පරිගණක ක්ෂේත්‍රයේ පඩිනඩි

පරිගණක ක්ෂේත්‍රයේ පඩිනඩි හිතා ගන්න බැරි තරමට ඉහළයි. හැමෝටම නැති වුණත් ටික දෙනෙක් විතරක් වැඩ කරන පුද්ගලික ආයතන කිහිපයක්ම තියෙනවා ඉතාමත්ම ආකර්ශනීය වැටුප් සහිත. මේ සමහර වැටුප් වෙන කිසිම ක්ෂේත්‍රයක දකින්නට නැහැ.

උදාහරන වශයෙන් ඊයේ පෙරේදා මට දැන ගන්නට ලැබුණා, මොරටුවෙ ඉංජිනේරු උපාධියක් තියෙන කෙනෙකුට එක්තරා පරිගනක ආයතනයක රුපියල් 97000.00 ක් ගෙවනවා කියල. අපේ ආයතනයේ වැඩ කල කීපදෙනෙක්ම මේ වෙනකොට මාසයකට රුපියල් ලක්ෂයකට වඩා උපයනවා වැටුප හැටියට. නමුත් ඒ අයට පරිගණක උපාධියකට අමතරව වෙනත් පරිගණක භාෂාවල ඉතා හොඳ දැනුමකුත් ඒ සඳහා සහතිකත් තිබෙනවා.

හුඟාක් අය යම් ආයතනයකින් අවශ්‍ය අත්දැකීම් ලබාගෙන ඊළඟට මෙබඳු ආයතනයක රැකියාවකට යනවා. එක් පැත්තකින් තමා සේවය ක්කරන ආයතනය සමඟ එහෙමට බැඳීමක් නැත්නම් ඒ ආයතනයේ තව දුරටත් ඉඳීමෙන් තේරුමක් නැහැ. අනෙක් අතට ලෞකික ලෝකයක වැඩි පඩි හොයාගෙන යාමේ ප්‍රවනතාවය පිළි ගත නොහැකි දෙයක් නොවෙයි. ඒ නිසා අපට ඇත්තේ එසේ වැඩි පඩි ගෙවන ආයතන සඳහා පිරිස් නිපදවීමයි, ඒ ආයතන දේශීය ඒවා වුණත්, විදේශීය ඒවා වුණත්. මං වැරදිද ?

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

21 Responses to පරිගණක ක්ෂේත්‍රයේ පඩිනඩි

  1. KAS says:

    මමත් පරිඝනක ක්ෂේත්‍රයේ හිටියා. ඔය කියන දේ ඇත්ත. හැබැයි මම දැන් ඉන්නේ මාර්කටින් වල.
    මම හිතන්නේ මේ ක්ෂේත්‍රයේ වේතනය පරිඝනක ක්ෂේත්‍රයට වඩා ඉහලයි. ඔය කිව්ව ගාණට වඩා දෙගුණයක් විතර වැඩියෙන් තියෙන පැකේජ් එකක් අපිය ලැබෙනවා. පඩියනම් ලොකු ගාණක් නොවුනත් වාහන, ගෙවල් සහ Expenses වගේ දේවල් වලින් ලැබෙන ගාණ හුගක් වැඩියි

  2. sameera silva says:

    මොරටුවෙම වෙන්න ඔනේ නැහැ කලම්බු,පේරාදෙනියෙ අයටත් එ වගේම හම්බෙනවා.මේ ක්ෂේත්‍රයේ පඩි ගැන කතාකලොත් ඒක විවිදාකාරයි .මම මේ පහතින් සදහන් කරල තියෙන්නේ Normally හම්බෙන ගනන් මීටවඩා අඩුවෙන් හා වැඩියෙන් ගන්න අය ඉන්න ඉඩ තියනවා.

    Software Engineer (Fresh Graduate) = 50000-65000
    Senior Software Engineer = 65000 -120000
    Tech Lead(Technical head of the project) =100000-225000
    Software Associate Architec = 250000-500000
    Software Architech 500000-1000000
    CTO(Chief technical officer) = up to 1000000 මම දන්න ප්‍රසිද්ද Software company එකක ඉන්නවා 30,00000 ගන්න එක්කෙනෙක් .

