Lyceum ජාත්‍යන්තර පාසැල

ඕන්න මම ආයතනයෙන් ජාත්‍යන්තර පාසැලට මාරු වුණා. එතකොට මගෙ පන්තියෙ හා විශ්ව විද්‍යාලයෙ මිතුරෙක් වෙලා හිටි මොහාන් ලාල් ග්‍රේරෝ මගෙ සේව්යයා වුණා. එතන මං කාලයක් ඉගැන්වුවා දෙකේ පන්තොයේ ඉඳන් 9 පන්තියට යනකම් පරිගණක විද්‍යාවත් මං හිතන්නෙ පහේ පන්තියට යනකම් ගණිතයත්.

ඒ කාලෙ තුනේ පන්තියට මං ඉගැන්වූවා Number Systems කියන කොටස. එහිදී 10, 8 හා 16 පාදයේ සංඛ්‍යා උගන්වල ඒවා එකින් එක විස්සක් තිහක් ලියලත් පෙන්වූවා. ඊළඟට තිබුණෙ දෙකේ පාදය උගන්වන්න. මං දෙකේ පාදයෙ මූලික ලක්ෂණ උගන්වල ලමයින්ට කිව්ව එකින් 0 ඉඳන් දෙකේ පාදයෙ සංඛ්‍යා 33ක් ලියන්නය කියල. සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක් මේ වැඩේට විනාඩි දහයකට වඩා ගන්නව. ඒත් ඒ පන්තියෙ හිටි එක් සිසුවෙක් විනාඩි 3කින් මේ සංඛ්‍යා 33 ලිව්වා. ඒ තමයි ග්‍රේරෝගෙ පුතා නිකිත ග්‍රේරෝ !

අදටත් මං Number Systems උගන්වන කොට මේ අභ්‍යාසය දෙනවා. බොහෝම කලාතුරකින් තමයි ඒ වේගෙන් යමෙක් සංඛ්‍යා ටික ලියන්නෙ.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

3 Responses to Lyceum ජාත්‍යන්තර පාසැල

  1. ග්‍රේරු සර් ගෙන් මමත් ඉගෙන ගත්තා ඒ ලෙවෙල් physics. ඇත්තටම රත්තරං මිනිස්සු කියන්නේ ඒ වගේ අයට තමයි. මම දන්නේ නැහැ ඔබතුමා ගැන. ඒත් මට හිතෙනවා ඔබතුමාත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති කියලා.

    මම ප්‍රාර්ථනා කරනවා ග්‍රේරු සර්ගේ අතට කවදා හරි මේ රටේ අධ්‍යාපන ඇමති කම ලැබෙන්න කියලා. තවත් දෙයක් කියනවා නම් මම දන්නවා ග්‍රේරු සර්ගේ ඒ අධිෂ්ඨානය තියෙනවා. එතුමා කවදා හරි එතැනට හෝ ඊට වඩා ඉහල තැනට හරි එනවාමයි.

    • මට විනාඩියකුත් තත්පර 47 ක් ගත වුනා….
      බලාගෙන යද්දි තුන වසරේ පොඩිත්තා කොයි තරම් දක්ෂද ?

      • kumudupinto says:

        ක්‍රමේ දැන ගත්තායින් පස්සෙ ඕනෙ කෙනෙක් ඉක්මනට කරයි. ඒත් ඒ පොඩිත්තා ලියන ගමනුයි ක්‍රමේ තේරුම් ගත්තේ.

Leave a reply to kumudupinto Cancel reply