පන්න භාරං – බහා තැබූ බර ඇති

ශාසනයට ඇතුළු වී නිවන් අවබෝධ කරගත් තැනැත්තෙකු හඳුන්වන පර්යාය පදයක් තමයි “පන්න භාරං” කියන්නෙ. මේකෙන් කියවෙන්නෙ බහා තැබූ බර ඇති කියන එකයි.

අප කොච්චර නම් බරක් හිසින් දරාගෙන ද ජීවත් වෙන්නෙ. එක පැත්තකින් රැකියාව. ඒකෙ තියෙන දහසක් රාජකාරි. විශේෂයෙන් අධ්‍යාපනයට සම්බන්ධ වෙලා ඉන්නව කියන්නෙ තව ශිෂ්‍යයන් සිය ගණනකගෙ අනාගතත් අපි හිස මත දරාගෙන ඉන්නෙ. ඊට අමතරව පෞද්ගලික ජීවිතයේ දහසකුත් එකක් වගකීම්. මේ ඔක්කෝම දේවල් ඇත්තටම අපට දෙන්නෙ අමතර බරක්.

පුදුමෙ තියෙන්නෙ ඒවා කොච්චර බර වුණත් අපට දෙන්නෙ මොනතරම් ලොකු දුක් කරදර වුණත් අපි ඒවා විඳින්නෙ අනාගත මොකක්දෝ හීනයක් හැබෑ කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒ හන්ද අපි අර ඔක්කෝම කරදර අපි විඳිය යුතු ඒවා කියල හිතෙන් සාධාරණීකරණය කර ගන්නවා.

මේ හැම බරක් ම බිමින් තියපු කෙනෙක් විඳින සුවය අපි දකින්නෙ වචනවලින් විතරයි. ඒ හන්ද අපට මේ “පන්න භාරං” එහෙමත් නැත්නම් “සියළු බර බිම තැබූ” කියන පදයන්හි අරුත හැබෑටම තේරෙයි ද ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

2 Responses to පන්න භාරං – බහා තැබූ බර ඇති

  1. අපිට දැන් නම් දැනෙන්නෙ බර නැති ඉඩම කොයි තරම් පාලුද කියල..ඒ මම තාම පෘතග්ජන නිසා වෙන්න ඇති…..

  2. අමිල says:

    මේ කියන දේ නේද සත්‍ය..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s