සිරි අයියා

අපේ ගමේ හිටියා අති විශිෂ්ඨ කවියෙක්. නම යූ ඒ එස් පෙරේරා වුනාට ඔහු හැඳින්වුණේ සිරි අයියා නමින්. ඒ කාලෙ ළමා පිටියත් මෙහෙයවා ඇති එතුමා තමයි “අම්ම හොඳයි කීවත් වැරදී තාත්ත හොඳයි කීවත් වැරදී” යන කොටස ගායනා කරන්නෙ. ඒ ගීයේ ගායිකාවත් අපේ ගමේමයි. කලක් මනමේ කුමරිය වූ ට්‍රිලීෂියා බොතේජු හෙවත් විවාහයෙන් පසුව ට්‍රිලීෂියා ගුණවර්ධන නමින් පතළ වූ නිළියයි ඒ.

අපේ දහම් පාසැල් ගීතය වගේම ඒ කාලෙ පාවිච්චි කළ භක්ති ගීයකත් පද මාලාව එතුමගෙ. දම් පාසලේ හැම ත්‍යාග ප්‍රදානෝත්සවයකම එතුමට මුල් පුටුවක් හිමි වුණා. ඒ මොකද දහම් පාසලේ අනුශාසක ත් එතුමා වූ නිසා.

ගමේ හැම මරණ ගෙයකම අවමංගල උත්සවයෙ හොඳම කතාව එතුමගෙ. ශ්ලෝක හා ගාථාවලින් පරිපූර්න ඒ කතා අහගෙන හිටීමෙනුත් දැනුම දියුණු වෙනවා.

එතුමා ගැන තියෙන ලස්සණම කතාව මේකයි. වරක් එතුමා ව තෝරගෙන තිබුණා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලන්න. මේ සිද්දිය අපට නම් මතක නෑ. අපි පුංචි කාලෙ හරි උපදින්න පෙර හරි වූ දෙයක්. එතුමා කියල තියෙනව “සුදුසුකම් නැතුව රස්සා ගන්න, තරහකාරයො මාරු කරවන්න අරව මේව ලබා ගන්න නම් මං ළඟට එන්න එපා.” කියල. එතුම ඡන්දෙන් පැරදුනා.

කවියෙන් මුළු බුදු සිරිතම එතුමා අතින් නිර්මාණය වුණා. එතුමා හිටිවන කවිවලටත් ඉතාමත්ම දක්ෂයි. සිංඅහල ඉංග්‍රීසි පාලි සංස්කෘත මේ හැම භාෂාවාම අති මහත් දක්ෂකමක් පෙන් වූ එතුමා වෘත්තියෙන් අධිනීතීඥවරයෙක්. එතුමාගෙ අභාවයෙන් පස්සෙ පුදුම පාලුවක් තියෙන්නෙ. ඒ වාගෙ මහා පුරුෂයො අද හොයා ගන්න බෑ.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

One Response to සිරි අයියා

  1. Mohamed Azmil says:

    ඊයේ සර් ව මුණ ගැහෙන්න එන්න ලැබිච්ච එකට මට ගොඩක් සතුටුයි. අපිට පැය භාගයක් විතර කතා කරන්න පුලුවන් වෙන්න ඇති, එත් මට දැනුණ සතුට නම් කියල නිම කරන්න බැරි තරම්. සර් ට තව බොහෝ කාලයක්, අපිට ඉගැන්නුව වගේ ගොඩාක් ආසවෙන් උගන්නන්නත්, මේ වගේ බ්ලොග් ලියන්නත්, ශක්තියත් ධෛර්‍යත් ලැබෙන්න ඕන කියල මං ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s