අනිත්‍යය

අපට පුංචි කාලෙ ජීවිතේ කිසිම බරක් දැනුනෙ නෑ. ඒ සේරම බර දෙමව්පියො ගත්ත. අපට තිබුණෙ කාල ඇඳල සන්තෝසෙන් ඉන්න. ඒ කාලෙ ගෙවිල ගියා.

තරුණ කාලෙ හරිම සුන්දරයි. අවට හැම දෙයක්ම හරි ලස්සණයි. ශරීර සෞඛ්‍යය ඉතාමත්ම හොඳයි. ඇත්තටම ලෝකෙ දුකක් කියල දෙයක් තියෙනවද ? මෙච්චර ජීවිතේ සතුටෙන් ගලා යද්දි කවුද කියන්නෙ ජීවිතේ දුකයි කියල. දන්නෙම නැතුව ඒ කාලෙත් ගෙවිල ගියා අපටත් හොරාම.

ඊළඟට හයිය හත්තිය තියෙන මැදි විය ආවා. කියන දේ කවුරු කවුරුත් අහනවා. බලය අතේ. මුදල් අතේ. අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. නොතිබුණොත් ලබා ගන්නවා. ඒ බලවත් කාලෙත් ගෙවිල ගියා.

දැන් ඉන්නෙ මහළු වියේ අවට අයවත් අඩු ගණනෙ තමන්ගෙ ශරීරයවත් තමන් කියන එක අහන්නෙ නෑ. ලෙඩදුක් කියන්නෙ ජීවිතේ කොටසක් වෙලා. ඇත්තටම ජීවිතේ කියන්නෙ දුක් ගොඩක්. ඒත්කරුමෙකට ඒ ටික තේරෙන කොට ජීවිතේ ගෙවිල ගිහිල්ල. හරි ගස්ස ගන්න වෙලාවක් නෑ.

අනිත් ඒව ගෙවිල ගියා වාගෙ මේකත් ගෙවිල යන්නෙ නැතෑ.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

4 Responses to අනිත්‍යය

  1. palaamalla says:

    ජීවිතේ ගැන තිත්ත ඇත්ත

  2. සරත් ගුණතුංග says:

    ඔබේ ශරීරය ඔබ කියන දෙයක් කවදාවත් අහල තියෙනවද?

    • kumudupinto says:

      තරුණ කාලෙ හයියෙන් යන්ඩ ඕනෙ උනහම හයියෙන් යනවා. දුවන්න ඕනෙ උනහම දුවනවා. යම් තරමකටවත් ශරීරය අපි කියන දේ ඇහුවා. ඒත් දැන් ?

  3. Hasitha says:

    ජීවිතං අනියතං මරණං නියතං

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s