Beta Computers අධ්‍යාපන ආයතනය

ඊස්ට් වෙස්ට් ආයතනයෙ ඉන්දැද්දි යි අවසාන වතාවට මට උත්තම සාදු හම්බ වුණේ ඒ සාදුගෙ ගුරුහරුකම් වැඩි වැඩියෙන් ගන්න හිතාගෙන ටික කාලයකට මං ක්ෂේත්‍රයෙන් අයින් වුණා. ආයෙත් ක්ෂේත්‍රයට ආවහම මුලින්ම මං සුමේධ උඩවත්තගේ මහත්තයගෙ Beta Computers අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වුණා.

මුලින්ම චිත්ත ධර්ම විද්‍යා පන්තිවලදි මං සුමේධව අඳුනගෙන තිබුණා. ඊට පස්සෙ මං නුවර වැව රවුමේ Digitronics ආයතනය කරද්දි සුමේධ ත් වැව රවුමෙම Martial Arts පන්තියක් කරමින් හිටියා. තුන්වන පාරටයි මේ සුමේධ ව මුණ ගැසුනේ. එතකොට ඔහු දක්ෂ ගණිත ගුරුවරයෙක්. තවමත් එහෙමම මයි.

උසස් පෙළින් පස්සෙ සිසු සිසුවියන්ට නම් පරිගණක භාෂාව උගන්වමිනුයි සුමේධ හිටියෙ. මමත් ඒ ආයතනයෙ බාහිර දේශකයෙක් හැටියට මහ හුඟක් මෘදුකාංග ඉගැන්වූවා.

ඒ කාලෙ ජනප්‍රිය වෙලා තිබූ Database සඳහා වන DBase III+ කියන මෘදුකාංගයත් Spreadsheets සඳහා වන Lotus 123 කියන මෘදුකාංගයත් මං ඉගැන් වූ ඒවා අතර තිබුණා. ඒ එක්කම Turbo Pascal කියන පරිගණක භාෂාවත් මං ඉගැන්වූවා. මේ කාලෙ තමයි අර වෙනත් ලිපියක මං මතක් කරල තිබුණු ග්‍රැෆික්ස්වලට දක්ෂ ලමයෙක් මුණ ගැහුණෙ. ඔහුගෙ පියා තොරණ්වලට විදුලිය සැපයූ අති දක්ෂ විදුලි කාර්මිකයෙක්. ඒ දක්ෂකම ඔහු පරිගණක තිරයෙ Turbo Pascal වලින් කළා.

කලින් Beta Computers ආයතනය තිබුණෙ නුගේගොඩ බෝ ගහ ගාව තිබූ ගොඩනැගිල්ලක. ඊළඟට ඒක නාවල පාරට අරගෙන ගියා. මේ තැන් දෙකේම මං වැඩ කළා. අර එක් ශිෂ්‍යයෙක් Comment එකක මතක් කරලා තිබුණු විදියට ඕන්න ඔහොමයි මං Beta Computers ආයතනයට සම්බන්ධ වුණේ.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

3 Responses to Beta Computers අධ්‍යාපන ආයතනය

  1. Thimira says:

    මම AL වලට Maths class ගියෙත් සුමේධ සර් ගාවට. මගේ AL Maths වලට තිබුනු බය නැතිකලේ සුමේධ සර් තමයි.
    මට මතකයි සුමේධ සර් එකපාරක් partial differentiation කරන්න පුලුවන් program එකක් C වලින් ලිව්වා කියල කිව්ව. මමත් ඒ වගේ program එකක් ලියන්න උත්සහ කලාට තාම බැරි වුනා.

  2. sama says:

    මම මේ සය්ට් එකට අලුත්. කවුඩ මේ උත්තම සාදු කියන්නේ

    • kumudupinto says:

      “මා දුටු බුදු දහම” Category එක යටතේ ඇති ලිපි කියවන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s