    මෙ කියල තියෙන්නේ ලංකාවෙ ලැබේන ගන්න පිටරටකදි මෙක Software Engineer කෙනෙක් පටන් ගන්නේ USA වලනම් වල 5000 US Dollars විතර ඉදන්.
    ඇත්තටම පරිගණක Field එක ලංකාවෙ වැඩිපුරම පඩි ගන්න පුලුවන් පැත්තක්.කලින් comments එක දාල තියන මහත්මයා කියන්න ඔනා Software filed එකේ විශාල පිරිසකට මෙ salary ලබන්න පුලුවන් නමුත් අපි marketing පැත්ත ගත්තොත් company එකකට ඉන්නේ අඩු පිරිසක් ඒකයි මෙතන තියන ප්‍රස්නෙ.තව කියන්න ඔන දෙයක් තමයි සමහර Computer degree දෙන කඩවලට අහුවුනොත් නම් මෙ salary ගන්න වෙන්නැ.අවුරුද්දෙන් Software Engineer කෙනෙක් කරන ඒවා.

    • kumudupinto says:

      මම මොරටුවෙය කිව්වෙ උදාහරණයකට විතරයි.

      • Fiqri Ismail says:

        මට නම් ඔය කියන සහතික මොකවත් නැහැ A/L ත් යංතං ගොඩ දාගත්තේ… ඔය දෙවනියට ඉන්න කට්ටිය මගේ යටතෙ ඉඳල තියෙනවා 😉

        හැබැයි … turbo pascal ඉඳන් delphi 2010 වෙනකනුයි paint brush ඉඳන් 3d studio max වෙනකනුයි .. dbase III plus ඉඳන් Oracle වෙනකනුයි … GWBasic ඉඳන් Visual Basic 2010 වෙනකනුයි කරණම් ගහන්න පුළුවන්

        • kumudupinto says:

          අනිවාර්යයෙන්ම. පෞද්ගලික අංශයේ අවශ්‍ය වන්නේ හැකියාව මිස සුදුසුකම් නොවෙයි. ඒත් බහුතර පිළිගැනීම වෙන්නෙ උපාධියකින් හැකියාව මැනිය හැකි බවයි. එය සාවද්‍ය නම් එයට හේතුව ඉගැන්වීම් ක්‍රමයේ වැරැද්දක් වෙන්න පුළුවන්. මෙතනදි මං කැමතියි ඉංග්‍රීසි පිරුළක් උපුටා දක්වන්නට.

          “A University is a place where pebbles are polished and diamonds are dimmed.”

          • Fiqri Ismail says:

            කොල කෑලි වලට නැතුව හැකියාවට මුල් තැන දුන්න ගුරුවරු (අර්ජුන, සර්, සමන් – නම් වල පිලිවල අමතක කරන්න, හිතට ආපු හැටියය ලිව්වෙ) ලැබීම අමතක කරන්න බැහැ වෙන්නෙත් නැහැ සහා වාසනාවක්.

            තුන් දෙනා තුන් විදහක්,
            1. මේ අර්ජුන උගන්නපු විදිහ “මෙන්න ගියර් එක, මෙන්න කල්ච් එක, මෙන්න ඇක්සලෙටර් එක, මෙන්න බ්‍රේක් එක , මෙන්න ස්ටියරින් වීල් එක… දැන් උඹට ඩ්‍රයිවින් පුළුවන්… හැප්පුනාට කමක් නැහැ.. එළවපන් !!!”

            2. මේ පින්තු සර් උගන්නපු විදිහ

            ” 1. කාර් එකට නගින්න ,
            2. මෙකට තමයි ක්ලච් එක කියන්නෙ
            2a. ක්ලච් එක එක පාර අතහරින්න එපා නැවතෙනවා
            2b. … ”

            3. සමන් උගන්නපු විදිහ

            “කාර් එලවන්න කලින් කාර් එක හදලා තියන්නෙ කොහොමද කියලා දැනගන්න් ඕන.. මෙන්න එන්ජින් එක…..”

            ඔන්න මගේ පරිගණක දැනුම දුන්න පරිගණක ලෝකයේ ත්‍රිවිධ රත්නය… 🙂

    • Software Engineer (Fresh Graduate) = 50000-65000
      මේ කියන්නෙ කිසිම අත්දැකීමක් නැති,වි.වි පිටවුනු ගමන්ම ඔය තරම් විශාල වැටුපක් ලැබෙනව කියලද?මටනන් මේක පිලිගන්න අමාරුයි.1st class එකක් තිබුනත් මේ වගේ වැටුපක් ආරම්බයෙම ලැබෙයි කියල හිතන්න අමාරුයි,මන් හිතන්නෙ වඩා වැදගත් අත්දැකීම හා පුහුනුව බවයි.

