Languages වලින් Packages වලට

මම East West Computer Training Centre ආයතනයෙ ඉන්න කාලෙ මං ඉගැන්වුවෙ Packages. පැතුරුම්පත් සඳහා වන Lotus 123 වගේම සැලසුම්කරණය සඳහා එකල ත් ජනප්‍රිය ව තිබූ AutoCAD කියන Packages තමයි මං වැඩියෙන්ම ඉගැන්වුවේ. ඒ කාලෙ අර්ජුන ඉගැන්වුවේ Languages. NIBM ආයතනයෙන් පිට වූ ගමන් ඊස්ට් වෙස්ට් ආයතනයට සම්බන්ධ වූ කෙනෙක් වූ අර්ජුන Pascal ඇතුළු පරිගණක භාෂා කිහිපයක් ම දැනගෙන හිටියා. ඒ කාලෙට් මට මතක හැටියට පාවිච්චි කළ එක් Language එකක් වුණේ Turbo Pascal කියන එකයි.

ඊට අවුරුදු ගණනාවකට පස්සෙ මම කොලොන්නාවෙ Vishu ආයතනය ඇරඹුවායින් පස්සෙ අර්ජුන එතන උගන්වන්න ආවා. ඒ කාලෙ මම Visual Basic කියන පරිගණක භාෂාව ඉගැන් වූ අතර අර්ජුන Packages වලට නැඹුරු වී තිබුණා. ඒ කාලෙ ඔහුගේ අදහස වුණේ සාමාන්‍ය කෙනෙකුට පරිගණක භාෂාවක් ඉගෙන ගැනීම ඒ කාලයේ එතරම් ප්‍රයෝජනයක් නොමැති දෙයක් බව ත් එයට හේතුව ඕනෑම දෙයක් කිරීමට Packages තිබූ බවත් කියක කාරණායි.

මම මෙතනින් මතු කරන්නට හදන කාරණය මේකයි. අපි මේ ජීවිතයෙ එක් එක් කොටු හරහා ගමන් කරද්දි ඒ කොටුවල ලක්ෂණයි හිතුම් පැතුම් විදියට එළියට එන්නෙ. ඒ හන්දා හුඟාක් වෙලාවට මේ කොටු හරහා වේගයෙන් ගමන් කරන කෙනෙකුගෙ සිතුවිලි වගේම චර්යා රටාවත් ඒ වේගයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.

This entry was posted in 11. Duality, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s