Metropolitan Computers ආයතනය

මේ කාලෙ මට අවස්ථාවක් ලැබුණා Metropolitan Computers ආයතනයෙ Canofile අංශයෙ රැකියාවක් කරන්න. ඇත්තටම රැකියාව Consultant කියන නමින් තිබුණත් හැමදාම වෙලාවට වැඩට යන්නත් නියමිත වෙලාව ආයතනයෙ ගත කරන්නත් සිද්ද වුණා.

Canofile කියල කියන්නෙ අපූරු උපකරණයක්. මං දන්නෙ නෑ තවම ඒක තියෙනවද කියල. ඒකෙන් ඔනෑම ලිපියක් ස්කෑන් කරල ගබඩා අරල තියා ගන්න පුළුවන්. මේ උපකරණයෙ වැදගත්කම තමයි ඒ එක් එක් ලිපියට Index එකක් දැමිය හැකි වීම. ඒ Index එකෙන් ඒ ලිපිය පහසුවෙන් සොයා ගැනීමට හැකි වුණා.

එකම Index එක යටතේ ලිපි ගණනාවක් තබා ගන්නත් එකම ලිපියට Indexes කිහිපයක් දමන්නටත් මේ උපකරණයෙ පහසුකම් තිබුණා. මෙහි දත්ත ගබඩා කළේ Magneto Optical කියන ඩිස්ක් වර්ගයෙයි. මේ ඩිස්ක් එකක් ඒ කාලෙ හුඟාක් ගණක්. එක ඩිස්ක් එකක් මට මතක හැටියට දහ පහළොස්දාහක් වුණා. මේ ඩිස්ක්වල තිබූ වැදගත්කම තමයි අවශ්‍ය නම් CD එකක් හැටියටත් ඒ කියන්නෙ මකන්න බැරි වෙන්න දත්ත ලියන්නත් එහෙම නැත්නම් සාමාන්‍ය ඩිස්ක් එකක් විදියට දත්ත මක මකා ලියන්නත් පුළුවන් වීම. හැබැයි ලියන්න පටන් ගන්නකොට කියන්න ඕනෙ තමන් මොන විදියටද දත්ත ගබඩා කරන්න යන්නෙ කියල.

ComputerLink ආයතනයෙ හිටි විපුල පෙරේරා තමයි Canofile අංශයෙ ලොක්කා වෙලා හිටියෙ. මං වැඩ කළේ ඒ මහත්තය යටතෙ. දැන් ඒ මහත්තයත් තව අළුත් තාක්ෂණික මෙවලම් හදන හෝ ගෙන්වන ආයතනයක් දාල.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s