ඕනෑම වචන 10ක් අනු පිළිවෙලින් මතක තබා ගත් අපූරු පුද්ගලයා

අපි උසස් පෙළ කරපු අවුරුද්දෙම රාජකීය විද්‍යලයෙන් උසස් පෙළ කරලා ඒ හතරක් අරගෙන මොරටුවට ආවා ඉංජිනේරු උපාධිය කරන්න හොඳ ඔළුවක් වීරක්කොඩි කියලා. එයා ඒ කාලෙ ඉඳන්ම භෞතික විද්‍යාව ටියුෂන් දුන්නා. ඒ පන්තියට ගිය සිසුවෙක් කියූ කතාවක් මේ.

මනුස්සයා ක්ලාස් එකේ උගන්වන ගමන් ඉස්සරහ ඉන්න ලමයෙක්ට කොළයක් දීලා කියනවලු 1 සිට 10 දක්වා අංක ලියල ඒ අංක ඉදිරියෙන් කැමති වචන 10ක් ලියන්න කියල. මනුස්සය ඒ කොලේ දිහා විනාඩි කිහිපයක් බලා ඉඳලා කොළේ ආපහු දෙනවලු. ඊට පස්සෙ ඒ කොළේ තිබූ යම් වචනයක් සිසුවා කිව්වොත් ඒ වචනය කී වෙනියටද හියෙන්නේ කියන එකත් අදාල අංකය කියූ විට ඒ අංකයට අදාල වචනයත් කියනවලු.

මේ හැකියාවට පදනම් වුණේ Chain Rule කියන න්‍යායයයි. අමාරුවෙන් මතක තබා ගත යුතු යම් දෙයක් කැමති දෙයක් හා ගැට ගැසීම මෙහි පදනමයි. ඔහු වචන 10 දෙස බලාගෙන ඒ වචන හා අංක මතක තබා ගත හැකි යම් දෙයක් හා ගැට ගසයි. ඉන්පසු ඒ ගැටය ලිහීම ද ඔහු ම කරයි. මේ හැකියාව එසේ විස්තර කළ හැකියි.

මෙය අමුතු අපූරු දෙයක් ලෙස පෙනුනත් ඔබ හැමෝම ගුරුවරු දුන් යම් විකාරරූපි දෙයක් හා මතක තබා ගත යුතු නීරස දෙයක් හා කොපමණ වාර ගණනක් ගැට ගසා ඇත්ද ? පහත දැක්වෙන්නේ ඒවායින් කිහිපයක්.

ලවය ද හරය ද උඩ කියල මතක තියා ගන්නෙ ළමයා උඩ හරකා නෙවෙයි, හරකා උඩයි ළමයා ඉන්නෙ කියල. සුළු කිරීමේ අනු පිළිවෙල මතක තබා ගන්නේ වන්බෙවැදරි කියල.

ආවර්තිතා චක්‍රය “හා හී ලියන්න බැරි බව කියන්න නැත්නම් ඔළුව ෆලයි නේ නංගි මගේ අළුත් සිල්ක් පරණ ෂර්ට් කොලර් එක” යනාදී වශයෙන් මතක තබා ගත්තා ත් ඔබට මතක ඇති. ඒ වගේම සක්‍රියතා ශ්‍රේණිය මතක තබා ගන්නට පහත කවිය මතක තබා ගත් අයත් මේ ලිපිය කියවන අය අතර ඇති.

පොත්ත බේරුණු කැහැටු සෝමට මැගී ඇලිසා මැංචි තුන්දෙන
කොට්ට යකඩෙන් කැඩුණු නිකටට ගසාලා ටිකකින් ලෙඩක් දෙන
හද්ද කොළඹට ආස ඇති ඇන්ටිගේ බිනරිට රසයෙ-රස දෙන
රිද්දවාලා පැන්නලූ රත්තරන් මුද්දත් රැගෙන නන්දන

හැබැයි මේ හැම උදාහරණයකදී ම අපට අදාල ක්‍රමය දුන්නෙ ගුරුවරයා විසිනුයි. නමුත් මේ ක්‍රමයෙදි මතක තබා ගත යුතු දේ ගැට ගැසිය යුත්තේ කුමකටද යන්න හොයා ගත යුත්තෙ අප විසින් මයි. මතක් කළහම් හිනා යන විකාරරූපී දෙයකුයි මෙහෙම ගැට ගහන්න වඩාත් ම සුදුසු වෙන්නෙ.

