ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් . . .

මගේ ඥාති සොහොයුරෙක් ඔහුගේ වැඩිමහල් පුහා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යැව්වා. කොලේජ් එකක Foundation Course එක කර ඉන්පසු උපාධි පාඨමාලාව හැදෑරීමට. ඉහළ බැංකු නිලධාරියෙකු වන මගේ ඥාති සොහොයුරා තීරණය කළා ඒ සඳහා යන වියදම් දැරීමට. ඔහු එහි ගොස් දැනට අවුරුදු එකහමාරයි.

ගිය සතියේ ඔහු නිවාඩුවකට ලංකාවට ඇවිත්. අද මා හමුවීමට පැමිණියා. ඔහු සමඟ පැයක් හමාරක් කතා කර කර සිටි මට වැදගත් තොරතුරු රැසක් හෙළි වුනා. ඔහු දැනට ඉඩ ඇති අවස්ථාවල අර්ධකාලීන රැකියාවල් දෙකක් කරනවා. එකක් හැම්බර්ගර්ස් විකුණන තැනක. අනෙක පිරිසිදු කිරීමේ රැකියාවක්. ගෙදර සිටියදී දෙමාපියන්ගේ හුරතලය විඳිමින් දිවි ගෙවූ ඔහු එක් වරම පරිනත වෙලා.

ඊළඟ වසරෙහි වියදම් වලින් වැඩි හරියක් දරන්නයි ඔහු බලාපොරොත්තු වෙන්නෙ. මේ වසරේ පියාගේ උපන්දිනයට ඕස්ට්‍රේලියාවේ සිට කේක් එකක් ඇනවුම් කරලා. අද මටත් තෑග්ගක් අරගෙනයි ආවේ. මේ වගෙ තමන්ගෙ වියදම් ඔය වයසෙදිම තමන්ම කර ගැනීමට හුරු වීම බොහෝම හොඳ ලක්ෂණයක්.

මම සාමාන්‍ය පෙළ සමත් වූ වහාම ගෙදර ටියුෂන් කිරිම ඇරඹුවා. එදා සිට මගේ හැම වියදමක්ම පාහේ කර ගත්තේ මම මයි. ඒ හන්ද මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවා ගෙදරට බරක් වුණේ නැහැ. ඒත් අද හුඟාක් අය කරදඬු උස් මහත් වෙනකම් ම යැපෙන්නේ ගෙදරින්. ඒ ගැන කිසිම ලජ්ජාවක් ඔවුන්ට නැහැ. ඔවුන්ගේ තර්කය කිසිම ආදායමක් සොයා ගැනීමට නොහැකි බවයි. එහෙත් මම ඒ අදහස පිළි ගන්නේ නැහැ. අවශ්‍යතාවය ඇත්නම් අර්ධකාලීන රැකියා සොයා ගත හැකියි. එහෙත් එයට ඉතාමත්ම සැර කැපවීමක් අවශ්‍යයි.

ඒ නිසා මේ ලිපියෙන් කරන්නෙත් ඉල්ලීමක්. ඔබ වයස දහ අට ඉක්මවූවෙක් නම් තමාගේ වියදම් තමා ම සොයා ගැනීමට මහන්සි වන්න. ඉස්සෙල්ලාම තමාගේ හැකියාවන් ගැන නිවැරදි තක්සේරුවකට පැමිණෙන්න. ඉන්පසු සෙවීම අරඹන්න. අනිවාර්යයෙන්ම ඔබට මඟක් පෑදේවි. අවශ්‍යතාවය ඇත්නම් ඔබගේ සිතුවිලි ධනාත්මක නම් ඒ ගැන සැක නොකරන්න. ඔබට මඟක් පෑදෙනවාමයි.

This entry was posted in 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, සිංහල. Bookmark the permalink.

