හාරසීයයි හාරසීයයි

මේ මගේ හරසියවෙනි ලිපිය. ඒ ගැන මට හුඟාක් සතුටුයි. ඒ මදිවට මගෙ ප්‍රතිචාරත් එක්ක ඔක්කොම දාහ පැනල. ඒකත් සුබ ලකුණක්. හැබැයි ඉතින් දාහ හරසීයෙන් බෙදුවහම නම් දෙකහමාරයි. ඔන්න ඔහෙ මොකෝ. නේද ?

ඉස්සර අපි දන්නෙ සාමාන්‍ය පෙළ කරල උසස් පෙළ. උසස් පෙළ කරල උපාධිය. උපාධියෙන් පස්සෙ අවුරුදු හුනක් විතර පශ්චාත් උපාධිය (M.Sc./M.A. etc.) . ඊටත් පස්සෙ ආචාර්ය උපාධිය (Ph.D.) . ඔය පියවර පහ පිළිවෙලින් කරන්න වෙනවා.

පළමු පන්තියේ සාමාර්ථයක් ගත්ත කෙනෙකුට පශ්චාත් උපාධිය නැතුව ආචාර්ය උපාධියකට යන්න පුළුවන්. සිව්වන පියවර අත ඇරිල පස්වන පියවරට පැන්නා..

දැන් දැන් තියෙනවා උසස් පෙළ අත ඇරලා උපාධියක් අන්න උළුවන්, විශේෂයෙන් ඒ තොරතුරු තාක්ෂණ උපාධියක් නම්. ඕනෑ තරම් විදේශීය විශ්ව විද්‍යාලවලට සම්බන්ධ ආයතන මේ වගෙ උපාධි පාඨමාලා පවත්වනව. දෙවන පියවර අත ඇරිල තුන්වන පියවරට පැන්නා.

කොළඹ විශ්ව විද්‍යාලය කියල විභාගයක් හඳුන්වල දුන්නා ගිය අවුරුද්දෙ. ඒකෙ තියෙන්නෙ විෂයයන් තුනයි. ගණිතය, ඉංග්‍රීසි හා පරිගණක භාවිතා. ඒක කරන්න මූලික සුදුසුකම් කිසිවක් අවශ්‍ය නෑ. හැබැයි ගණිතය නම් ටිකක් විතර වෙනස්. ඒකෙන් පළවෙනි හා දෙවෙනි පියවර අත ඇරිලා තුන්වන පියවරට යන්න පුළුවන් වුණා.

ජීවිතේට විශ්ව විද්‍යාලෙකට පය නොතිබ්බ අය දැන් දැන් ආචාර්ය උපාධි ලබා ගන්නවා. තුන්වන හා සිව්වන පියවර අතඇරිලා පස්වන පියවරට පැන්නා.

දැන් දැන් තමයි අපටත් තේරෙන්නෙ මේවා පිළිවෙලට කරන්න අවශ්‍ය නැති බව.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

8 Responses to හාරසීයයි හාරසීයයි

  1. වැප් says:

    සුබ පැතුම් …. ! ඉක්මනිනම් 500 කරා යැ හැකි වේවා …

  2. Wathsala Vithanage says:

    Yes! The order is not needed and skipping is possible, in other words one will have to come back and finish the missing pieces in his journey. I’m experiencing this right now. In other words (according to Hinduism) I’m learning a lesson from lord Shiva.

  3. ilandhariya says:

    පලසක් විලස යනමග මල් ඇතිරෙවා
    අහසක් උසට නව පැතුමන් ඉ‍ටුවෙවා
    දහසක් පහන් දැල්වී මග එලිවෙවා
    අරුතක් ගෙනෙන පොස්ට් 500 වෙවා

    මගෙන් සුබපැතුම්….

  4. සුබපැතුම් ගුරුතුමනි!

  5. Mubharaq Ho..! मुभारक हो..!
    Congrats…!
    500 වෙනකම් යන්න හැකිවේවා…..😀

  6. අමිල says:

    සුබ පැතුම්. කොමෙන්ට් කරන්නට තරම් ආචාරශීලී පාඨක පරපුරක් බිහිවේවා.

  7. Taboo Subjects says:

    ඔබ ලියන වේගයෙන් නම් මට කියවන්ට අමාරුයි. ඒ නිසා මේ බ්ලොග් එක බොහෝ විට මඟ හැරෙනවා. එහෙත් කාල වේලා ඇති විටෙක ඕනෑකමින් කියවන අර්ථවත් බ්ලොග් එකක් මේ. බ්ලොග් සටහන් ගණන වැඩි කරනවාට වඩා අපට වඩාත් ගුණානාත්මක සටහන් කිහිපයක් වත් දෙනවා නම් කැමතියි, අර නින්දගම්පායස්ථානය ගැන ලියපු එක වගේ.

    • kumudupinto says:

      නින්දගම්පායස්ථානය නොවෙයි නියම්ගම්පායස්ථානය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s