ලංකාවයි ඕස්ට්‍රේලියාවයි

මගෙ යාළුවෙක් හිටියා ජයන්ත කියලා. මට නුවර පරිගණක පන්තියක් දාන්න උදව් කළේ එයා. එයා දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. එයා මෙහෙ ආපු වෙලාවක කී කතාවක් මේ.

එයාගෙ ගෙදර ටයිල් අල්ල ගන්න ඕනෙ වෙලා. සාමාන්‍යයෙන් අපි මෙහෙදි කරන්නෙ ඒක කරන්න පුළුවන් බාසුන්නැහැ කෙනෙක් හොයල වැඩේ බාර දෙන එකයි. ඒත් එයා එ වැඩෙ ඉගෙන ගෙන (පොතකින් හරි අන්තර්ජාලයෙන් හරි වෙන්න ඇති ) තනියම ඒ වැඩේ කරල. මම ඇහැව්වහම කිව්වෙ ඒ වගෙ වැඩවලට එහෙ කුලිය හුඟාක් වැඩි හන්ද තමන්ම ඒ වැඩේ කළ බවයි.

අපි මෙහෙදි නොකරන හුඟාක් වැඩ රට ඉන්නකොට කරනවා. අබ්දුල් කලාම් මහත්තය ඉන්දියාවෙ ජනාධිපති පදවියෙන් අස් වෙනකොට අස්වීමේ කතාවෙදි හරි ලස්සණ කතා ටිකක් කියල තියෙනව. මම කතාව හම්බ වුණහම මුළු කතාවම දාන්නම්. එතකම් පහළ ඇති විස්තර ටික කියවන්නකො.

“අපි අපේ රටේ ඉන්න කොට කවදාවත් කොළ කෑලි පාරෙ දාන එක නවත්තන්නෙ නෑ. ඒත් අපි සිංගප්පූරුවෙ ඉන්න කොට ඒ වැඩේ කරන්න නෑ. ඒ රට ලස්සණට තියා ගන්න උදව් වෙනව. එහෙම නොකළොත් හිරබත් කන්න වෙනව නෙ.

අපි මේ රටේදි කරන තවත් දෙයක් තමයි කිසිම විභාගයක් අවංකව නොකිරීම. එහෙත් විදේශයකදි අපි කවදාවත් කොපි කරනව වාගෙ හොර වැඩ කරන්නෙ නෑ. දඩ කන්න හිරේ යන්න වෙයි කියල.

අපි අපේ රටේ හැම දෙයක් ම කරන්න පගා දෙන්නත් ගන්නට් හුරු වෙලා. කොමිස් යන නම්බුකාර නමින් මහා ජරා වැඩයි අපි කරන්නෙ. ඒත් විදේශයකදි බැරි වෙලාවත් පගාවක් දෙන්න හැදුවොත් හිරේ විලංගුවෙ වැටෙන්න්න ඉඩ තියෙන රටවල් ඕනෑ තරම් තියෙනව. ඒ රටවල්වලදි අපේ අය බොහෝම නම්බුකාර විදියට හැසිරෙනව.

අපි මේ දේවල් අපේ රටේදිත් කරල අපේ රට ලස්සණ වැදගත් රටක් නොකරන්නෙ ඇයි ? ”

ඒ ලිපිය කියවගෙන යනකොට මට හිතුනෙ මේ මනුස්සය අපේ රට ගැන කියනව කියලයි. අපටත් මේ ටික කරන්න බැරි ඇයි ?

This entry was posted in 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, සිංහල. Bookmark the permalink.

3 Responses to ලංකාවයි ඕස්ට්‍රේලියාවයි

  1. dinesh says:

    කතාවනම් සම්පූර්ණ ඇත්ත.අර ජනාධිපතිගෙ කතාව කියන්නකො ඉක්මනට.

  2. Isuru says:

    හැම දෙයක්ම වෙන පිළිවෙලක් තියෙන්න ඕන…. එතකොට කිසි ගැටළුවක් මතු වෙන් නැහැ……. බල්ලට උනත් මුත්‍රා කරන තැන උගන්නල තිබ්බොත් ඌ යන්නේ එතනට විතරයි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s