C සඳහා උදාහරණ – 14

දැන් අපි Arithmetical, Assignment, Mixed (Arithmetical+Assignment) යන Operators වර්ග තුනම දන්නවා. ඊළඟට අපි ඉගෙන ගනිමු Increment/Decrement යන Operators වර්ගය. හිතන්න යම් විචල්‍යයක් තියෙනවා කියල X කියල. මේ විචල්‍යයේ අපි ගබඩා කරමු 12 කියන අගය. අපට යම් හෙයකින් මේ අගය එකකින් වැඩි කරන්න, ඒ කියන්නෙ වර්තමාන X අගයට එකක් එකතු කරන්න ඕනෙ උණොත් ඒක කරන්නෙ කොහොමද ?

මේක කරන්න විධි හතරක් තියෙනවා. පළමුවැන්න X = X + 1 කියන එක. එයින් කියවෙන්නෙ කලින් X හි අගයට එකක් කර අළුත් අගය ලබා ගන්න කියන එකයි. දෙවැන්න X += 1 කියන එක. මේ කලින් ලිව්ව දේ කෙටි කර ලිවීමක්. අනෙක් විධි දෙක කෝ ?

එකක් X++ කියලා ලියන එක. අනෙක ++X කියලා ලියන එක. මේ දේ වෙනම අළුත් පේළියක ලියනවා නම් මේ ක්‍රම දෙකම එකයි. අපි දැන් මේ ඉගෙන ගත්ත දේ ප්‍රෝග්‍රෑම් එකක ලියල බලමු.

Test14A.gcc

Test14A.gcc

මේ ප්‍රෝග්‍රෑම් එක Test14A.gcc නමින් ගබඩා කරලා Compile කර Run කළහම පෙනෙයි x අගයත් y අගයත් 11 බව. ඒ කියන්නෙ තනි පේළියක ලියනකොට x++ කිව්වත් ++x කිව්වත් එකයි.

මේ වගේමයි යම් විචල්‍යයකින් එකක් අඩු කරන්න ඕනෙ නම් –x කියල ලිව්වත් x– කියල ලිව්වත් එකයි. පහළ ප්‍රෝග්‍රෑම් එකෙන් පෙනෙන්නෙ එයයි.

Test14B.gcc

Test14B.gcc

This entry was posted in 16. C++, සිංහල and tagged , . Bookmark the permalink.

One Response to C සඳහා උදාහරණ – 14

  1. Ruwan says:

    thank u very much………………..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s