“උම්බෑ කිය කියා – මරණ බයේ”

මේ ත් දහම් පාසලේ ත‍යාග ප්‍රදානෝත්සවයකට මා කළ නාට්‍යයක්. මේ කාල‍යේ මට දෙවෙනි වතාවට උත්තම සාදු මුණ ගැහිලා. එතුමා ඇතුළු ඒ සෙනසුනේ සාදූන් වහන්සේලා පිරිසකට දවල් දානය බාරගෙන තිබුණේ මගේ මිතුරකුගේ අක්කා. ඒ අයත් එක්ක සෙනසුනට යන්න මටත් අවස්ථාව ලැබුණා. එතනදි මට අහන්නට ලැබුණු කතාවයි මේ නාට්‍යයට පදනම් වුණේ.

එක්තරා මහළු මිනිසකු එළදෙනක් ඇති කළා. මේ මනුස්සයා එළදෙනට බොහෝම ආදරෙයි. මේ මනුස්සයා මැරිල ඉපදුනේ අර එළදෙනගෙ වස්සෙක් වෙලා. කවුද මේ වස්සා අර මැරුණු මනුස්සයා.

එක් අවුරුද්දක මේ අම්මටයි පුතාටයි අර මැරුණු පියා සිහි කරල දානයක් දෙන්න ඕනෙ වුණා. අතේ සල්ලි කීයක් හරි නැති හන්ද අර එළදෙනවයි පැටිය වයි මස් කඩේට විකා. කාගෙ දානෙ දෙන්න ද ඒ වැඩේ කළේ. තමන්ගෙ තාත්තගෙ දානෙ දෙන්න. කාවද මස් කඩේට වික්කෙ. ඒත් කලින් ආත්මෙ තමන්ගෙ තාත්ත.

හාමුදුරුවන්ටත් මස් පොඩ්ඩක් තිබුණොත් හොඳයි කියල කඩෙන් මස් ටිකක් ගෙනාව. ඒ කලින් දා තමන් වික්ක පැටියගෙ මස්. අම්ම මේ මස් ටික රහට ඉව්ව. මොනවටද තමන්ගෙ මැරුණු ස්වාමිපුරුෂය සිහි කරල දානෙ පොඩ්ඩක් දෙන්න. කාගෙ මස් ද මේ උයන්නෙ. කලින් ආත්මෙ තමන්ගෙ ස්වාමියගෙ මස්.

දානෙට හාමුදුරුවො වැඩියා. මස් එක්ක දානෙ එහෙම වළඳළා මළගිය මනුස්සයට පින් අනුමෝදන් කළා. කාගෙ මස් වළඳළාද ඒ මනුස්සයම මැරිල ඉපදිච්ච වස්සගෙ මස් වළඳළා.

දානෙ අන්තිමේදි අම්මයි පුතයි ත් රහ කර කර අර මස් ටික හරි හරියට කෑවා. මේකයි කතාව. මම මේ කතාව ඊට පස්සෙ තවත් හිමි නම්ක් විස්තර කරනවා අහගෙන ඉඳළ තියෙනවා.

මේ නාට්‍යයෙ පසුබිම් ගීතය වුණේ හතර මහා නිධානය චිත්‍රපටයෙද කොහෙද තියෙන මිල්ටන් පෙරේරා මහත්මය ගායනා කරන “උම්බෑ කිය කියා -මරණ බයේ ” කියන ගීතය. මේ නාට්‍යයෙ පොතේ ගුරාගෙ චරිතය රඟා පන්න වුණේ මට.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s