මට මේවා කරන්න ගිහිල්ලා වෙච්ච ඇබැද්දියක්.

පොතක හරි පත්තරයක හරි තිබුණා අයඩින්වල විඝටනය තේරුම් ගන්න හොඳ පරීක්ෂණයක්. අයඩින් කුඩුයි ඇළුමිනියම් කුඩුයි මිශ්‍ර කරලා ඒකට උණු වතුර බිංදු කිහිපයක් එකතු කරන්න, මට මතක හැටියට. මාත් ඉතින් මේ දේවල් හොඳට කලවම් කරලා ඒක දිහා උඩින් බලාගෙන උණු වතුර එකතු කළා. ඒ ගමන් වාෂ්පීකරණය වූ අයඩින් මගෙ ඇස් දෙකටම ගියා. පරීක්ෂණය හොඳටම තේරුණා.

පාවිච්චි කළ වචන වැරදි නම් සමාවෙන්න.

අද අය නම් රසායන විද්‍යාවට මෙච්චර කැමතිය කියල හිතන්න අමාරුයි. ඒත් පුංචි පන්තිවල විෂය නිර්දේශවලට සමහර අළුත් දේ එකතු කරල. උදාහරණයක් හැටියට මෙයට වසර ගණනාවකට පෙර පුංචි ළමයෙකුට ගෙදර වැඩට දීල Ursa Major ගැන ලියන්න. මේ ළමයගෙ දෙමාපියොවත් ඒ කාලෙ මේක දැනගෙන ඉඳල නෑ. ඒත් ඒ වාගෙ දේවල් විෂය නිර්දේශවලට ඇතුළුවීම නම් හොඳයි. හැබැයි ඉහළ පන්තිවල විෂය නිර්දේශ කප්පාදු කිරීම නම් අන්තිම නරකයි.

About these ads
This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

4 Responses to අපි සාමාන්‍ය පෙළ රසායන විද්‍යාව කරද්දි

  1. Ursa Major කියන්නෙ මොකක්ද ? /කවුද ?

    • kumudupinto says:

      Ursa Major වගේම Ursa Minor කියන්නෙත් තරු ගණ. Ursa කියන්නෙ වළහට. මේ මහ වළහා හා කුඩා වළහා කියන තරු ගණ දෙකයි.

  2. හ්ම්ම්ම් සර්ලාගේ කාලේ වගේ නෙවේ නේ දැන්. කාලයත් එක්ක පුදුම තරඟයකුත්, විශය නිර්දේශ ආවරණය කිරීමේ දිවිල්ලත් නිසා ඔය විදිහට ප්‍රායෝගිකව රසායන විද්‍යාව රසවිඳින්න දැන් ඉඩක් නෑ. කටපාඩම් කිරීමට තියෙන හැකියාව පරික්ෂාකරන විභාග ක්‍රමයක මේවා අත් හදා බලන එකත් මෝඩකමක්.
    පුද්ගලිකව මම කැමති, යමක් ප්‍රායෝගිකව කරලා කරලාම ඉගෙනගන්න. එහෙම ඉගෙන ගත්ත දෙවල් වලින් මම ගොඩක් දෙනාගේ ප්‍රසාදය දිනාගෙන තියෙනවා.
    විද්‍යා විෂයයන් වල විතරක් නෙවෙයි ඕනෑම විෂයක් ඔහොමයි. ඉංග්‍රීසි උනත්………..
    ඒත් ඒකට ප්‍රමාණවත් කාලයක් හා සහයෝගයක් අධ්‍යාපන ක්‍රමයෙන් ලැබුණාද කියන දේ ප්‍රශ්ණයක්……

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s