අපේ ආයතනයෙ කළමණාකාර අධ්‍යක්ෂක මහත්තයත් සාමාන්‍යාධිකාරී මහත්තයත් Mind Maps පාවිච්cඉ කළාට මම වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ මේ Chain Rule එකයි. ඒ එක්කම මම Mind Maps ගැන වැඩිය දන්නෙත් නෑ. දන්න කෙනෙක් ඒ ගැන ලියාවි යැයි බලාපොරොත්තු වෙනවා.

ඉදිරි ලිපිවලදී මම මේ ක්‍රමය භාවිතා කළ අවස්ථා මතක් වෙන වෙන විදියට කියන්නම්.

This entry was posted in 05. කෙටි ක්‍රම, සිංහල. Bookmark the permalink.

10 Responses to ඕනෑම වචන 10ක් අනු පිළිවෙලින් මතක තබා ගත් අපූරු පුද්ගලයා

  1. Taboo Subjects says:

    /කොට්ට යකඩෙන් කැඩුණු නිකටට ගසාලා ටිකකින් ලෙඩක් දෙන/

    ‘තිත්ත යකඩෙන්’ වශයෙන් නිවැරදි විය යුතු බවයි මගේ මතකය.

    තිත්ත = ටින්

  2. Sadeepa says:

    Dear Sir ,

    Interesting post. Mind maps use the ability of the brain to remember anything visually. My favorite is this and i have tried chain rule – it does not work perfectly for me. Free mind is my favorite mind mapping tool.

  3. Taboo Subjects says:

    සමාවන්න. මා වැරදියි. නමුත් මේ කවියම අනුපිළිවෙළ වැරදියි. (උදා: Na තිබිය යුතු Ca ට කලින්. මේක අපි ඔක්කොම දන්නවානෙ. නමුත් ගිරවුන් වගේ මේ කවියම භාවිතා කරනවා.)

    Fe, Co හා Ni නැවත අනුපිළිවෙළ වැරදියි. බලන්න.
    http://en.wikipedia.org/wiki/Activity_series_of_metals

    – Taboo

    • kumudupinto says:

      මම රසායන විද්‍යාව පරතෙරට දන්න කෙනෙක් නෙවෙයි. මතක හැටියටයි කවිය ලිව්වේ. කවියේ අනුපිළිවෙලෙහි යම් වරදක් ඇත්නම් අපි කවිය වෙනස් කරමු නිවැරදි අනු පිළිවෙල ලැබෙන හැටියට.

  4. Priyantha Perera says:

    aawarthithaa waguwa

    hawasa heethalen liyagomu bohoma bothama kaahalai
    nawaka okadha pulina nimala soaka maedhunu aelmakuyi
    ……………………………
    ……………………………….

    anek padha peali 2 dhanna kenek innawanam liyanna

  5. “හායි හීල් ලිට්ල් බෙනී බෝයි කනකොට නටනකොට ඔයාගේ ෆෝටෝ නියමයි”
    ඔය තියෙන්නේ මට මතක හැටියට අවර්තිතා වගුවේ මුල් පේළිය.

    “පොට්ට සොමේගේ කැහටු මැගියා අල්ලු සිංගේ යකඩ කොබියා ම’කරි සිල්වා ප්ලැටිනම් අයියා”
    මේ තියෙන්නේ මම සක්‍රීයතා ශ්‍රේණිය මතක තියාගත්ත විදිය!

    හොඳ ලිපියක්. Chain Rule ගැන තව විස්තර දැනගන්න ආසයි. මයින්ඩ් මැප්ස් වලින් කරන්නේ මොනාද?

  6. කවිය සහ නම් මත තබා ගැනීම මට මාර සමීකරණයක්..මම මතක තියාගන්නෙ අමුවෙන්මයි..උදාහරණ 1 වෙනි කාන්ඩයේ මූලද්‍රව්‍ය sodium pottaciyum rubidium cicium francium….

  7. Mohamed Azmil says:

    Pinto Sir, me tika kohamada?

    Hane Hili, Ba’B’ge Camare Nightiya Othagena Flora Nidi, Nangi Mage Alla Si Pa Sanasan Kelle Aadaren, Kotta Caley

    Bem Casbara
    Bakamoonu Alisage Gedara Indiaanu Television
    Cabal Silvage Gedara Tin Leda
    Napuru Preme Ashawa simba biyen
    Ossetipo
    Hena action (HeNe ArXeRn) – My favourite

    d-gonuwa,

    pocastine, vane chromi man, feco nico zink
    Yanna Zir Nai Mongal, tech rooroh pada silva kaduwa

    Mata aavarthitha waguwa nam mathaka naha, eth me tika nam mathakai

  8. Mohamed Azmil says:

    Pinto Sir, couple of years ago, I was reading a book called, ‘Using both sides of your Brain’ by ‘Tony Buzan’. It speaks of lots of these kinds of stuff.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s