  3. sahan says:

    මගේ යාලුවෙක් හිටියා ලංකාවේ තියන ප්‍රසිද්ද පරිගණක ආයතනයක දැන් වැඩට ගිහින් 1.5 අවුරුදු විතර වෙනවා.එයාව ගනිද්දි salary එක Rs 65000 යි නමුත් ගිය මාසේ increment එක Rs 50,000 දුන්නා.

  4. samarasinghe says:

    පඩිනඩි ඉහල උනාට ජීවිතය කියන්නෙ පඩිනඩි විතරක්ම නෙවේනෙ. ‍යමෙක්ට ඔය කියන පඩිය අරගෙන සතුටු වෙන්න කාලයකුත් තියෙන්න ඕන නේද? බොහෝ වෙලාවට එක පැත්තකින් යමක් ලැබෙන කොට ඒ හා සමගාමීව යමක් අඩු වෙන වෙලාවල් වැඩියි.

    • kumudupinto says:

      පළවෙනි කාරණේ මට පෙන්නන්න ඕනෙ වුණා අනෙක් ක්ෂේත්‍ර සමඟ සැසඳීමේදී පරිගණක ක්ෂේත්‍රයේ අඩු ගණනේ ආයතන කිහිපයකවත් වැටුප් අසාමාන්‍ය ලෙස ඉහළ බව. මා පිළි ගන්නේ උපාධිය හෝ දැන උගත්කම කුමන ක්ෂේත්‍රයක විහිදි ගියත් වැටුප්වල අසාමාන්‍ය වෙනස්කම් නොතිබිය යුතු බවයි. එහෙත් ඒ තත්ත්වය අද අපේ රටේ දකින්නට නැහැ. ඒ හැඟීම ප්‍රකට කිරීම මේ ලිපියේ එක් අරමුණක්.

      දෙවෙනි කාරණේ අද හුඟාක් අය මහන්සි වෙන්නේ ලොකු වැටුපක් ලබන රැකියාවක් තෝරා ගන්නයි. රටේ ආර්ථික තත්ත්වය එක්ක බලන කොට ඒකෙ ඇති වැරැද්දකුත් නැහැ නෙ. ඒ හන්ද පරිගණක ක්ෂේත්‍රයෙ වැටුප් ගැන නවකයො දැන ගත යුතුයි. මේ ලිපියෙ ඊළඟ අරමුණ වුණේ ඒකයි.

      තුන්වෙනි කාරණේ ගුරුවරයෙක් හැටියට අපි ඉන්න ක්ෂේත්‍රයෙ වැටුප් ගැන කතා කිරීම පෞද්ගලිකත්වය විවෘත කිරීමක් ලෙස මා දකින්නෙත් නැහැ.

      • samarasinghe says:

        සර් මේ ලිපියෙන් කියන්න බලපොරොත්තු උනේ මොකද්ද කියන කාරණය මට තේරුනා. මමත් පුද්ගලිකව කැමතියි රටක දියුනුව උදෙසා තමන්ගෙ දහඩිය ශ්‍රමය කැප කරන මිනිස්සුන්ට එක තලයක විසුරුණු වඩා තෘප්තිමත් වේතනයක් ලැබෙන ක්‍රමයක් තියනවනම්. ඒත් ලංකාව වගේ රටක මේ කියන කාරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බොහෝ අඩුපාඩුකම් මම නම් දකිනවා.

        මේක දිගට දිගට යන කතාවක් :). නමුත් අද මේ වෙනුවෙන් අපි ලියන එක වචනයක් හෙට මේ වෙනුවෙන් කරන කතිකාවත් බොහොමයකට පුංචිම හෝ උදව්වක් වෙවි. කාටද කියන්න පුලුවන් අපි හිතන පතන දේ ඉදිරියට සිද්ද නොවේවි කියල. මේ තියන ගොඩක් දෙවල් වලට විසදුම තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආකල්ප වලමයි.

        අපිට කියන්න පුලුවනි මේව දේශපාලකයන්ට, ඉහල නිලධාරීන්ට අයත් වැඩ මිසක් අපිට මේ වෙනුවෙන් යමක් කල නොහකියි යන කාරනය.නමුත් මගෙ නම් තර්කය ඒ තැනුත් නියොජනය වෙන්නේ අපේම උප කුලකයක්නෙ.ඉතින් ඒත් අපිමනෙ අන්තිමට බලපුවහම. ඉතින් වැරද්දත් අපෙමනෙ. මේක පදිනඩි වල විතරක් තියෙන පරස්පරයක් නෙවෙයි අනික් බොහෝ පොදු කාරනා සම්බන්ධයෙනුත් මේ විදිහමයි.

