මරණානුස්මෘතිය

මං අද ලෙඩවෙලා ගෙදර. තරුණ කාලෙ ලෙඩ හැදෙන එකයි, මේ කාලෙ ලෙඩ හැදෙන එකයි අතරෙ ලොකු වෙනසක් තියෙනවා. මං කැම්පස් එකේ දෙවන වසර පටන් ගන්නවත් එක්කම අතපය හොලවගන්න බැරුව අවුරුද්දක් විතර එකතැන් වෙලා හිටිය. බැචාලත් හිතල තියෙන්නෙ අනෙක් පැත්තට යයි කියල. ඒත් මට එහෙම හීනෙකින්වත් හිතුනෙ නෑ. මං බලන් හිටියෙ කවදද ආයෙ කැම්පස් යන්නෙ කියල.

ඒත් ටික ටික වයසට යනකොට හිතන රටාව වෙනස් වෙන්න ගන්නව. ඒකට පරිසරයවත් වෙනත් කිසිම දෙයක්වත් නෙවෙයි හේතුව. එකම හේතුව කාලය. හිතන පතන දේවල් සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙලා.

මේ අස්සෙ මට තවත් දෙයක් මතක් වුණා. අපේ යමෙක් යම් ලිපියක මරණය ගැන ලිව්වොත් කතාවක මරණය ගැන විස්තර කළොත් වටේ ඉන්න අය ඇසුරු කරන අය කලබල වෙනව. ඉක්මනට උත්සාහ ගන්නව උගේ හරි ඒකිගෙ හරි හිත හදන්න. දාහක් දේවල්. අපි උඹට ඉන්නවනෙ. ඇයි ඔච්චර ඉක්මන් වෙන්නෙ. මේ වගෙ කතා.

ඒත් බුද්ධ ධමයට අනුව මරණානුස්මෘතිය එක්තරා භාවනාවක්. ඇත්තටම මේ විදියට කවුරු හරි කෙනෙක් මරණානුස්මෘතිය වඩන්න හදන කොට කලබල වෙන අපිත් බෞද්ධයොද ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

7 Responses to මරණානුස්මෘතිය

  1. ඒකත් ඇත්ත බලාගෙන ගියාම. ඒත් අපිට හිතවත් කෙනෙක් මැරෙන කථා කියද්දි අහං ඉන්න විතරක් අපි මාර්ගඵල ලාභීන් වෙලාත් නැහැනේ. අනිත් එක ගොඩාක් වෙලාවට කවුරු හරි මැරෙන්න ඕනේ නම් කිය කියා ඉන්නේ නැහැ කියලායි මට හිතෙන්නේ. ඒ කෙනා ඒ දේ අපිට කියලා බලාපොරොත්තු වෙන්නේ “අනේ උඹ මැරෙන්න එපා උඹ නැතිව අපට පාළුයි. උඹව අපට හරි වටිනවා” වගේ ජීවත් වෙන්න හුස්ම පොදක් අපි දෙයි කියන එකයි කියලා මම විශ්වාස කරන්නේ. ජීවත් වෙන්න කාරණාවක් අපි සම්පාදනය කරයි කියලායි ඔහු බලාපොරොත්තු වෙන්නේ. එහෙම කෙනාට ” හා හොඳයි එහෙනම් මැරියන්. අවැසි කඹයක්ද වහද, කෝච්චියක්ද, බස් එකක්ද, කියපන් මම එවන්නම්” කියලා හරි යන්නේ නැහැ නේද? (අනේ මම නොදන්නෙමි. මේ මට සිතෙන හැටි පමණි.),

  2. මට කෝල් 1ක් දීල කිව්ව ගෑනු ලමයෙක් එයාට මැරෙන්න හිතෙනව කියල ..මම එයාට කිව්ව ඔයා ගැන පන්සලේ හාමුදුරුවන්ට..එන අයට..තියා ගෙදර අයටවත් කියල සැනසෙන්න පුලුවන් 1 හොඳක් තියනවද කියල..හරකෙක් වගේ බූට් 1ක් කාල මෙලෝ දෙයක් ලෝකෙට නොකර මේකම කාල මැරෙනව..එයා මහ හය්යෙන් අඬල..තමුසෙ එක්ක කතාකලාම මැරෙනවට වඩා දුකයි..ඕයි කියල ෆෝන් 1 තියල පැය බාගෙකින් මැසේජ් එකක් ආව එයා දැන් මැරෙනව කියල..මම බය උනා…ඒත් එයා අදහස වෙනස් කරගෙන තිබුන..

    • kumudupinto says:

      මරණය ගැන හිතන එකයි මැරෙන්න හිතන එකයි දෙකක් නේද ?

    • Wathsala Vithanage says:

      If she said she is going to kill her self then do not worry… she will never do it. She is a moran, a coward afraid of death, she can’t even think of death which is her worst nightmare. Such people are so weak they have problems in expressing them selves due to lack of interllect, this is the biggest expression these people are aware of. These folks also tend to think that they are center of the universe. Those who can die will only let the world know about their demise only after commiting suicide.

  3. DappiSira says:

    @ Wathsala

    Wow. Slow down a little, sis. Too many assumptions and name-calling here. Usually, when someone say, “I want to die” that not necessarily means she is going to kill her self. That suggests, she is asking for help to cope up the severe depression she is going through. It is quite normal, and I don’t see why you have to be obsessively angry about it?

    • Wathsala Vithanage says:

      Yes that is exactly what I meant… when some one says “I want to die” she is not going to kill her self she is just a depressed person who is incapable of speaking out the words “I’m depressed please help me”. That is why I said they do not know how to express themselves, these people collapse easily and that is why I said they are weak. People who can’t ask for help in a polite way are retards thinking they are the center of the universe as I have mentioned earlier. Anyway I’m sorry if you got offended by the language I used in the comment, just take the idea. I use different tones depending on the topics I speak about.

  4. අමිල says:

    “ඇත්තටම මේ විදියට කවුරු හරි කෙනෙක් මරණානුස්මෘතිය වඩන්න හදන කොට කලබල වෙන අපිත් බෞද්ධයොද ?”

    වෙන මොනවා කියන්නද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s