චිත්තානුපස්සනාව, “වානරයා” හා අපි

චිත්තානුපස්සනාවෙ කියල තියෙන හැටියට අපට එන මොකක් හෝ සිතක් කුමන ගණයකට වර්ගයකට අයත් දැයි කියා සිහියෙන් සිටීම අප විසින් කරන්න ඕනෙ වැඩක්. ඒ කියන්නෙ අපි අප දිහාම බලාගෙන ඉන්න වෙනව. සතිපට්ථානයෙ සමහර කොටස් හැම තිස්සෙම මොකක් හරි හිතන කොට කියන කොට කරන කොට වඩන්න පුළුවන් වැඩිය යුතු දේවල් නෙ. මේකත් එහෙමයි කියල සැලකුවොතපට එක එක බහුබූත හිතෙන හැම වෙලේම ඒවා දිහා බලා ඉන්න වෙනව. තමාට තමා පිටස්තරයෙක් වෙලා.

සයිමන් නවගත්තේගම ලියූ පරිවර්තනයක් “වානරයා” කියන්නෙ. මට මතක හැටියට මේක සුප්‍රසිද්ධ චීන කතාවක පරිවර්තනයක්. ඒකෙ හැටියට සංසාරයෙ ගමන් කරන වානරයෙක් ඉන්නවා. ඌ එක් එක් දිශාවල ගමන් කරන කොට සිද්ද වූ සිද්ධීන් මාලාවකුයි මේ පොතේ තියෙන්නෙ. ඒ හැම සිද්ධියකදිම මට මතක හැටියට වානරයා හැඟීම් ගන්නෙ නෑ. එයා තමන්ට සිද්ද වෙන සිද්ධීන් නරඹන කෙනෙක් හැටියට උපේක්ෂාවෙන් ඒවා දිහා බලා ඉන්නවා.

අපි පිරිමි වුණත් ගෑණු වුණත් අඩු වැඩි මොන වයසක කෙනෙක් වුණත් මනා සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වුණත් රෝගී කෙනෙක් වුණත් අපි හැමෝටම අඬා වැලපෙන්න ඕනෙ කෑ ගගහ අඬන්න ඕනෙ සිද්ධීන් සිද්ද වෙනව. ඒවට මුහුණ දෙනකොට අපට දරා ගන්න බැරි දුකක් වේදනාවක් වගේම ආත්මානුකම්පාවකුත් ඇති වෙනව. ඉ වේදනාවෙන් එළියට ආවහම අපට සාධාරණීකරණය වෙනව අපි අඬා වැලපුන කෑමොර දිදී වැලපුන දේ ගැන.

චිත්තානුපස්සනාවෙ හැටියට අපටත් පුළුවන් නම් පිටස්තරයෙක් වගේ ඒ හැඟීම් දිහා බලාගෙන ඉන්න. හරියට අපි නොදන්න පිට කෙනෙකුට වු සිද්ධියක් වාගෙ. හරියට රූපවාහිනියෙ යන ටෙලි නාට්‍යයක් දිහා බලාගෙන ඉන්නව වාගෙ. හරියට අපව පහු කරගෙන ඇදී යන මිණී පෙරහැරක් දිහා බලාගෙන ඉන්නව වාගෙ. ඒ මිණිය අපි කොහොමවත් දන්නෙ නැති කෙනෙකුගෙ නම් අපි අඬන්න යන්නෙ නෑ. ඒ වෙනුවට අපි හැරි හැරී බලනව අඳුනන කෙනෙක් එහෙම ඉන්නවද කියල. එහෙම නොහිටියොත් ඒ තවත් සිද්ධියක් විතරයි.

හැබැයි අපට දුක් ආවේගයක් ඇවිල්ල තියෙන මොහොතක අපට මේක තේරෙනෙ නෑ. අනේ ඒ වෙලාවලදිත් අපට මේවා තේරෙනවා නම් ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

4 Responses to චිත්තානුපස්සනාව, “වානරයා” හා අපි

  1. Apurva says:

    මට මතක හැටියට ‘වානරයා’ පරිවර්තනය කලේ ඒ. පී. ගුනරත්න මහත්මයා

    • kumudupinto says:

      පසු කාලයක නවගත්තේගම මහත්තයත් පරිවර්තනයක් කළා.

  2. Hasitha says:

    බුද්ධ ධර්මය අරන් එන්න චීනේ ඉදන් ඉන්දියාවට වැඩිය ත්‍රිපිටක භික්ෂුවගේ කතාවේ නේද ඔය වානර රජ්ජුරුවෝ ඉන්නේ ?

    • kumudupinto says:

      වානරයා කතාවෙ නම් එහෙම එකක් නෑ වගෙයි මතක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s