අත්දැකීම්

මම මීට කලින් ලිපියක මතක් කළා මට සතියක් එක දිගට බඩ යන්න අරගෙන ඒකෙ ප්‍රතිඵලයක් හැටියට මාස ගණනක් අතපය හොලවන්න බැරුව ඇඳට වෙලා හිටිය කියල. ඒ වැඩෙන් හුඟාක් ලොකු අත්දැකීම් සමුදායක් මං ලබා ගත්ත.

එකක් අදටත් මං දන්න යමෙකුට නොනවතින බඩේ අමාරුවක් හැදුන කියල ආරංචි වුණොත් මං දෙන අවවාදය බලා නොඉඳ බෙහෙතක් ගන්න කියන එකයි. අනෙක ඇවිදගන්න බැරුව අතපය හොලවගන්න බැරුව ඇඳට වෙලා ඉන්න ලෙඩ්ඩු දිහා මං බලන විදිය. ඒ කාලෙ මං එක දිගට රෝහල්ගත වෙලා ඉන්න කොට දැනුන ලෙඩ්ඩු බලන්න දෙන වෙලාව වෙනකම් මං දොර දිහා බලාගෙන හිටි හැටි. මේවා අදටත් මං මතක් කරගන්න දේවල්.

බලාගෙන යනකොට අවුරුද්දක් විතර ඇඳටම වෙලා ඉන්න වුණු එකෙන් ලොකු යහපතක් තමයි මට වෙලා තියෙන්නෙ. දැන් දැන් මට හිතෙනව මේ වගෙ දරා ගන්න බැරි දුක් වේදනාවලින් සැප සම්පත්වලට වඩා ලොකු සේවයක් වෙනව ය කියන එක. එකඟ වෙනවද මාත් එක්ක ?

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

4 Responses to අත්දැකීම්

  1. ජීවිතේ සැප කියන්නෙත් එක්තරා දුරකට දුකක්……

    • නෑ නෑ ඒකේ අනික් පැත්ත. ජීවිතයේ දුක කියන්නේ එක්තරා විදිහක සැපක්

  2. අමිල says:

    ඔබතුමා හිතනවද ඔය සිදුවුන දේවල් නොවෙන්නට ඔබතුමාගෙන් මේවගේ සේවයක් සිදුවෙයි කියලා. ඔබතුමාට උන දේවලින් තමයි සමාජය, මිනිසුන් දිහා බලා දෘෂ්ඨිය වෙනස් ​උනේ කියල මට හිතෙනවා. එහෙමයි කියලා හැමදේම හොදට සිද්ධවෙනවා කියන ධනාත්මක පැත්තට යනවට මම කැමති නැහැ. නමුත් බුදුන් වහන්සේ අගය කල උපේකෂාව කියන ගුණය හුගාක් දුරට වර්ධනය කරගන්ට එහෙම අයට පුලුවන් නේද කියල හිතෙනවා..

  3. ලසන්ත says:

    මම හිතන්නෙ මෙ ලොකෙ සිදුවන නොයෙක්දෙ සිද්දවෙන්නෙ අපිට දුක් වෙන්නවත් සතුටු වෙන්නවත් නෙවෙයි. ඒ වෙනස්වීම කවදාවත් නොවෙනස්වන ධර්මතාවයක් නිසා.

    කොහොම උනත් අපට වින්දින්නට ලැබෙන මොනයම්හෝ අද්දැකීමක් තමන් අත තිබෙන ධනයක් ලෙස සලකා අවස්තාවක් ලද කල ආයෝජනය කිරීමයි අපි කරන්න ඔනෙ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s