යුගාසන දේශණ මාලාවක්

මේ සිද්ධිය වෙනකොට මම රස්සාව කර කර හිටියේ කොතනද කියන එක මට මතක නැහැ. ඒත් CIMA ආයතනයේ පරිගණක අංශයේ කළමණාකරු වෙලා හිටියෙ මගෙ ගෝලයෙක්, අරුණ කියලා. එයාගෙ ඉල්ලීමක් තිබුණා NON IT ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට පරිගණක ගැන හැඳින්වීමක් කරන පාඨමාලාවක් කරන්නය කියලා. මං කිව්වා අපි දේශකවරු දෙන්නෙකුට කරන්න දෙනවා නම් මමත් කැමතිය කියලා. අරුණත් එකඟ වුණා.

ඊස්ට් වෙස්ට් ආයතනයේ මාත් එක්ක වැඩ කළ කෙනෙක් හිටියා අර්ජුන කියලා. මගෙ හැඟීම් අදහස්වලට එයා හුඟාක් වෙලාවට එකඟයි. මම අර්ජුනට යෝජනා කළා යුගාසන දේශණයක් හැටියට මේ දේශණ මාලාව කරමුය කියා. ඔහුත් එකඟ වුණා.

ඉස්සෙල්ලාම අපි දෙන්නා එකතු වෙලා ආවරණය කළ යුතු කොටස් සඳහා PowerPoint Presentation මාලාවක් හැදුවා. ඒක හදන්න මුල් වුණේ අපි දෙන්නම හන්ද ඒවායේ තිබූ කරුණු ගැන මූලික එකඟතාවයක් තිබුණ. මේ දේශණ මාලාව ආරම්භ කරන දවසත් ළං වුණා.

එදා ඉඳන් දේශණ තිබූ හැමදාම අපි පැය කීපයකට කලින් එතනට ගියා වරු ගණනක් අපි කතා කර කර හිටියෙ බුදු දහමෙ නොයෙක් කරුණු ගැන. මේ කතාවන් කරගෙන යද්දි අපටත් නොදැනීම අපගේ අවබෝධයන් සමපාත වෙන්න පටන් ගත්තා. දේශණය ආරම්භ වීමට විනාඩි පහළොවකට විස්සකට පමණ පෙර අපි කතා කළ යුතු කරුණු ගැන ආපහු බ්ල ගත්තා. දේශණය හරියට නාට්‍යයක් වගෙ ගලාගෙන ගියා. සමහර කරුණු අර්ජුන විස්තර කරනවා. මම ප්‍රශ්ණ අහනවා. සමහර දේ වලට මං මගෙ මතය කියනවා. මේ විදිය දෙපැත්තට මාරු වෙවී දේශණය ගලාගෙන ගියා.

එකෝම එක දවසක් දේශණය අතරමඟ මට තද කැස්සක් හැදුනා. එදා එතන ඉඳන් දේශණය කරගෙන ගියේ අර්ජුන. හොයාගෙන හොයාගෙන යනකොට මා කියූ යම් දෙයකට අර්ජුන හිතෙන් එකඟ වෙලා නෑ. ඒ මොහොතේ ඉඳන් මට දේශණයට සහභාගි වෙන්න බැරි වුණා. කාරණය තේරුම් ගත් අපි ඊට පස්සෙ ඒ වාගෙ කිසිම මත ගැටුමක් හිතෙන්වත් ඇති නොකර ගන්න වග බලා ගත්තා.

එච්චර සාර්ථකව හිත් දෙකක් දෙදෙනෙක් එකතු වෙලා ඔය වගෙ දෙයක් කළා ය කියලා මං අහලා තිබුණෙ නැහැ. මේ කතාව කියන්න හිතුණෙ ඕනෑම දෙයකදි අන්‍යෝන්‍ය අවබෝධය හා ගෞරවය ඇත්නම් Synchronizing නැත්නම් Synergy යන මූල ධර්මය යටතේ ඉතා සාර්ථක ව යමක් කළ හැකි බව පෙන්වා දීමටයි.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, 11. Duality, සිංහල. Bookmark the permalink.

2 Responses to යුගාසන දේශණ මාලාවක්

  1. Dear Sir,

    That experience that I had with you was THE most important teaching experience that I have had. For me, it was the greatest honor that a student could ever have – the honor of being able to teach alongside the teacher who taught me how to teach. I remember vividly, our conversations on the Dharma and particularly that day when we disagreed about something and your coughing fit. I also remember how we rectified the problem and that amazing meshing of our minds that allowed us to do this together. In fact, in my teaching of young children over the last 10 years, when we have informal discussions such as those that we used to have at East-West with our students, I keep telling them about that teaching experience at CIMA.

    If I ever have a dream (and at my age, dreams are relatively rare things) … it is this: that I find a student whom I can teach how to teach so that I could teach with him/her.

    Eternally am I grateful to you and forever am I in your debt Sir for allowing me to have that experience. THANK YOU.

    • kumudupinto says:

      There are no debts. It was totally a collective effort and collective success. Those sweet memories are the “Karma Vipaka”. That’s all. Anyway I also have to thank you for giving me that extra-ordinary share. Up to this moment, I could not find a single person who could share me in teaching.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s