අපස්මාරය

මට පුංචි කාලෙදි අපස්මාරය නැත්නම් මීමැස්මොරය කියන ලෙඩේ හැදුනා. ඒක හැදුනහම තමන් දන්නෙම නැතුව තමන්ට සිහිය නැති වෙනවා. නා නා ප්‍රකාර බෙහෙත් අරන් අන්තිමට බෞද්ධාලෝක මාවතේ බෞද්ධ සම්මේලන ගොඩනැඟිල්ලට ඒ කාලෙ ඇවිත් නොමිලේ බෙහෙත් කළ දොස්තර මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තට පස්සෙයි ඒ ලෙඩේ පාලනය වුණේ.

ඒ කාලෙ හිත යම් හෙයකින් දරා ගන්න බැරි දුකකට පත් වුණොත් මේ ලෙඩේ හැදෙනවා. අර දොස්තර මහත්තය “ෆිනොබාබිටෝන්” කියල බෙහෙත් පෙත්තකුයි ලියල දුන්නෙ. ඒ පෙත්තක් හැමදාම උදේට හවසට ගන්න ඕනෙ. එතකොට ලෙඩේ පාලනය වෙනවා. ඇත්තටම ලෙඩේ පාලනය වෙනවා කියන්නෙ ස්නායු පද්ධතිය අඩපණ වෙනවා කියන එකයි. එතකොට ඉතා දැඩි ආවේග එන්නෙ නෑ.

පස්සෙ වයසින් මුහුකුරා යන්කොට ඒ කියන්නෙ ඒ වාගෙ ආවේගවලට මුහුණ දෙන්න කය ශක්තිමත් වෙනකොට ලෙඩේ ඉවත් වෙලා යයි කියලයි දොස්තරවරු කියල තිබුණෙ. ඒ එක්කම මම සුමනදාස සමරසිංහ මහත්තය අඳුන ගත්ත කාලෙ ඒ බෙහෙත් පෙති ගන්න එක නැවත්තුවා. ඒ වැඩේ දෙමාපියො දැන ගත්තෙත් හුඟ කාලයකට පස්සෙයි..

මම කියන්න යන්නෙ ඒක නෙවෙයි. මම සාමාන්‍ය පෙළ සමත් වෙලා ඒ ප්‍රතිපල දොස්තර මහත්තයට කියද්දි ඒ මහත්තයගෙ ඇහැට කඳුළක් ආවා. එදා මම දැන ගත්තා රෝගය ගැන යාන්තමට.

මේ රෝගය ඇති සිසුවෙක් කාලයකට ඉස්සර ඒ කාලෙ මං වැඩ කළ ආයතනයට ආවා පරිගණක පාඨමාලාවක් කරන්න. මොකක්දෝ දෙයකට කේන්ති ගිහිල්ල ඔහු අපේ ආයතනයෙ නිලධාරියෙකුට ගහන්න ගිආ. ඒ කාලෙ හිටි හැමෝම වාගෙ කිවෙ මොහු ආපහු ආයතනයට වැද්ද ගන්න එපා කියලයි. ඒත් මම දැන ගත්තා මොහුගේ රෝගී තත්ත්වය. මම අනෙක් අයට කිව්වෙ ඒ තීරණය මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ල අපේ ඉස්කෝලෙ ගත්තා නම් අද මං ඉන්නෙ වෙන තැනක බවයි.

මං වගකීම ගත්තා ඔහු ගැන. මං ඔහුට කතාකළා. මං සමාජය ගැන දරන මත බොහොමයක් ඔහුත් සමාජය ගැන දරන බවක් මට තේරුණා. මා ඔහු ගේ හිතට කිට්ටු වුණා. ඔහුට තේරුම් කර දුන්නා ඔහු ඒ පාඨමාලාව හොඳින් නිම කළ යුතු බව. ඒ වගේම ඔහු කාටවත් කිසි කරදරයක් නොකර ඒ පාඨමාලාව නිම කළා.

ඒ කාලෙ මාත් එක්ක හිටි අය යි නැදෑයොයි මගෙ ඉස්කෝලෙ පන්තියෙ යාළුවොයි හැර මේ ගැන වැඩිය කිසි කෙනෙක් දැනගෙන හිටියෙ නෑ. මේ ලිපිය කියවන හුඟ දෙනෙක් වුණත් මේ සිද්ධිය ගැන දැන ගන්නවා ඇත්තෙ අදයි. මගෙ දෙමාපියො ගුරුවරු නෑදෑයො යාලු මිත්‍රයො මේ ගැන කාරුණිකව බැලුවෙ නැත්නම් අද මං ඉන්න තැනක්වත් හොයා ගන්න බෑ.

මගෙ ඉල්ලීම මේකයි. හුඟාක් ආවේගවලට මුහුණ දෙන්න අමාරු අය අප අතර ඉන්නවා. ඒ අයට ඒ ආවේග නොදෙන්නට වග බලා ගන්න අපට පුළුවන් වුණොත් ඒ අය ජීවිතේ තමන්ට අවශ්‍ය දුර ගමන් කරයි. උදව් කරන්න අමාරු නම් අඩු ගණනෙ බාධා නොකර ඉන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් වේවි. ඒ වගේම මේ රෝග තත්ත්වයෙන් වෙන මුකුත් කියවෙන්නෙ නෑ. ආන්න ඒ කාරණය අපට හොඳින් තේරුම් ගන්න පුළුවන් නම් සීමිත පිරිසකට ඒක ලොකු හයියක් වේවි.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

4 Responses to අපස්මාරය

  1. අමිල says:

    කන්න කන්න ආසයි කියල වෙළද දැන්වීමක් යනවා මට මතකයි.. මේක කියවන්න කියවන්න ආසයි.. ජීවිතේ කැඩපතකින් දකිනවා වාගේ නිසා.

  2. අමිල says:

    -මගෙ දෙමාපියො ගුරුවරු නෑදෑයො යාලු මිත්‍රයො මේ ගැන කාරුණිකව බැලුවෙ නැත්නම් අද මං ඉන්න තැනක්වත් හොයා ගන්න බෑ.-
    මටත් මගේ ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. මොකද මේ වගේ දෙයකින් මාත් දුක්විදපු නිසා..

  3. saman says:

    මම නම් තාමත් මේ තත්වෙන් දුක් වි්‍රදිනවා එත් පවුලේ අය ඇරෙන්න කවුරැත් දන්නෙ නෑ ඒ ගැන දන්න මගෙ ල්‍රගින ඉන්න අය වුනත් මට දෙන්නෙ දුක විතරයි

  4. අමිල says:

    එහෙම හිතන්න එපා. උත්සාහ කරන්න තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න. අනෙත් අය අපේ විදියට හදන්න බෑනේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s