ඇත්තටම ඩාවින් හරි ද ?

අපි සාමාන්‍ය පෙළ විභාගයට ගණිතය විෂයයන් තුනක් කළා. ඒ ශුද්ධ ගණිතය, උසස් ගණිතය හා ව්‍යවහාරික ගණිතා. උසස් ගණිතයෙ පාඩම් අතර උසස් ජ්‍යාමිතිය හා උසස් වීජ ගණිතය තිබුණා.

උසස් ජ්‍යාමිතිය කේවාගේ ප්‍රමේය, ටොලමිගේ ප්‍රමේය, නවලක්ෂ්‍ය වෘත්තය, සිම්ප්සන් රේඛාව වගෙ දේවල් කළා. මේ කාරණය හන්ද අපි උසස් පෙළ ගණිතය කරද්දි වැඩි අමාරුවක් දැනුනෙ නෑ. ඒ මොකද කලන්ය, ත්‍රිකෝණමිතිය, ඛණ්ඩාංක ජ්‍යාමිතිය වගෙ දේවල් සාමාන්‍ය පෙළ පන්තිවලදිම කළ හන්ද.

ඒත් අද උසස් පෙළ ගණිතය කරන අයටත් එක් ගණිත විෂයයයි තියෙන්නෙ Combined Maths කියල. මේව කරන්නෙ අධ්‍යාපන විශේෂඥයන්ගෙ උපදෙස් පිට වෙන්න ඇති නෙ. මට වෙලාවකට හිතෙනව මේ අධ්‍යාපනඥයො හරි ඇති චාල්ස් ඩාවින් වැරදි ඇති කියල. ඒ මොකද විෂය නිර්දේශ ගමන් කරන්නෙ අනිත් පැත්තටනෙ.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

6 Responses to ඇත්තටම ඩාවින් හරි ද ?

  1. Thimira says:

    සර්, ඩාවින් හරි ඇති. මොකද ඩාවින්ගෙ පරිනාමවාදය අදාල වෙන්නෙ ජීවින්ට විතරයි නෙ. දැන් ඉන්න ගොඩක් අධ්‍යාපනඥයො හිතාගෙන ඉන්නෙ studentsලා කියන්නෙ ජීවීන් නෙවෙයි කියල

  2. dawkinssdodo says:

    මොකද්ද හැබෑට ඒකෙන් අදහස් කලේ?

    ඔබ කියන දේ පැහැදිලියි, නමුත් උපමාව නම් විවාදයට බරයි වගේ…

    මොකද, ඩාවින්වාදයට වත්, පරිනාමයට වත් එක හරි දිශාවක් නැහැ. ඒක ඒ මොහොතේ තත්වයන්ට සුදුස්සා තේරිමක් විතරයි. තත්ව වෙනස් වෙනව , තේරීම වෙනස් වෙනවා. අයිස්ලන්තේ Eyjafjallajokul ගිනිකන්ද අසල අද තෝරා ගැනෙන්නෙ දැඩිඋශ්නත්වයකට මුහුනදෙන්න පුලුවන් ජීවී විශේෂ විතරයි. එහෙත් ඊට ඉස්ස්සෙල්ල පාරිසරික තත්වයන් විසින් තෝරාගත්තේ දැඩි සීතලට මුහුනදිය හැකි ජීවීන්.

    • kumudupinto says:

      උපමාව ගන්න එපා, කාරණය පමණක් සලකා බලන්න.

  3. ලංකාවෙ ගණිත අංශයට තිබුන ඉල්ලුම සපුරන්න විෂයන් 4ක් තිබුන කාලෙ සමත් උනේ නෑ..අදත් මගේ යාලුවො ඉන්නව ගණිත අංශෙන් විෂය 3 සිලබස් 1 විෂය 2ක් පාස් වෙලා රජයේ රැකියා කරන අය..ඒත් වෙනත් විෂය ධාරා වලට පිරිස ඕනිවටත් වඩා වැඩියි..අද උනත් එස්-3ක් ගන්න ගණිත අංශෙ සිසුවෙක්ට පැහැදිලි උසස් අධ්‍යාපන මාවතක් තියනව..ගණිත විෂය ඔයිට වඩා අමාරු උනානම් ෆේල් වෙන්න බය සහ ලොකු අකුරු රිසල්ට් ගන්න බැරි නිසා මීටත් වඩා අඩු ගනනක් තමා මැත කරන්නෙ…

    • Wathsala Vithanage says:

      majority of the students fail math! Whose fault is it? Fault is with wrong people making the wrong decision all the time. Students have nothing to do with this. Answer is not pruning the syllabus but getting the right people capable of making correct policies.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s