15 Responses to ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් . . .

  1. සරත් ගුණතුංග says:

    එක අතකින් ඒක සත්‍යයක්. තවත් අතකින් ආත්මාර්ථකාමිත්වයේ මූලික පදනම වැටෙන්නෙත් එතනින්ම තමයි කියල මට හිතෙනවා.

  2. manussa says:

    හරිම සතුටුදායක කතාවක්.. අන්තිම හරිය තවත් අගෙයි.. එතකොට පුතා ඔස්ට්‍රෙලියවට ගියෙත් ලන්කාවෙ පාර්ට් ටයිම් ජොබ් දෙක තුනක් කරල හොයා ගත්ත සල්ලි වලින් වෙන්න අති.. අනිත් අයත් මෙහෙම හිතන් නත්තෙ මොකො නිකන් කාලෙ කකා නො ඉන්ද?? කම්මලි කමට නෙ අනිත් අයට මෙහෙම හිතක් එන් නත්තෙ..
    මෙ පුතා උපාදිය ඉවර වෙච්ච ගමන් ලන්කාවට අවිත් අම්ම, තාත්ත ගාව ඉන්දීයි ද? නත්තන් වියදන් වෙච්ච සල්ලි හොයා ගන්න තව අවුරුදු දෙකතුනක් ඉදල, පී.ආර් එක ගන්න තව අවුරුදු5ක් විතර ඉදල එයි ද? නත්තන් කසාද බදල ආපහු යයි ද පී.ආර් එක අපරාදෙ හින්ද? (දන් පී.ආර් ගන්න ලෙසි නෑනෙ..)
    හරි අගෙයි දන් ලොකෙ සිරිත් විරිත්.. කෙක් එක ඔඩර් කර ගමන් ගෙදරට ගිහින් දෙනව නෙව.. කොපමන සහනයක් ද හිතට.. ඔය පරන කතාවක් තියෙනව ගෑනුලමයෙක් ඉන්න එක වටිනවලු අම්ම කෙනෙක් ගෙ අවසාන කාලෙදි රෙද්ද හරි හරිගස්සන්න. අනෙ බොරු වෙඩ නෙව ඔව.. අනෙ ඔය කෙක් ගෙනත් දෙන අය ගාව ඉන්දීයි ද කුලියට එය කල හෑකි අය ? පිට රට ඉන්න දරු දරිවියන්ට හොද ආරන්චියක් වේයි එය,,

  3. Grey says:

    සතුටුදායකයි තමා. නමුත් මොලේ කලදක්වත් මනුස්සට තියෙනවනම් තේරෙනවනේ ලංකාවේ රස්සාවක් කරලා ඒකෙන් පිටරට ගිහින් ඉගෙන ගන්න බෑ කියල.ගොඩක් අය කරන්නේ පලමු වසරට ගෙවලා ලමයව රට යවන එක. ඊට පස්සෙ ඔයවගේ ගොඩක් අය පාර්ට් ටයිම් ජොබක් කරලා පුලුවන් විදිහට ගෙදරට බරක් නොවී ඉන්නවා.
    තාත්තගේ උපන් දිනේට කේක් එකක්, තෑග්ගක් එවන එක වැරැද්දක්ද? මමත් හැම උපන් දිනේටම යවනවා. මට නම් ඒකේ වැරැද්දක් පේන්නෙ නෑ. අපි දුරින් ඉන්න නිසා හැමදාම ඔෆිස් ඇරිල ගෙදර ගිහින් ස්කයිප් වලින් කතා කරනවා.
    ඒව අම්මලගේ හිතට සහනයක් තමා. දැනුම් තේරුම් තියෙන දෙමව්පියෝ දන්නවා දරුවන්ටත් එයාලගේ කියල වෙනම ජීවිතයක් තියෙන බව.
    ඔච්චරම ලොකු වයිරයක් රට ඉන්න අය එක්ක ඔබතුමාට තියෙන්නේ ඇයි කියලා දැනගන්න කැමතියි,

  4. manussa says:

