කැස්බෑව පැත්තෙ ඉස්කෝලෙකට ගිය කතාව

අපේ ආයතනයෙ සභාපතිතුමා සිංහ සමාජයට සම්බන්ධයි. එතුමා සංවිධානය කළා කැස්බෑව කිට්ටුව ඇති පාසල්වලට ගිහිල්ලා වැඩ මුළු කිහිපයක් පවත්වන්න. ඒ එකකට මටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. කලින්ම මේ වැඩමුළුව ගැන දැනගෙන හිටි හන්දා මං ඒකට සූදානම් වුණා. අංක ලියූ කාඩ්පත් දහයක් පමණ සූදානම් කර ගත්තා වැඩමුළුවට.

එදා අපට කතාකරන්න ලැබුණේ මට මතක හැටියට හය හත අට වාගෙ පන්තිවලට. අපි කාඩ් ගණනට සමාන ගණනක් කුඩා ළමුන් තෝරා ගත්තා. ඒ එක් එක් ළමයෙකුට අර කාඩ් එක බැගින් දීල පේලියකට හිටෙවා. ඊළඟට Bubble Sort මූල ධර්මය අනුව තමන්ට දකුණින් ඉන්න කෙනාගෙ කාඩ් එකෙහි අගය තමන්ගෙ කාඩ් එකෙහි අගයට වඩා වැඩි නම් මාරු වෙන්න කියලා කිව්වා. මේ ක්‍රියාකාරකම දිගටම කෙරෙව්වා අංක ටික ආරෝහණ පිළිවෙලට සැකසෙන තෙක්. මේ ක්‍රමයේ නමත් කියා දුන්නා.

මේ වගේ තවත් ළමුන් සමූහයක් සමඟ Insertion Sort ක්‍රමයෙන් අංක ආරෝහණ පිළිවෙලට සකස් කරන හැටි කියා දුන්නා. ඒත් අර විදියටමයි. ක්‍රමය විතරයි වෙනස් කළේ.

අපට ආයෙත් ඒ පාසැලට යන්න පුළුවන් වුණේ මාස ගණනාවකට පසුයි. ලොකු විශ්වාසයක් නැතත් අපි ඒ දරුවන්ගෙන් ඇහුවා ගිය වතාවෙ ඇවිත් අප ඉගැන්වූයේ මොනවාද යන්න ගැන. ඔවුන් එක හඬින් “Bubble Sort හා Insertion Sort” යැයි මොර දුන්නා. නිවැරදිව එය නාට්‍යානුසාරයෙන් රඟ දක්වා පෙන්වූවා.

අමතක කරන්න එපා, මේ කරුණු මා දන්නා තරමින් දැනට උගන්වන්නේ BIT බාහිර උපාධියේ දෙවන වසරේ සිසුන්ටයි. වැඩ අධිකවීම නිසා අපට මේ වැඩමුළු දිගටම කරගෙන යන්න බැරි වුණා. මෙසේ ඉගැන්වීමට හා තේරුම් ගැනීමට දුෂ්කර කොටස් නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීම වඩා සුදුසු බව අපි හැමෝම තේරුම් ගත්තොත් ඒක දරුවන්ට ලොකු උපකාරයක් වේවි.

මා මේකට පෙළඹුනේ බොහෝ කාලයකට පෙර මා අසා ඇති සිදුවීමක් නිසා. එක්තරා පාසලක ගුරුවරියක් රසායන විද්‍යාවේ යන්න පහදා දීම සඳහා බ්‍රිතාන්‍ය කවුන්සලය මඟින් සංවිධානය කරන ලද යම් තරඟයකට නාට්‍යයක් ඉදිරිපත් කරලා. ඒකට මුල් ස්ථානයක් ලැබිලා ඇයට සහතිකයකුත් ලැබුනලු. මේ කතාව මා තුළ ඒ ගුරුවරිය ගැන ගෞරවයක් ඇති කිරීමෙන් නැවතුණේ නැහැ. එබඳු දෙයක් කිරීමට මා පෙළඹවීමත් ඒකෙන් සිද්ද වුණා.

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

2 Responses to කැස්බෑව පැත්තෙ ඉස්කෝලෙකට ගිය කතාව

  1. ඉගැන්වීම කියන්නේ කීම විතරක් නෙමෙ කියන එකට හොඳ උදාහරණයක්…

  2. අමිල says:

    මමත් කුප්පිදාන නිසා ගුරුවරයකුගෙ භුමිකාව 0.0001% ක් විතර දැනෙනවා. එක අතිශ්‍ය සංකීර්ණ කාර්්‍යයක් බව මට දැනෙනවා. යමෙකු යම් ශිල්පයක පිහිටුවීම ෙකාතරම් අමාරුද කියලා බලන්න කාට හරි ෙමානවා හරි උගන්වන්න.. මමත් පිංතු සර්ගෙ ක්‍රම භාවිතයට ගන්න උත්සාහ කරනවා. මෙ කථා වලින්කියැවෙන දේ ඉතාම වැදගත්…
    තම නැණ පමණින් උත්සාහ කරන්න එපැයි අපිත් ෙවනස් වෙන්න..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s