ඕස්ට්‍රේලියාවේ රියැදුරෝ

මං කලින් ලිපියේ සඳහන් කළ ඥාති පුත්‍රයා කී තවත් කතාවක් මේ. ඔහු කී අන්දමට ඕස්ට්‍රේලියාවේ රියැදුරන් ඉතාමත්ම විනීතයි. ඔවුන් සාමාන්‍ය අවස්ථාවලදී කිසිසේත්ම රථයේ නලාව භාවිතා කරන්නේ නැති අතර කිසි සේත්ම මාර්ග නීති කඩන්නෙත් නැතිලු. ඒ මාර්ගවල රථ එලවා පුරුදු මොහු මෙහිදී රථය එලවද්දී රථයක් පිටුපසින් විත් කාරයේ හප්පලා. වැරැද්ද ඔවුන්ගේ අතේ වුවත් ඔවුන් එය පිළි අරන් නැහැ.

එක් විදේශිකයෙක් අපගේ මාර්ග සංඥා ගැන පවසා ඇත්තේ “කොළ පැහැය නම් ඉක්මනින්. කහ පැහැය නම් වඩා ඉක්මනින්. රතු පැහැය නම් වඩාත්ම ඉක්මනින්.” (In your country Green means Fast. Yellow means Faster. Red means Fastest.) ලෙසයි.

එක්සත් රාජධානියේ හෝ එක්සත් ජනපදයේ සංචාරය කළ අයගේත් අදහස මෙයයි. ඇත්තටම දියුණු රටක් වෙන්න ආර්ථිකය පමණක් ශක්තිමත් වී මදි කියලයි මං හිතන්නෙ. අපට ආර්ථිකයටත් වඩා අපේ ආකල්ප දියුණු කර ගත යුතුයි.

මේකට මං ළඟ තියෙන්නෙ නම් ටිකක් වෙනස් මතයක්. ටිකක් වෙනස් ක්‍රමයක්. අපි එක එක්කෙනාට පුළුවන් නම් මාසයක් නීතිගරුක වෙන්න. ඒ මාසය හොඳටෝම් ඇති ඒක පුරුද්දක් කර ගන්න. උත්සාහයෙන් අපි මේ දේ කළොත් ඊළඟ මාසයේ අඩු ගණනෙ අපට තව එක්කෙනෙක්වත් එකතු වේවි. අපි සියදෙනෙක් මේ වැඩේ පටන් ගත්තොත් මේ බ්ලොග් නිර්මාණයේ යෙදී ඉන්න සිය ගාණක් සංවේදී සහෘදයන් මේ වැඩේ පටන් ගත්තොත් අවුරුද්දක් දෙකක් යනකොට අපට අඩු ගණනේ අපේ අවට අපි ඇසුරු කරන අයවත් මේ දේ ට නැඹුරු කර ගන්න පුළුවන්. එතකොට අප අවට තව්තිසාව ඉබේම හැදිලා.

ඒ හන්දා අද ම මේ වැඩේ පටන් ගනිමු ද ?

අපට හිතෙන්න පුළුවන් අපි නීති කඩන්නෙ නැහැ නෙ කියලා. අපි කී සැරයක් බස් ටිකට් එක පාරට වීසි කර්න්න ඇද්ද ? අපි කී සැරයක් ටොෆී කොළය පාරට වීසි කරන්න ඇද්ද ? අපි කී සැරයක් රස්සාවක් ගන්න දේශපාලඥයින් ළඟ වැඳ වැටී ඇද්ද ? අපි කී සැරයක් වැඩක් කරවාගන්න පගාව දී ඇද්ද ? අපි මේ වැඩ කරද්දි රටට බැනලා වැඩක් නෑ.

ඒ හන්දා අදම අපි නීතිගරුක වෙමු ද ?

This entry was posted in 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, සිංහල. Bookmark the permalink.

5 Responses to ඕස්ට්‍රේලියාවේ රියැදුරෝ

  1. NoBody says:

    But one fact I want to bring here. Our basic road infrastucture/traffic signals is not well designed and usually it take 3 -4 times to complete a journey in sri lanka compared to those in developed countries.
    You can see that people are stressed each time they are on the roads.
    So you just can’t say that it is the wrong behavior of Sri lankan people. Of course there are some. But mostly due to this stress and the latency they try to complete their journey in whatever the possible way… driving fast, violating rode rules etc.

    What is the justice in sri lanks when traffic police personal hiding behind a tree charges you for high speed, when you finally released from a heavy traffic limit and gets in to a speedy driving area and when you are speeding up?

    • Wathsala Vithanage says:

      I think the problem is with attitude rather than the infrastructure. I travel from Colombo to Matara by bus, evenings before long weekends are horrible. Each time a bus comes 10 – 15 people outside the queue comes in and struggle to get in pushing and pulling those who were coming through the queue, it is a war on such days. Recently Pettah bus station was renovated and roads were upgraded to interlocking pavements and it was very clean and nice. But after few days ground and floor tiles (in the queue lines) have turned in to red with beetel spit. It is not lack of infrastructure but our selfish and disgusting attitudes creating such issues.

      • NoBody says:

        @Wathsala
        you are talking about something else.

        • Wathsala Vithanage says:

          No, I’m talking about it! the core of the problem. Person who drives a vehicle and the bus commuter has the same attitude, but reflect it in different ways. Citizens have to respect the law of the country, there cannot be any exceptions or excuses (if the way in is through a queue respect it, if there is a speed limit respect it). If the law is not good then find a way to change it, braking it wont help. Again because of the attitude Sri Lankans think “rata hadanna kalin mage wade karaganna epay”, so they don’t take any corrective action.

  2. අමිල says:

    මේ රටාව පුරුදු කරගත්තොත් සාමාන්‍ය කරනය කරන්නට හැකිවේවි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s