උත්තම සාදුගෙන් බැනුම් අහගන්න ලැබීමත් වාසනාවක්

හැම අවුරුද්දක් පටන් ගන්න කොටම හැම සිංහල අවුරුද්දකටම උත්තම සාදුට වැඳලා කරලා එන එක ඒ කාලෙ හැම දායක දායිකාවක්ම වගෙ කළ දෙයක්. එක අවුරුද්දක වෙච්ච කතාවකුයි මේ.

එදත් තරුණ දායිකාවො පිරිසක් ඇවිල්ල හිටිය උත්තම සාදු බැහැ දැකල යන්න. ඒ කතාව අතරතුර උත්තම සාදුගෙන් ඒ එක් කාන්තාවකට සැර අවවාද ටිකක් ලැබුණා. ඒ අවවාද අවසානයේ “අද අවුරුද්ද වෙලත් මට ඕගොල්ලන්ට බනින්න වුණා නෙ” යැයි උත්තම සාදු පැවසුවා.

එතකොට ඒ කාන්තාවගෙ උත්තරේ වුණේ මේකයි. “ගිය අවුරුද්දෙත් මට ඔය විදියටම බොහොම සැර අවවාද ටිකක් ලැබුණා. ගිය අවුරුද්දම මට හුඟාක් සාරයි. මේ අවුරුද්දෙත් ඔබතුමාගෙන් බැනුම් අහන්න වුණේ මගෙ පූරුවෙ වාසනාවකට.

උත්තම සාදු ගැන දන්න එතුමාගෙන් උපදෙස් ලබා ගත් අය අදටත් කරදරයකදි එතුමා සිහි කළහම ඒ කරදරයෙන් මිදීමට පිහිටක් ලැබෙන බව ඉතා තදින් විශ්වාස කරනව විතරක් නෙවෙයි අත්දැකීමෙන්ම දන්නව, මාත් ඇතුළුව ම.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

10 Responses to උත්තම සාදුගෙන් බැනුම් අහගන්න ලැබීමත් වාසනාවක්

  1. Hasitha says:

    ඒ වගේ උත්තමයෙක් ඇසුරු කරන්න නොලැබීම ගැන නම් කණගාටුයි.

    ඒ වුණත් ඒ උත්තමයා ඇසුරු කරපු, ඒ උත්තමයා ගැන ඒ උත්තමයාගේ ඉගැන්වීම් කියාදෙන සත්පුරුෂයෙක් අපි අතර සිටීම ගැන සතුටුයි🙂

  2. නාමල් රාජපක්ෂ says:

    කාටද ඔය උත්තම සාදු කියන්නේ. කොහේ හිටපු කෙනෙක්ද? මොනවද එතුමගේ විශේෂ ගුනාංග

    • kumudupinto says:

      උත්තම සාදි හිටියෙ රත්තණපිටියෙ සසුන සේනාසනයෙ. දැන් එතුමා අප අතර නැහැ. ඒත් එතනින් ආභාෂය ලැබූ උතුමන් බොහෝ ගණනක් නොයෙක් ප්‍රදේශවල වැඩ වාසය කරනවා, අකුරටම විනය රකිමින් කිසිම ප්‍රසිද්ධියක් නොමැතිව. ඒ එක් උතුම් යතිවරයෙක් තමයි සෙල්ල කතරගම කිට්ටුව සේනාසනයක වාසය කරන ධීරවංශ සාදු. එතුමා මාසයකට වරක් පිටිපන කණිෂ්ඨ විද්‍යාලයට වඩින අතර එදිනට එතුමා ගැන දන්න කීප දෙනෙක් ඒ පාසැලේ සිල් සමාදන් වෙනවා. සාමාන්‍යයෙන් යම් මාසයක දෙවන සෙහසුරාදා දවස්වලයි මේ සත් ක්‍රියාව සිද්ද වෙන්නෙ.

    • kumudupinto says:

      මේ බ්ලොග් එකේ “මා දුටු බුදු දහම” නම් Category එක යටතේ වැඩි ලිපි ගණනක් එතුමා වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

  3. Anewasikaya says:

    අනුංගෙන් බැනුම් ඇසීමෙන් සතුටක් ලැබීමත් එක්තරා මානසික රෝගයක් නේද?

    සමහරු ලිංගික සතුටක් ලබනවලු (masochism) අනුන්ගෙන් කස පහර ගස්සවා ගෙන.

    masochism = opposite of Sadism

    • kumudupinto says:

      මම හිතන්නෙ ඔබට මං කියන දේ තේරුම් ගන්න අමාරුයි. හැම වචනාර්ථයකම මානසික රෝග හොයන එකත් එක්තරා විදියක මානසික රෝගයක්. උත්තම සාදු ගැන ලියැවුණු ඔක්කොම ලිපි කියවල ඉවර වෙලා තීරණයකට එන්න.

