ළඳක් කළ වැඩක්

මට මතක හැටියට 1975 දී යි මේ සිද්ධිය සිදු වුණේ. ඒ කාලෙ මම දහම් පාසැලේ උගන්වනවා. දම පාසැලේ සිසුන් හා මගේ ටියුෂන් පන්තියේ සිසුන් ද මගේ සොහොයුරා හා ඤාති සොහොයුරකු ද සම්බන්ධ කරගෙන මම අපේ ගේ ඉස්සරහ වෙසක් නාට්‍යයක් කළා “ළඳක් කළ වැඩක්” නමින්.

හැමදාම ගෙදර පුහුණුවීම් කටයුතු තිබුණා. ඒ කාලෙ වත්තෙ කොස් ගහක් ඉරලා හදා ගත්ත ලෑලි වගයක් තිබුණා, දොර ජනෙල් හැදීම සඳහා ප්‍රයෝජනයට ගැනීමට. වේදිකාව හැදුවෙ ඒවායින්. ඒ කාලෙ හැටියට ඒක ලොකු වේදිකාවක්.

මේකට යන පොඩි පොඩි වියදම් සඳහා අපි ගමෙන් ආධාර එකතු කරන්න පටන් ගත්තා. දහම් පාසලේ කිහිප දෙනෙක් මේ වැඩේට විරුද්ධ වුණා. දහම් පාසලේ උගන්වන අය මේ විදියට ආධාර එකතු කරන්න ගියහම මිනිස්සු හිතයි මේක දහම් පාසලේ වැඩක් කියල. ඒක හින්ද ඔය වැඩේ වැරදියි. ඒ ඒගොල්ලන්ගෙ මතය. මේකට අපි දුන්න උත්තරෙන් ඒ අයගෙ කටවල් වැහුණා. එකතු වූ මුදල් වියදම් කරල ඉතිරි මුදලෙන් අපි නාට්‍යය පෙන්වන දා දහම් පාසැලට ශූරතා කුසලානක් ප්‍රදානය කළා, දහම් පාසල මෙහෙයවන මව් සමිතියෙ සභාපති තැන්පත් හෙන්රි මහත්තයාට. ඒ උත්සවයට ඒ සමිතියෙ ලේකම් තුමා වූ සිරිසේන මහත්තයත් පැමිණ හිටියා. අද ඒ දෙන්නම ජීවතුන් අතර නෑ.

මම ඒ නාට්‍යයේ එක්තරා දර්ශණයකට “රැජින මමයි අපේ රාජ්ජේ” හා “කෝ හතුරෝ කෝ හතුරෝ” ගීතවල කොටස් මිශ්‍ර කරමින් අලුථ් හඬපටියක් හදා ගත්තා. ඒ කාලෙ වෙසක් නාට්‍යටවලට ජනප්‍රිය ගීත පසුබිමින් යොදා ගැනීම පුරුද්දක් වෙලා තිබුණෙ. මේ හඬ පටයෙ “රැජින මමයි” ගීතයක කොටසක් වාදනය වන විට මාලිගයේ පිරිසකගේ නැටුමක් ද “කෝ හතුරෝ” ගීතයේ කොටසක් වාදනය වන විට මාලිගය වැටලීමට එන කැරලිකරුවන් පිරිසකගේ නැටුමක් ද යොදා ගත්තා. එක් පිරිසක් රංගනයේ යෙදෙන විට අනෙක් පිරිස ගල් වී ඒ ඒ ඉරියව්වෙන් නිශ්චල වීමකුයි එදා ඒ නාට්‍යයෙ තිබුණෙ..

ඒ සඳහා නිපදවූ හඬ පටය ද මගේ මිතුරෙක් තින් නැති වුණා. අද ඇත්තේ ඒ නාට්‍යයේ මතක සටහනක් පමණයි.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

One Response to ළඳක් කළ වැඩක්

  1. ඔබතුමාගෙ කතාව හරි වැදගත් මොකද අද කාලේ තරුණයො සාම්ප්‍රදායික දේවල්ම කරන්නව මිසක් අලුත් සමාජ ක්‍රියාකාරකම් වලට යොමුවෙනව අඩුයි…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s