උපරිම සතුට

මම අහල තියෙනවා කොහේදෝ තිබුණා ගැහැණියක් තම ජීවිතේ උපරිම සතුට ලබන්නෙ දරුවෙක් බිහි කරන කොට ලු. ඒ එක්කම පිරිමියෙක් උපරිම සතුට ලබන්නෙ තම බිරිද තමා නිසා බිහි කල දරුවා තම අතට දෙන කොටලු. හැබැයි හැමෝටම වාගෙ දිගටම මේ සතුටෙ රැඳිල ඉන්න බෑ. ඒකට ඒතුව පහළ ඍනාත්මක බලවේග පහලට එන්න කියමින් තමන්ගෙ කකුලෙන් අදින නිසයි. තමන් ඒ හුඟාක් බලවේග ජයග්‍රහනය කරල නැති බැවින් මොහොතක් අර උපරිම සතුට විඳල ඊළඟට ආයෙත් පහළ අපායට එනව ජීවිතේ බර කර ගහන්න.

මං හිතන්නෙ බිඟුවා ත් රුවන් සමරසිංහ ත් මා සමඟ එකඟ වුණත් සී. ඩී. අතුරලිය ටත් ධනුක ටත් ටෙෂාන් ටත් නිපුන ටත් තව කල් තියෙනවා ඒ උපරිම සතුට ගැන අවබෝධය ලබන්න. එහෙම නේද ?

ඒ එක්කම අර උපදින දරුවන් බොහොම දෙනෙක් තමා උපදින කොට අම්ම තාත්ත වින්ද ඒ උපරිම සතුට ගැන තේරුම් ගන්නෙ නැහැල්ලු ජීවිත කාලයටම. කලාතුරකින් කෙනෙක් හදිසියේ තමාට දරුවෙකු ලැබුණු විට අපේ අම්ම තාත්තත් මං ඉපදුන වෙලාවෙ සන්තෝස වෙන්න ඇත්තෙ මෙහෙම නේද කියල ආපහු හැරිල බලනවලු හරියට අජාසත්ත කුමාරයා වගෙ. ඒත් ඒක තේරුම් ගන්න කොට අජාසත්ත නම් පරක්කු වැඩියි. තාත්ත වූ බිම්බිසාර රජ්ජුරුවො අනෙක් පැත්තට ගිහිල්ල.

මං මේ දේ කියන්න හිතුවෙ දැන් කාලයක් තිස්සෙ ඉඳන් අස්මිල් කියන මගෙ ගෝලයෙක් මගෙ බ්ලොග් එකේ Comments දානවා, තමා ඉගෙන ගත් යුගය සිහිපත් කරමින්. කොහොමටත් ඉතින් ඔය වගෙ ගෝලයින්ගෙ අතීතාවර්ජන ගුරුවරුන්ට බොහොම සතුට දෙන සිදුවීම් නෙ. ඒ හන්ද මමත් ඒ Comments කියව කියව හිටියා. මගෙ දුරකථන අංකය ඉල්ලල ඉල්ලල බැරිම තැන ඔහු ඔහුගෙ දුරකථන අංකය Comment එකක දැම්මා. ඒකට මං ඇමතුමක් දුන්නහම සතුටෙන් ඉපිල ගිය ඔහු පහුගිය ඉරිදා මා මුණ ගැහෙන්න ආවා.

කේක් එකකුත් මට තෑගි වශයෙන් පොතකුත් රැගෙන ආ ඔහු පැය බාගයක් විතර කතා කර කර හිටියා. ආපහු පන්තියකට යෑමට මට සංවාදය නතර කරන්න සිද්ද වුණත් ඔහු ආපහු ගිහින් මට Message එකක් එව්වා හමුවීමට ස්තුති කරමින්. ඒ එක්කම බ්ලොග් එකේ Comment එකක් දැම්ම නැවත ඒ හමුවීමට සතුට පළ කරමින්.

මං හිතන්නෙ ඔහු ආපහු හැරිලා. එතකොටයි ඔහු අර අතීතය ආපහු දැක්කෙ. මම වුණත් ආපහු හැරෙන්න ලොකු කාලයක් ගත්තා. මම ආපහු හැරුනෙ 2001 වසරෙදි. ඒ වසරෙදි පළමු පොත ප්‍රකාශයට පත් කළ මම මගෙ ගුරුවරුන් තුන්දෙනෙකුට ඒ පොත හෑගි දුන්නා. සාමාන්‍ය පෙළ සිංහල ගුරුතුමා වූ බර්ටි විජේසිංහ ගුරුතුමාටත් 7, 8 පන්තිවල ගණිත ගුරුතුමිය වූ පේලිමුහන්දිරම් ගුරුතුමියටත් 4 පන්තියේ පන්ති භාර ගුරුතුමිය වූ තෙන්නකෝන් ගුරුතුමියටත් මං ඒ විදියට ඒ සතුට ලබා දුන්නා. ඒ වගෙම අස්මිල් ආපහු හැරිල තමන්ගෙ ගුරුවරුන්ට ඒ සතුට ලබා දෙනවා.

මං ආයෙත් ඉල්ලනවා, තම තමන්ගෙ පළවෙනි දෙවෙනි තුන්වෙනි ශ්‍රේණිවල ගුරුවරුන් මුණ ගැහෙන්න යන්න. ඒ අය සමඟ ටික වේලාවක් කතා කර කර ඉන්න. ඒ අය උගන්වන කාලයේ තමන් ලැබූ අත්දැකීම් සිහිපත් කරන්න. පරක්කු වෙන්න කලින් ඒ අයට ඒ සතුට ලබා දෙන්න.

This entry was posted in 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, සිංහල. Bookmark the permalink.