      යමෙක් ඉතා ආදරයෙන් ගෞරවයෙන් සලකන දෙයකට කෙනෙකුට පහර ගහන්න පහත් කරල කතා කරන්න උත්සාහ ගන්න එපා. ඒක කෙනෙක් වියරු වට්ටන කතාවක්. දැන ගන්න උත්තම සාදු ගැන ලියැවුණු ලිපියකට මේ විදියට ප්‍රතිචාර දැක්විම කොහොම වත් මා නොඉවසන බව. ඔබට විවේචනය කරන්න, මානසික රෝග තියෙනවද නැද්ද කියල හොයන්න මගෙ බ්ලොග් එකේ වෙන ඕනෙ තරම් ලිපි තියෙනවා. ඒ කාරණය විතරක්වත් තේරුම් ගන්න උත්සාහ කරන්න.

  4. Anewasikaya says:

    1. මා ලියා ඇත්තේ ඔය උත්තම සාදු ගැන නොවේ. ඔහුගෙන් බැනුම් අසා සතුටුවන ‘කෙනා’ ගැනයි.

    2. සිත දියුණු කර ගත්, අණුන්ටත් උපදෙස් දෙන අය වියරු වැටෙන්නේ කොහොමද? ඔබට වියරු වැටෙනවා නම්, කරුණාකර උත්තම සාදු ගේ දේශණාවක් හෝ සමරසිංහ ගේ කතාවක් මතක් කර ගන්න.
    නැත්තං මගේ කමෙන්ට්ස් අනුමත නොකර ඉන්න.

    • kumudupinto says:

      පළමු කරුණ අසභ්‍ය නොවන සෑම එකක් ම එම මතය පිළි ගත්තත් නැතත් අනුමත කිරීම මගේ සිරිතයි. දෙවන කරුණ යම් සිද්ධියක් ඇසූ පමණින් ඒ ගැන යම් යම් තීරණ ගැනීම ඒ සිද්ධියට සම්බන්ධ අයගේ මනෝ භාවයන් ගැන තීරණ ගැනීම වරදක් බවයි මා සිතන්නේ. තුන්වන කරුණ බොහෝ ලිපිවලින් මා කරන්නේ මා ඇසූ දුටු සම්බන්ධ වූ කරුණු වාර්තා කිරීමකි. මේ සිද්ධියට අදාල මුළු සිද්ධියේදීම ම එතැන සිටි නමුත් මා හට ඒ කාන්තාවට මානසික රෝගයක් තිබේ යැයි නොසිතුනේ සමහර විට මානසික රෝග ගැන මගේ නොදන්නාකම නිසා ද වෙන්නට පුළුවන. කොහොම නමුත් සසර තරණය කරන තෙක් අඩු වැඩි වශයෙන් අපි හැමෝම මානසික රෝගීන් බැවින් හිත හදා ගන්නම්.

    • Wathsala Vithanage says:

      @Anewasikaya
      Sexual pleasure is a very subjective one scattered throughout a vast spectrum which cannot be generalized. Feminist Luce Irigaray says that famous equation E=mc^2 is a “sexed equation”. Does that make any sense to you? If it does not make any sense to you then similarly masochism may not make any sense to a person observing a scenario in a different context.

      If you are so obsessed with this line of thinking (generalizing observations), then let’s think of your mother if you are a man or father if you are a woman. According to Sigmund Freud’s Oedipus complex then you should be a pervert in a way aren’t you? Would you accept that observation of Freud which he wants to impose on you based on his own observation on sexuality? Similarly masochism is a subject of those who have observed it, telling it to a person who never observed it in his context (especially in a religious context) is highly unacceptable and offensive.

      Judging others by one’s own observation is the greatest catastrophe this world has faced today. The root cause of hatred, terrorism and violence is a result of the simple act of stereotyping and generalizing things.

      • I agree with Wathsala that judging others is a catastrophe. In fact, the Buddha himself gives a series of requisites and conditions for a person who is capable of judging others and speaks firmly in the Anguththara Nikaya on not judging others in the Sutra on Migalasa (Anguththra VI, 44).

        Additionally, admonishment has been part of the Buddha’s own method of instilling discipline amongst his disciples and as the sutras so clearly state, those disciples received such censure with grace and gratefulness. Only those with ego and completely unfit for the life of an acetic would even dream of comparing such gratefulness to that base sensory phenomenon of masochism or suffer mental trauma thereof.

        As a further note, as a person who was fortunate to have been instructed by Uttama Sadhu, and having been admonished and even ridiculed by him on occasion in the presence of many, I say this, as a personal testament: “Thankful am I for those words that may have sounded harsh to the ears of another but were to me, full of compassion and full of the desire of a teacher to prevent a student from failing. Even if I, as a student, failed to read the urgency of those words extolling me to be be better than I thought I could be, I thank my devotion and subservience to my teacher at the time that I could only hear in his words a boundless karuna. Yes, truly, it was a joy to be scolded by such a one. Truly, have I benefited from his words”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s