    වයිරයක් නම් කොහෙත්ම නත අනුකම්පාවක් මිස..
    තමුන්ගෙ රටෙ, තමුන්ගෙ අම්ම තාත්ත ගාව ඉන්දගෙන පුලුවන් විදියට ජීවත් වීමෙන් ලබෙන සතුට පාටමාලාවකින් ඉගෙන ගත නොහක. කරන්න දෙයක් නති කමට ඉතාලි හො කොරියාවෙ යාම වෙනම එකකි. නමුත් දියුනු රට වල් වලට යන්නෙ කරන්න දෙ යක් නති කමටම නොවෙ.
    උගත් කම, දනය වටින්නෙ එව දකින්න තමුන්ගෙ අය ජීවත් වෙන තුරු පමනි. ඔබ මොන කෑම අරියත්, මොන උගත් කම ලබුවත්, ඔබ නවත ගෙදර එන විට ඔවුන් නොමති නම් එම දියුනුවෙ ප්‍රතිපලය කුමක් ද?
    ලන්කාවෙ ඉන්නකන් තුන් වෙල කාල, තමුන්ගෙ ආත්ම ගරුත්වය තියන් ඉන්න ලමයි, පිට රට ගිහින් අපා දුක් විද විද, බඩට නොකා, පිට රටියන් ගෙන් කොන් වෙමින් කරනා කපවීමෙ ප්‍රති පලයක් තිබෙ ද මවුපියන් තනියෙන් දුක් වින්දී නන්?
    දන් දන් මවු පියන් වුවත් මෙ ක්‍රමයට පුරුදු වී ඉන්නෙ අනුන්ට නොපෙන්වා තමුන්ගෙ දුක.
    වෙන මොකවත් කරන්න නති නිසා.. අත් දකීමෙන් කියමි..

    දුව ඉන්නෙ අහවල් රටෙ, පුතා ඉන්නෙ අහවල් රටෙ කියමින් අහල පහල අයට පාරම් බාමින් දුක සගවා ගෙ අතුලෙ හඩා වටෙන මවු පියන් දුසිම් ගනන් මා දක අති නිසා ලියුවෙමි.. වයිරයෙන් නොලීවෙමි.

    මීගමුව පත්තෙ ගෙදර එකම ගෑනු ලමයා යෑවුවා රුසියාවෙ ඉගෙනුමට. එහි සිදු වූ අන්තුරකින් ලමයා ට නවත එන්න වුනෙ පන පිටින් නොවෙ. ඔව්න් තාමත් කියමින් හඩන්නෙ ‘ ලමයා අපෙ අස් මානෙ හිටිය නන් මෙක වෙන්නෙ නෑ, ‘ කියමින්. එ යින් කිය වෙන්නෙ ලන්කාවෙදි මරුන නන් දුක නහ කියන එක නොවෙන බව පහදිලි අතයි සිතමි.

  5. Ashan says:

    @manussa, Are you telling that all Sri Lankan kids should live with their parents for all their life ?

  6. Kasun says:

    “තමුන්ගෙ රටෙ, තමුන්ගෙ අම්ම තාත්ත ගාව ඉන්දගෙන පුලුවන් විදියට ජීවත් වීමෙන් ලබෙන සතුට පාටමාලාවකින් ඉගෙන ගත නොහක.” – way to develop a country! ! ! ! ! ! !

  7. manussa says:

    බුද්දි ගලනය කියන්නෙ කුමක් ද? වියපත් වෙඩිහිටියන් හුදෙකලා වීම යනු කුමක් ද? වෑඩිහිටිනිවාස???

    පිටරටවල අය දියුනු වුනෙ වෙන වෙන රටවලට ගොසින් ද? ජපානය, ඈමරිකාව , න්ගලන්තය වෙනි අය..

