ගිලෙන නැවෙන් මීයෝ ඉවත් වීම

කතාවක් තියෙනවා නැවක් ගිලෙන්න යනකොට ඒ නැවේ ඉන්න මීයෝ ඒක කලින්ම දැනගෙන නැවෙන් ඉවත් වෙනවලු. කොහාටද කියලා නම් අහන්න එපා. සාමාන්‍ය ජීවිතේදිත් ඒ කතාව එහෙමම වෙනවා.

යමෙක් ජීවිතයෙන් සමු ගන්න කාලය එනකොට, ඒක අවට අයට දැනෙන්න ගන්නවා, අපට හිතා ගන්නවත් බැරි විදියකට. තව තවත් ජීවත් වෙන්න ආසාවක් තියෙන අය අර මැරෙන්න යන කෙනාගෙන් හෙමි හෙමිහිට අයින් වෙනවා. ඒක අපට මතුපිටින් පේන්නෙ නැති තරමටම සියුම් දෙයක්.

එහෙම හිතෙන් අයින් කර ගන්න එක හොඳටෝම සිද්ද වෙන්නෙ අතිශයින් සංවේදී අයටයි. මරණය සිදු වූ අවස්ථාවෙදි වෙන්නෙ කලින් හිතට විතරක් දැනුනු දේ එතකොට කයටත් දැනෙන එකයි.

පුදුම ලෝකයක්. ජීවත් ව ඉන්නකම් ඉතාමත්ම බැඳීමෙන් ඉන්න අය යමෙක් මළ ගමන් ඒ බැඳීම හිතෙන් අයින් කර ගන්නවා. ටික දවසක් යනකොට ඒ බැඳීම හුඟාක් දුරට හිතෙන් අයින් වෙනවා. බොහෝ අය කියන්නේ එහෙම බැඳීම් අයින් වෙන එක ජීවත් වෙන්න පහසුවක් කියලයි.

එහෙම නම් අපි මේ ඇති කර ගන්න බැඳීම් අපේ අවශ්‍යතාවයන්ට අනුව ඇති කරගන්නා වූ ආත්මාර්ථකාමී හැඟීම් සමුදායයක් ද ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

4 Responses to ගිලෙන නැවෙන් මීයෝ ඉවත් වීම

  1. ilandhariya says:

    මමත් ඔක අත්විදිමින් ඉන්නේ….. නැවෙන් මියන් පැනයාම….තමන් හිසට තම අතමය සෙවනැල්ල….

  2. නැවෙන් මීයන් ඉවත් කිරීම වාගෙ එකක් මම මේ දවස්වල කරනව..ඒක හරි සංකීරනයි…

  3. Fiqri Ismail says:

    “එහෙම නම් අපි මේ ඇති කර ගන්න බැඳීම් අපේ අවශ්‍යතාවයන්ට අනුව ඇති කරගන්නා වූ ආත්මාර්ථකාමී හැඟීම් සමුදායයක් ද ?”

    අනිවාර්‍යයෙන්ම, මම මගේ කරගන්න හදපු උත්සහයක ප්‍රතිඵලයක් තමයි “බැඳීම්” කියන්නෙ. හොඳට අහං ඉන්න මළගේක අඞන කොට කියන දේවල්

    “ඇයි මට මෙහෙම කලේ… ඇයි මාව දාල ගියේ.. දැං මාව බලාගන්නෙ කවුද… මම කොහමද මේක දරාගන්නෙ… ” – හැමදෙනාම අඞන්නේ තමන්ට වෙච්ච පාඩුව කිය කිය මිසක් අනිකා මැරුණ නිසා නෙමෙයි🙂

  4. අමිල says:

    ඔබේ අදහස් අතරේ සැරිසරමින් සිටියදී මේ ලිපිය හමුඋනා. ඔබ මේ කී දෙය කෙතරම් ප්‍රායෝගිකද කියල දැන් ​දැන් තේරෙනවා.
    හෙට ඔබ දකින්නට එනවා. එත් ඔබතුමා මාව දකින එකක් නෑ.
    නිවන්සුව!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s