නම් මතක තියා ගන්න උපක්‍රමයක්

විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාව කරන කොට අවශ්‍ය වෙන දෙයක් තමයි නම් මතක තබා ගැනීම. අඩු ගණනෙ සිසුන් පාඨමාලාව අවසන් කරන තෙක්වත් අපි ඒගොල්ලන්ගෙ නම් මතක තියා ගන්න ඕනෙ. මේ කියන්න යන්නෙ දැනට මං ඒ සඳහා දැනට මං පාවිච්චි කරන උපක්‍රමයයි.

ඉස්සෙල්ලාම මං මේ ක්‍රමය පාවිච්චි කරන්න පටන් ගත්තෙ කැම්පස් එකේ රැග් සීසන් එකේදි යි. එක් වතාවක් ඊළඟ අවුරුද්දෙ කෙනෙක්ගෙන් නම ඇහැව්වම ඔහු කිව්වෙ නාමල් කියල. මේ නම හුඟාක් බහුලව පාවිච්චි වෙන හන්ද මං විදියක් හෙව්ව නම මතක තියා ගන්න. අන්තිමට මං ඔජුට කිව්වෙ “තෝ අද ඉඳන් නාමල් නෙවෙයි මූනමල්” කියල. ඇග් සීසන් එකෙන් පස්සෙ ඔහුව දැක්ක ගමන් මූනමල් කතාව මතක් වෙනවා. ඊට පස්සෙ ඒ එක්ක ඇඳුනු නාමල් කියන නම මතක් වෙනවා. මේ එක් උදාහරණයක්.

ඊළඟ ඇග් සීසන් එකේ තවත් අවස්ථාවක කෙනෙක් කියා හිටියෙ ඔහුගෙ නම කෝලිත වීරසේකර කියලයි. මම ඔහුට කිව්ව නම අග ඉඳන් මුලට කියන්න කියල. ඔහු කීවා රකසේරවි තලිකෝ කියල. එදා ඉඳන් මට මනුස්සයව මුණ ගැහුණු ගමන් දෙන්නටම හිනා යනව සිද්ධිය මතක් වෙලා.

මම බීටා ආයතනයෙ උගන්වද්දි මගෙන් ඉගෙන ගත්තු ළම්යෙක් මේ ළඟදි මට මුණ ගැහුණා. මං මනුස්සයට කිව්වා නම නම් මතක නැහැ කියලා. මනුස්සය කිව්වෙ “ඇයි සර් මතක නැද්ද මං අරක්කු ?” කියලා. මනුස්සයගෙ නම මාලික. මම මේ නම දෙකට කැඩුවා. පළමු කොටස වන “මා” කියන එකේ තේරුම “මං” කියන එකයි. දෙවෙනි කොටස වන “ලිකර්” කියන්නෙ අරක්කු වගේ දේවල්. මං ඉතින් මිනිහට නම තිබ්බා “මං අරක්කු” කියලා. මේ තවත් අවස්ථාවක්.

මිට බොහෝ කාලයකට පෙර ජැක්සන් ඇන්තනි මහත්මයා එක්තරා සති අන්ත පුවත්පතකට තීරු ලිපි පෙළක් ලිව්වා “පනාපුත්‍ර කුහුඹුපැනියා” යන නමින්. ඔහුගේ නමේ පළමු වචනය දෙකට කැඩූ විට ජැක් හා සන් යන පද දෙක ලැබෙනවා. ජැක් යනු කොස් හෙවත් පනා වන අතර සන් යනු පුත්‍රයා යි. ඒ නිසා මුල් කොටස පනාපුත්‍ර වූවා. දෙවෙනි වචනය වන ඇන්තනි ඔහු කඩා තිබුණේ ඈන්ට් හා හනී යනුවෙනුයි. ඒ නිසා ඒ කොටස කුහුණුපැනියා වුණා. මේ තව උදාහරණයක්.

ඒ කියන්නෙ මතක තබා ගන්න අවශ්‍ය දේ තවත් විකාරරූපී දෙයකට ගැට ගහන්න. මේක කරන්න ඕනෙ ඉස්සෙල්ලාම සිහියට එන විකාරරූපී දේටයි. මේ දේ එතකොට ජීවිත කාලයටම මතක තබා ගන්න පුළුවන්.

හැබැයි තමන් විකාරකාරයෙක් නෙවෙය් නම් තමන්ගෙ හිත බොහෝම Dull තැන්පත් හිතක් නම් මේ වැඩේ කෙරෙන එකක් නෑ. ඒ මොකද මතක තබා ගත යුතු දේ සඳහා කිසිම විකාරෲපී දෙයක් හිතට නො එන්න ඉඩ ඇති නිසා ! !

This entry was posted in 05. කෙටි ක්‍රම, සිංහල. Bookmark the permalink.

6 Responses to නම් මතක තියා ගන්න උපක්‍රමයක්

  1. anewasika says:

    කුමුදු කීව්වහම මට මතක් වෙන්නෙ මලක්, ඊලඟට මුවන ්පැලැස්සෙ හිටපු මල්හාමිව. පින්තො කීවම මට මතක් වෙනව පිනා – ඒත් මුවන් පැලැස්සෙ චරිතයක්.

    හොඳයි මං ඔයාව ලොයිඩ් වාකිෂ්ඨ කියල මතක තියාගන්නං කෝ!

    • kumudupinto says:

      නමෙන් දකින කෙනයි ලියන දේවලින් දකින කෙනයි ඇත්ත කෙනයි කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද ?

  2. අර වගේ විකාරරූපී දෙයක් හිතට ආවේ නැත්තන් ඒ දේ මතක තියා ගන්නේ කොහොමද?

  3. Naya says:

    නියම නම් ටිකක්නෙ…

  4. tharindu says:

    ඉස්සර A/L කරන කාලෙ අමාරුම විෂය වුණු කෙමිස්ට්‍රිය B එකක් එක්ක ගොඩයන්න ඔය වගේ ක්‍රම ගොඩක් හේතුවුණා. ඕක කියවනකොට තමයි ඒකත් මතක් වුණේ…

  5. Hasitha says:

    නියම ක්‍රමය. ස්තුතියි අපිටත් කිව්වාට🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s