මම අධ්‍යාපන ඇමති වුණොත් ?

චිත්ත ධර්ම විද්‍යාව අනුව තමන්ට ලබා ගන්න බැහැ කියල හිතන ප්‍රාර්ථනා නොකළ යුතුයි. මම තුන් හිතකිනත් දේශපාලනේට එන්නහිතල නැති නිසා මේ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාව ගැන කතා කරල වැඩක් නෑ. ඒත් මං කියන්නෙ යන්නෙ අපේ පන්තියෙ හිටිය මගෙ බොහොම හොඳ යාළුවෙක් දේශපාලනයට ආපු. අපි ඔක්කොමගෙ හීන, අපේ පරම්පරාවෙ හීන මනුස්සය අධ්‍යාපන ඇමති වුණොත් නම් අකුරටම කරයි.

මට මතක හැටියට හයේ පන්තියකට රාජකීය විද්‍යාලයෙන් කෙනෙක් ආව. අපටත් පුදුමයි රාජකීය විද්‍යාලෙන් ආනන්දෙට කෙනෙක් ආව කිව්වම. ඒ කාලෙ අපේ පන්තිවල දක්ෂතම කථිකයා වෙලා හිටියෙ මම. පහේ පන්තියෙන් තෝරනවා ත්‍යාග ප්‍රදානෝත්සවයෙදි ස්තුති කතාව කරන්න කෙනෙක්. ඒකට තේරුනෙත් මාව. ඒත් මට සිද්ද වුණා මේ හාදයට පැරදෙන්න. මේ අපූරු පුද්ගලයා විවාද කණ්ඩායමෙත් නායකයා වුණා.

හතේ පන්තියෙදි අපි ළමා සඟරාවක් කළා. ඒක විකුණලා ලැබුණු සල්ලිවලින් ඒ කාලෙ අපට ඉගැන් වූ ගුරුවරුන්ට තෑගිත් අරන් දුන්නා. ඒ සඟරාවෙ ස\ස්කාරක වුණෙත් මෙඔ මං කියන පුද්ගලයා. මං ඒකෙ උප ස\ස්කාරක. මේ පුද්ගලයා තමයි අද රටම දන්න මොහාන් ලාල් ග්‍රේරෝ. ඔහු මො. ලා. ග්‍රේරෝ හැටියටත් මං කු. ලා. පින්තු හැටියටත් සඟරාවට ලිපි ලිව්වා. වැඩියෙන්ම තිබුණෙ අපි දෙන්නගෙ ලිපි. ඒ මොකද අනෙක් අයගෙන් වැඩිපුර ලිපි හම්බ නොවුණු නිසා.

ග්‍රේරෝ ඒ කාලෙ දහම් පාසැල් වැඩ කළා. මොරටුව ඉංජිනිරු උපාධිය කරන්නත් අපි දෙන්නම තේරුණේ එකට. ඒත් අර ආත්‍රරයිටිස් හන්ද මට බැච් එකක් අතහරින්න වුණා නෙ. උපාධිය අරඹනකොටත් ඔහු ටියුෂන් කරනවා. මං හිතන හැටියට අද විනය අතින් හොඳම ජාත්‍යන්තර පාසැල ඔහුගේ.

මම කාලයක් ඔහු යටතේ Lyceum International School එකේ වැඩ කළා. ඒ කාලෙ සිද්ධීන් “පරිගණක අත්දැකීම්” යටතේ කතා කරන්නම් කෝ. දැන් අපි ආයෙත් මාතෘකාවට බහිමු.

පාසැලේ අපේ පන්තියෙ මිතුරොත් විශ්ව විද්‍යාලෙ බැචාලත් ඉත සිතින් පතන්නෙ ඔහුට යම් දවසක හෝ අධ්‍යාපන ඇමතිකම ලැබෙන්නය කියලා. අධ්‍යාපන ක්ශේත්‍රයේ ඇති හසල අත්දැකීම් සමුදායය නිසා අනිවාර්යෙන්ම ඔහු අපි හැමෝගෙම අධ්‍යාපනය ගැන තියෙන හීන හැබෑ කරයි. ඒ මොකද අනෙක් හුඟාක් අයට නැති කොන්දක් ඔහුට ඇති නිසා.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

3 Responses to මම අධ්‍යාපන ඇමති වුණොත් ?

  1. Teshan says:

    Eth sir greru sir UNP ekenma chande illana hinda kiyanna amaarui education minister wewi kiyalaa. mokada ehea wenna nam aduma gaane UNP government ekak enna epai. habai mama nam kiyanne, mona aanduwak tibunat me wage pudgalayo mona pakshe hitiyath sudussaata sudusu tena labiya yuthui kiyala. hariyata GL Peiris wage kattiya. Because they really are knowledge bases who can serve the country the best way they can when they are given the correct position. But my personal view is that such people should not step in to politics as they lose the recognition by others like the way they have been having in their past. But the thing is that, the right thing should be kept at the right place indeed.

  2. එයා හොඳ ප්‍රායෝගික මනුස්සයෙක්..මම ආස චරිතයක්…ඒත් මේ කුනු දේශපාලනේට ආවට නම් මගෙ කැමැත්තක් නෑ…ඒත් මම දන්න විදිහට දේශපාලන ලෝකෙත් අතිශයින් දුර්ලභ මහත්මයෙක්…

    • kumudupinto says:

      අපි දේශපාලනේට කුණු ය කියල බැන බැන හිටියට වැඩක් නෑ. මේ වගෙ අයට එන්න උදව් කරන්න ඕනෙ. එහෙම නැත්නම් අපිම එන්න ඕනෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s