OpenArc පරිගණක පාසැල

Lyceum ආයතනයෙ ඉඳිද්දි මට අවස්ථාව ලැබුණා OpenArc පරිගණක පාසැලට සම්බන්ධ වෙන්න අර්ධ කාලීන ගුරුවරයෙක් හැටියට AutoCAD උගන්වන්න. ඒ ආයතනයෙ අධ්‍යක්ෂකවරු ඔක්කොම යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය තියෙන අය මං වගේම. සභාපතිතුමා දයා යෙට්ටිආරච්චි මහතා. ඊළඟට කළමණාකාර අධ්‍යක්ෂක විජිත් සිංහබාහු මහතා. ඊළඟට තවත් අධ්‍යක්ෂකවරයෙක් ලලිත් ගුණතිලක මහතා. මේ ඔක්කොම එකම බැච් එකක ඉංජිනේරුවො පේරාදෙණියෙන් උපාධිය ලබා ගත්තු. ඒ හන්ද මගෙ කුලකය ලැබුණා අන්තිමටම.

ටික කාලයක් ඉඳිද්දි ඒ ආයතනයෙ විජිත් සිංහබාහු මහත්තය යෝජනා කළා අර්ධකාලීන තත්ත්වයෙන් පූර්ණකාලීන තත්ත්වයට පත්වන්න ය කියා. ඒ හන්ද මං අනෙක් දේවල් අත හැරලා Course Director හැටියට OpenArc පරිගණක පාසැලට සම්බන්ධ වුණා. ඒ ආයතනයෙ සිද්ද වෙච්ච රස කතා බොහොමයි මං ඒ එක එකක් මතක් වෙන වෙන හැටියට කියන්න උත්සාහ ගන්නම්.

OpenArc පරිගණක පාසැලේ තියෙනවා පූර්ණකාලීන ඩිප්ලෝමාවක්. මුලින්ම ඒකෙ උගන්ව උගන්ව හිටියෙ QBasic කියන පරිගණක භාෂාව. ඉස්සෙල්ලාම ඒක Turbo Pascal වලට හැරෙව්වා. Turbo Pascal වලට අභාග්‍ය සම්පන්න කාලයක් ආවා. මට මතක හැටියට දශක කිහිපයකට කලින් ආ පරිගණකවල වේගය Turbo Pascal වල එක් Unit එකකට (CRT Unit) ගැලපුනේ නෑ. ඒ හන්ද Turbo Pascal එක්ක වැඩ කිරීම අමාරු වුණා.

ඊට පස්සෙ අපි ඒ භාෂාව Turbo C++ වලට හැරෙව්වා. ඉතින් ඒ පූර්ණකාලීන ඩිප්ලෝමාවෙ සිසුන් ඉස්සෙල්ලම ඉගෙන ගත්ත භාෂාව වුණේ Turbo C++. මේ අවුරුද්දෙ අන්තිමටම කළ ඩිප්ලෝමාවෙ පළමු භාෂාව හැටියට Java ද ඊළඟ භාෂාව හැටියට C#.net ද ඉගැන්වූවා.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

4 Responses to OpenArc පරිගණක පාසැල

  1. Wathsala Vithanage says:

    Well I think there is something wrong with Sri Lankan mechanical engineers. My brother is a one too (he will graduate in 6 moths time), when he started the course at UoM he was so keen on mechanical stuff so he did not even care about other options like CSE or ET. But now he is more interested in bionics and keen on learning electronics, programming with C and even machine learning. I feel like he is becoming a computer science/electronic guy. He even prefer to read papers published by bionics researchers with a touch of computer science (he seems to be so distant from thermodynamics, etc…)

    • kumudupinto says:

      Even Mohan Lal Grero and Sunil Mendis, both are mechanical engineers. Either mechanical engineers get more IT related subjects or mechanical engineering field is somewhat stagnated.

  2. Anewasikaya says:

    dont even mention these bloody engineers…!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s