8 Responses to උපරිම සතුට

  1. ඇත්ත කතාව ස‍ර්!!! මට සිද්ද උන කතවක් කියන්නම්. මම දැන් Software engineering කරන්නේ. මම මේ ලගදි පන්ති යනකොට මට 3 වසරේ උගන්නපු සීතා ගුරු තුමීව හම්බුනා පාරේ. මම ඉතින් කතා කරල මිස් ට පාරෙම දනගහල වැන්දා… එ වෙලෙ මිස් ගෙ ඇස් වල තිබ්බ සතුටු කදුලු මට ගොඩක් දේවල් කියල දුන්නා……….. මිස් මගෙ නලලට හාදුවක් දුන්නා……

  2. සරත් ගුණතුංග says:

    කුමුදු මහත්මය කියන දෙය සම්පූර්ණ සත්‍යයක්. අපිට බුදු රජානන් වහන්සේ උගන්වල තියෙනව මංගල සූත්‍රයේ ගාරවෝච නිවාතෝච.. කියල ගාථාවක්. ඒකෙ කියන්නෙ, ගරු කලයුත්තන්ට ගරුකල යුතු බවයි. ගරුකලයුත්තේ කාටද?, ත්‍රිවිධ රත්නයට, දෙමාපියන්ට ඊලඟට තමයි ගුරුවරු ඉන්නෙ. අඩසිය වසකට පෙර ආනන්දෙ ඉගෙන ගත්ත මට ඒව හොඳට මතකයි. ගුරුවරු දැක්කම අපි නැගිටින්නෙ නැහැ. ඉබේම නැගිට්ටවෙනව. මම නුවර රෝහලේ සීමාවාසික වෛද්‍ය වරයෙක් වෙලා සිටි කාලයේ, බොස් ගියාට පස්සෙ, මම ටිකට් සටහන් ලිය ලිය ඉන්න කොට, කවුදො ඇවිදින් මගේ මේසය ඉදිරිපිට හිටගත්තා. මොනවත් කියන්නෙත් නැහැ. මම ඒ කෙනා දිහා බැලුවා. මට ඉබේටම නැගිටුනා. ඒ අපට උගන්වපු කහවත්ත සර්. ඒ සර්ට ඇස් වලට කඳුල ආව. අපට විද්‍යාව ඉගැන්නුවෙ ඒ සර්. මට පුලුවන් තරමින් මම සර්ට සැලකුවා. අද නම් ඒ සර් ජීවතුන් අතර නැහැ. තවමත් ඒ සිද්ධිය මතක් වෙන කොට හරිම සංවේදී බවක් සිතට එනව.

  3. උපරිම සතුට සාපේක්ෂ දෙයක් හැටියටයි මම තේරුම්ගන්නේ. අපේ පරම්පරාවේ ගුරු-ගෝල සම්බන්ධය ගැන ඇත්තේ කණගාටුවක්. හැමදෙයකම වටිනාකම මුදලින් මනින සමාජ ක්‍රමයක ප්‍රතිතිඵල වෙන්න පුළුවන්.

  4. Mohamed Azmil says:

    මගේ හිතට දැනුන තෘප්තිය ලිවීමට මා ලඟ වචන නැත.

  5. samarasinghe says:

    සර් කියන එක දෙයක් මට මතක් උනා. මගෙ දරුව අතට ගත්ත දවසේ මම ඒ දරුව වෙලා අපස්සට ගියා ඉබෙටම වාගේ.එතකොට දනෙන හැගීමත් ඔය කියන දේ වගේම වැදගත්.

    ගුරුවරුන් සම්බන්ධයෙන් නම් මට මතක තියෙන විදිහට ඉගෙන ගන්න කාලෙදි කාටවත් මම පොඩිම පොඩිවත් ගින්දරක් දීලා නෑ.තාම අපි කොහෙදි හරි ගුරුවරයෙක් දැක්කම, ඒ දැක්ක විගසම එකපාරටම පුන්චි ගෝලයෙක් වෙනවා.ඒ ඇස් වලත් තියෙන්නෙ ඒ වගේම හැගීමක් තමයි අපිව දකින්නෙත් අර පරන පුරුදු පුන්චි ගෝලයා විදිහටම තමයි.

    • kumudupinto says:

      ඔය ලියන කාරණා දෙකම මම පිළි ගන්නව කිසිම විවාදයක් නැතිව.

  6. නැතුව නැතුව.. අපිට තව ගොඩක් කල් තියනවා ඒ සතුට විඳින්න…. එතකොට අපි දැන් උපරිම සතුට කියල කියන්නෙ මොකටද. අපි දැනුත් උපරිම සතුටක් ලබනවනෙ එක එක් දේවල් වලින්. මමනම් Bollywood වලින්…😀 මේකත් හෙට class එකේ publish කරයිද දන්නෑ.😀

  7. අමිල says:

    මගේ ප්‍රංශ ගුරුතුමියගේ උපන් දිනය වෙනුවෙන් මමත් යාලුවනුත් surprise party එකක් දුන්නා. ඉටිපන්දම් පත්තු කරනලා කේක් ​ගෙනිහිල්ලා. හරිම සතුටුදායක අවස්ථාවක් ඒක. මිස් මට හුගාක් උපකාර කලා. අධ්‍යාපනයට වඩා ජීවත් වීමට.
    අනෙක් ගුරුවරුන් වෙනුවෙනුත් යමක් කල යුතුයි…
    ඒත් එක්කම දෙගුරුන්ට ප්‍රමාණවත් තරම් දෙයක් ක​ළේ නෑ කියලත් හිතෙනවා.. හිතට එන දේවල්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s