    ලන්කාවෙ සිට දියුනු වූවො නතිද? ඔබලාට ලන්කාවෙ දි ඉගෙන්වූවෙ පිට රටින් ආ ගුරුවරුන්ද? ඔබ ලන්කාවෙන් ඉගෙන ගෙන උගන් වන් නෙ ලන්කාවෙ අයටද?

    තමුන්ගෙ කම දෙශපාලනයෙන් හො ආර්තික අග හිග කම් වලින් යට පත් නොකරන්න..

    තම තම නන පමනින් මිස කුහක කමින් හො පටු අද හසින් නොබලත් වා..

    • Wathsala Vithanage says:

      මම නම් හිතන්නෙ නැහැ ලංකාවෙ ඔය කියන විදියෙ බුදිධිහලනයක් තියනව කියල. මොකද ලංකාවෙන් පිටරටවල් වලට යන සමහර උගත්තු යන්නෙ සැප ගන්න ඕන නිසාම නෙමේ.
      1.) මගේ මිතුරෙක් ඉන්නව ඉංජිනේරුවෙක් (යාන්ත්‍රික), ඒත් ඒ තරමෙ ඉගන නොගත්තු මගේ අනිත් මිතුර A/L වලින් මූල්‍ය අංශයේ රැකියාවකට ගිහින් ඊට වඩා කීප ගුණයක් වැඩියෙන් පඩි ගන්නව, ඒකියන්නෙ ලංකාවට යාන්ත්‍රික ඉංජිනේරුවො අනවශ්‍ය කියන එකනේද? කරුමෙක මහත මගේ ඉංජිනේරු මිත්‍රයට යාන්ත්‍රික විද්‍යාවට පුදුම ආසාවක් තියෙන්නෙ ඒක නිසා මිනිහ හෙට අනිද්දම රටින් පිටවෙන්නයි යනනේ. (එයා ඒ විෂයට උපන් හපනෙක්). අනික ඉතින් තමන්ගෙකම ගැන හිතන්න පුලුවන් වෙන්නෙ මිනිහෙකුට තමන්ගැන සතුටු වෙන්න පුලුවන් වුනාම, හිගන්නෙකුට (subjective) මොන තමන්ගෙ කමක්ද? ඒ මිනිහට හිතන්න ඊට වඩා දේවල් තියන්නව…

      2.) NASA ආයතනයේ ඉන්නව සරත් ගුණපාල කියල ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්,එයා ඒකෙ director කෙනෙක්, ලෝකෙටම වැදගත් සොයාගැනීම් කල මහත්මයෙක්. ඒ මනුස්සය ලංකාවෙ හිටියනම් එතරම්‍ ලෝකෙට වටින දෙයක් කරන එකක් නැහැ, ඔය අපේ අනිත් විශ්වවිද්‍යල ආචාර්යවරු වගේ ළමයින්ගෙ ගුටිකෙලි දිහා බලල උදේ 7.30ට ඇවිත් හවස 4.30ට ගෙදරයයි (වැඩිම වුනොත් research paper ටිකක් ලියයි, මොකෝ NSF එකේ අයට පඩි ගෙවාගන්නත් අමාරු ලංකා ආණ්ඩුව space program එකක් පටන් ගන්නයැ). ඒක නිසා ඒ වගේ මහා පුරුෂයො ලංකාවෙන් පිට වුනාම ලෝකෙටත් හොදා ඒ අයටත් හොදා.

      3.) ලංකාවෙන් පිටරටට උපාධි ගන්න යන ළමයි, ඒ යන්නෙ ලංකාවෙ විශ්චවිද්‍යල එයාල ප්‍රතිකශේප කරපු නිසා හරි තමුන් ඉගන ගන්න ආසදේට යන්න බැරි නිසා හරි. ඒ ළමයින්ට ඔහොම යන්න සිද්ධ වෙලා තියෙන්නෙ එයාලගෙම ඔය කියන ආදරණීය මව්‍ පියන්ගෙ වැරදි වලින් තමයි, ඔය රට යන ළමයි කවුරුත් කැමතී තමන්ගෙ පවූලෙ අය එක්ක ඉන්න. ඒත් මොනා කරන්නද උන්ටත් අනාගතයක් තියෙන්න එපැයි, මෙහේ ඉතින් පොඩි රස්සාවල පඩි නඩි ගැන මම කියන්න ඕන නෑනෙ! අනික ඒ අය අතරෙත් විශිෂ්ඨ බුද්ධිමතුන් ඇති, ඒ මොළ නිකන් ගෙවල් අස්සෙ ලෝකෙට වැඩක් නැතුව නාස්තිවීම අපරාධයක්නෙ.