        • kumudupinto says:

          මේ මත ක්‍රියාවට නැංවීමට ඔබ දැනටමත් දායක වෙලා ඉවර නෙ. බලයෙන් හරි අනෙක් අයවත් ඔබේ ක්‍රියාවට එකතු කර ගන්න. මේ මාවත්.

    • Fiqri Ismail says:

      මම පොඩ්ඩක්වත් එකඟ නැහැ… කවුරු මොනවා කිව්වත් ලොකු පඩියක් ගන්න කවුරුත් කැමතියි (හිතට තට්ටු කරලා බලන්න).

      අනික තමන්ගෙ පඩිය ගන්න කෙනා දැනගන්න ඕන.. “රස්සාව කරන්නෙ ජීවත් වෙන්න මිසක්, ජීවත් වෙන්නෙ රස්සාව කරන්න නෙමෙයි” (අපිට නම් සෙනසුරාදා ඉරිදා සහ පෝය දවස් නිවාඩු… වැඩ කරන වෙලාවට පැය 7 ක් වැඩ ඒ 7ම වැඩ) ඉතින් ඊට වැඩිය තවත් මොනවද..

      පොඩි දවස් වල ඉගෙන ගත්ත කවියක් මේ…

      Work while you work,
      Play while you play;
      One thing each time, One thing at a time
      That is the way.
      to be cheerful and guy

      All that you do,
      Do with your might;
      Things done by halves
      Are not done right.”

  5. Rajitha says:

    samarasinghe kiyapu de hariyatama hari.mamath moratuwe 1st year inna kenek.api kana katta api witarai danne.nidahasa seema wena eka nam aththa.jeevithe kiyanna salli nemei…:-)))

  6. සමරසිංහගෙ අදහසට සම්පූර්නයෙන් එකගයි.අනාගතයේ හොද පඩියක් අරන් ජීවත් වෙන්න අපි වි.වි වල විදින දුක අනුව සමහර වෙලාවට හිතෙනවා සතුටින් ජීවත් වෙන්න මෙච්චර දුක් විදින්න ඕනද කියල.සතුට කියන්නෙ මුදල්ම නෙවෙයි කියලා මටනන් හොදට තේරුම් ගිහින් තියෙන්නෙ.
    කෙසේ උනත් මේ ලිපියෙන් නවකයන්ට හොද දැක්මක් ලබා දීම ගැන ඔබට ස්තුතියි.

  7. චමින්ද says:

    ඔව්… සමරසිංහගේ අදහස හරි…. ඇත්තටම ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි තමයි. ඒත් Fiqri කියනවා වගේ අපි මේ තරම් මහන්සි වෙන්නේ හොඳ පඩියක් තියෙන රස්සාවක් බලාගෙන නේද? අනික අද සමාජයේ මිනිස්සුන්ව මනින එකම මිණුම්දන්ඩ සල්ලි නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්.. කොහොම උනත් පින්තු සර්ගේ බ්ලොග් එකට පිවිසෙන බහුතරයක් මුදල් පසුපසම හඹාගෙන යන අය නොවීම ගැන නමි හරිම සතුටුයි….

  8. Wathsala Vithanage says:

    This is what I believe in, I call it (kwp theorem).

    1.) Work hard to earn Knowledge. (k)
    2.) Convert all your knowledge to wealth and fame through innovation. (w)
    3.) Convert your wealth and fame to power. (p)

    (k) -> (w) -> (p)

    That’s how empires are built I think. I’m sorry to say this, we live in a poor country, poor because of our own lousiness. Quality of life is not a thing for us, if we follow the above 3 steps, yes then our children will be in a position to talk about quality of life.

  9. අමිල says:

    වටින ලිපියක්. කමෙන්ට්සුත් වටිනවා.

  10. rasika says:

    api hamotama dana ganna ekka oya tharam padi dena company wala nam kiwwoth narakada… (advertisement ekak nowana widihata)

    • kumudupinto says:

      අමාරුයි. පුද්ගලිකව මුණ ගැහුණොත් ඒ පඩි ගන්නෙ කව්ද කියල කියන්නම්.

  11. Muditha says:

    මේ මම පොතකින් උපුටාගත්තු වාක්‍යයක්: “Give a day’s work for a day’s pay. Anything less is stealing.” රැකියාව කරගෙන යද්දී හිත දුර්වල වෙන කොට හිත ශක්තිමත් කරගන්න (motivate) මම මේ වාක්‍යය පිළිගත්තත්, මේකේ අනිත් පැත්තත් මෙහෙමම වෙන්න ඕනේ කියලා මට දැන් දැන් හිතෙනවා.

Leave a reply to චමින්ද Cancel reply