මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය

මීතොටමුල්ල ශ්‍රී නාගවනාරාමය කියන්නෙ අපේ ගමේ පන්සල. අපි පුංචි කාලෙ බොහෝම සිල්වත් ස්වාමීන් වහන්සේලා වැඩ හිටියත් පසු කාලයක මන්තර ගුරුකම්වලට බේබදුකමට සිත්‍රී ලෝලත්වයට යටවුණා. අපිත් පන්සල මඟ හැරියා. ඒත් කාලයකට පස්සෙ ආයෙත් පන්සලට අළුත් එළියක් වැටිලා. බොහෝම සිල්වත් තරුණ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් දැන් පන්සලේ වැඩ වසන්නෙ.

මම පෞද්ගලිකව ම මේ ගැන සතුටු වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා ගේ ආකල්පත් අපි වගෙ අය පැහැදෙන ඒවා. අද මම දෙමාපියන් වෙනුවෙන් පන්සලට හීල් දානෙ ගෙනිච්චා. අම්ම නැතිවෙලා ජූනි 21 වෙනිදට අවුරුදු 13යි. තාත්ත නැතිවෙලා ජූනි 17 වෙනිදට අවුරුදු 5යි. පුදුමෙකට ඒ දෙන්නම නැති වුණේ ජූනි මාසෙ එක ළඟ දවස්වල.

මම කාලෙක ඉඳන් හිතාගෙන හිටි දෙයක් තමයි අපේ පන්සල ගැන යම් විස්තරයක් සිංහල විකිපීඩියාවල දානව කියල. අද යම් තරමකට මගෙ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. ඒත් අතීතයෙ ඉඳන් හිටි නායක ස්වාමීන් වහන්සේලාගෙ විස්තර තවම හම්බ වුණේ නැහැ. ඒවත් ලැබුණම ඒ විස්තරයත් පළ කරනවා. මම හිතන්නෙ මේ විස්තර සයිබර් අවකාශයේ තිබුණොත් හොඳයි කියල. ඕගොල්ලොත් මේ Link එකෙන් විස්තර බලා ගන්නකො.

This entry was posted in 22. සිංහල සයිබර් අවකාශය, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s