      මහලු නිවාස ප්‍රශ්ණෙ! ඔය මහලු නිවාස වල ඉන්න ඔක්කොගෙම ළමයි රට ගිහින්ද? නැහැ, මම දානෙ දෙන්න යන තැනක් තියනව ඒ අයගෙන් බහුතරයක්ගෙ ළමයි ලංකාවෙ (සමහරු ගොඩක් ලොකු ලොක්කො). ඒක නිසා මහලු නිවාසයි රට යෑමයි අතරෙ සම්බන්ධයක් ගොඩනගන්න තරම් දත්ත නැහැ.

      පිටරට නොගියයි කියලත් මේක දියුණුවෙයිද? මොකද ජපානෙන්, ඉංදියාවෙන්, ජර්මනියෙන්, ඉතාලියෙන්… පදිංචියට ඇමරිකාවට, ඕස්ට්‍රේලියාවට ගියගාන ලංකාවෙන් ගියගානට වඩා වැඩී. ලංකාව දියුණුවෙයි ආකල්ප වෙනස් වෙලා දූපත් මානසිකත්වයෙන් මිදිල ලෝකෙට අරුන මිනිස්සු බිහිවුන දවසක.

      ලංකාවෙ ඕනතරම් අති දක්ශ ගුරු දෙවිවරු ඉන්නව ඒත් දැන් හිඟවේගෙන යන්නෙ. ඒත් දියුණු රට වල ගුරුවරු ලංකාවෙ ඉන්න ගොඩක් ගුරුවරුන්ට වඩා හොදයි එයාලට ලැබිල තියන පුහුනුව නිසා. ඒ නිසා ඒවගේ ගුරුවරයෙක් ගෙන් ඉගන ගන්න මම කැමතී. මම ලංකාවෙ ගුරුවරුන්ට අපහාස කරා නෙමේ, අපිත් අඩු තරමෙ දැන්වත් ගුරුවරු හොන්දට පුහුණු කරන්න ඕන, නැත්නම් රට ගිහිල්ලවත් ගැලවිල්ලක් නැතිවෙයි.

      • kumudupinto says:

        ඔබේ ප්‍රතිචාරය මගෙ ලිපියක සාමාන්‍ය දිගට වඩා වැඩියි මගෙ හිතේ.

      • anewasika says:

        වත් ගෙ ප්‍රශ්ණෙ තමයි කවි මිසක වෙන දේවල් එයාගෙ බ්ලොග් එකේ ලියන්නේ නැති එක. මාතර ඉඳල කොළඹ පදින්නේ ඇයි දකුණු ලකේ ම ජොබ් එකක් කරන්නකෝ!

        • Wathsala Vithanage says:

          anewasika වත් කිව්වෙ මට වන්නැති මයෙ හිතේ, එහෙනම්‍ ඔහේ මගේ කියල හිතාගෙන ඉන්නෙ වෙන කාගෙදෝ blog එකක්. මගේ blog එක wathsalav.blogspot.com, ඕකෙ තියනෙ ඒව පේන්නෙ කවි වගේ නම් හොන්ද දොස්තර කෙනෙක්ට කියල ඔලුව ඩිංගක් බලව ගන්න.
          ඔය blog එකේම තියනව මගේ profile එක ඒකත් බලල (ඒ මදි නම් මගේ Linkedin profile එකත් බලල) ඔහේම මට මාතරින් job එකක් හොයල දෙන්නකො මට නම් හොයාගන්න බැරිවුනා ඒකයි මම කොළඹ පදින්නෙ, නැත්තම් මාත් හරි කැමතී මාතර job එකක් කරන්න.
          anewasika ඔහේගෙ ප්‍රශ්ණෙ තමයි ඔහේ Google එකවත් පාවිච්‍චි කරන්න නොදන්නා කම. මම job කරන්නෙ කොහේද, පදිංචිය කොහේද, ලියන්නෙ කවිද කියල හොයන්න ආසනං මගේ නම ඒකියන්නෙ “Wathsala Vithanage” කියන එක Google එකෙ type කරල බලන්නනෙ තිබ්බෙ, එතකොට ඔයවගේ වැරදීම් වෙන්නෙ නෑනෙ.

  8. saman says:

    I don’t know how to type in sinhala. Sorry. I also have paid a big amount of money to a agent and have applied for Australian Visa. I am living with my parents and life is full of happiness. My husband’s father passed away few years back and mom is living with another son and we visit her at least once a month. We are all happy here. But both my husband and I have to go to Australia when we get our visa. Surely we’d get that. My parents, specially father wants us go there. We also feel like going there because all says positive things about going there….. eventhough now we have spend a lot of money for that both of us feel unsure whether we are cheating our selves. we can’t reject that as we paid for it. also if we stay hare both of us can get government jobs as we are medical professionals. And I feel we must be with our parents too. it is really tough to decide what to do??

    • anewasika says:

      @ Saman

      /* I don’t know how to type in sinhala. Sorry. */

      උවමනාවක් ඇත්නම් ඉගෙන ගන්න පුළුවන්නේ?

  9. Grey says:

    @Manussa:
    මහත්තයෝ.. ඒ ඔයා හිතන විදිහ. වාසනාවට හැම දෙමව්පියොම එහෙම හිතන්නේ නෑ. දරුවෝ දියුනු වෙනවා දකින්න දෙමව්පියෝ කැමතියි.
    මට තේරුම් ගන්න බැරි ඔයා මුකුත් කරන්න බැරිව කොරියාටයි, ඉතාලියටයි යන එක කමක් නෑ කියලා, එන්ගලන්තේ, ඇමරිකාවට යන එක වැරදී කියන එක.
    ඔයා කතා කරන්නේ දරුවෝ අම්මල ගාව හැමදාම ඉන්න ඔනේ කියන මතයේ ඉදන්. මම දකින විදිහට ඒක වැරදියි. දරුවන්ට එයාලගේ ජීවිතයක් තියෙනවා, දෙමවුපියෝ ඒක වටහා ගන්නේ නැත්නම් ඒක දෙමව්පියන්ගේ වටහාගැනීමේ අවුලක්.එහෙමයි කියලා දරුවෝ දෙමව්පියන්ට නොසලකා ඉන්න එක වැරදියි. එයලා පුලුවන් විදිහට සලකන්න ඕනේ.
    අනිත් අය ගැන කියන්න මම දන්නේ නෑ, මම ගැන කියන්න තියෙන්නේ මට නම් හොදටම විස්වසයි අම්මල මම ගැන සතුටු වෙනවා, මම අම්මලට හොදට සලකනවා කියන එක.
    ඒක නිසා මට ඔයාගේ කතාවට එකග වෙන්න බෑ.

    තම තම නැණ පමනින් මිස කුහක කමින් හො පටු අද හසින් නොබලත් වා..
    කතාව හරි. තත්වෙට ප්‍රායොගිකව මුහුන නොදුන් කෙනෙක්ට මේක වටහලා දෙන එක අමාරුයි.

  10. anewasika says:

    This is for all of you.

    Sri Lankans, who can do so, must go out of the country. That will ease the unemployment burden for the country and will bring in some FX as well.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s