විශිෂ්ඨයෙකු වීමේ පස්වන පියවර

අප මුලින්ම අප තෝරා ගත් ඉලක්කයට අසීමිතව ආදරය හෝ ගෞරව කරන්නට පටන් ගත් බවත් ඒ පිළිබඳව නිශ්චිත දැඩි තීරණයකට එළඹුනු බවත් එසේ තෝරා ගත් ඉලක්කයට එරෙහිව යමක් සිතන්නට කියන්නට හෝ කරන්නට ලජ්ජා වූ හා බිය වූ බවත් ඔබට මතක ඇති. ඊළඟට ඔබ විසින් කළ යුතුව ඇත්තේ ඔබගේ ඉලක්කයට සමාන වෙනත් ඉලක්කයන්ට කැමති වීම අත්හිටුවීමයි.

අප බොහෝ දෙනෙකුගේ ඇති ලොකුම දුර්වලකම වෙන්නෙ අපි එක ඉලක්කයක් ඉෂ්ට කර ගන්න වැඩ කරද්දි ඒකට සමාන, ඒ කියන්නෙ ඒ වාගෙ වෙනත් ඉලක්කයන්ටත් කැමැත්තක් දැක්වීමයි. අපි හිතනව අපට එකම වෙලාවකට ඉලක්ක එකට වඩා එක්ක වැඩ කරන්න පුළුවන් කියල.ඒත් අපට සමහර වෙලාවට අමතක වෙනව ඒ අමතර ක්‍රියාවන්, අමතර ඉලක්කයන් එක්ක අපේ ප්‍රධාන ඉලක්කය දියාරු වී යන බව.

ඒ හන්ද අපේ හැකියාව මැනවින් හඳුනා ගන්නකම් අපගේ කාලය කළමණාකරණය, මූල්‍ය කළමණාකරණය හා ශ්‍රමය කළමණාකරණය හරිහැටි කර ගන්නා තෙක් අපගේ තෝරා ගැනීම එක ඉලක්කයකට පමණක් සීමා කරමු.

අපි මුලින්ම තෝරා ගත් ඉලක්කයට පස්සෙ තවත් ඉලක්කයක් තෝරා ගත්තෙ ඒ දෙවන ඉලක්කයේ ඇති වෙනත් ලක්ෂණයක් නිසා නම් අපි ඒ දෙවන ලක්ෂණයට අළුතින් ඇති වූ කැමැත්ත ඉවත් කර ගනිමු. නැවතත් පළමු පියවරේ සිට සිව්වන පියවර දක්වා පළමු ඉලක්කය ස්ථාවර කර ගනිමු. මුලින් තෝරා ගත් ඉලක්කයට ඇති කැමැත්ත නොකැඩී එක දිගටම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් එය අපට, අපේ සිතුවිලිවලට බද්ධ විය යුතු බවත් අවබෝධ කර ගනිමු. ඒ අනුව අපගේ ඇවතුම් පැවතුම් සකස් කර ගනිමු.

This entry was posted in 18. විශිෂ්ඨයෙකු වීමට මඟ, සිංහල. Bookmark the permalink.

5 Responses to විශිෂ්ඨයෙකු වීමේ පස්වන පියවර

  1. rangana says:

    මමත් සර් ගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක්, ලිපි පෙල මුල ඉදන් කියෙව්ව, අත්තටම ගොඩාක් වටිනව.

    මම උසස් පෙළ කරන කාලෙ, ධනාත්මක චින්තන වැඩමුළු කිහිපයකට සහභාගී වෙලා තියෙනව, මමත් ඔය විදිහට ඉලක්කයක් කරා යන කෙනෙක්. මට අවුරුදු 20දි මගේ හැකියාව සහ ආශාව මම තේරුම් ගත්තා, ඊට පස්සෙ මම අවුරුදු 27දි ඉන්න ඔනෙ ඉලක්කයක් හදාගෙන, අවුරුද්දෙන් අවුරුද්දට මගේ උපන් දිනෙයෙන් දිනෙයට අතුරු ඉලක්ක ගොඩනගා ගත්තා,(මම හිතන්නෙ උපන් දිනය තරම් තවත් හොද දිනයක් නැහැ ඉලක්කයක් තබා ගන්න.)

    මම දැන් අවුරුදු 24 ඉන්නෙ, ඇත්තටම මම අද වෙනකොට මගේ අවුරුදු 25ක අතුරු ඉලක්ක ගොඩක් සපුරගෙන ඉන්නෙ, ඒ ගැන මම සතුටු වෙනව වගේම, අපි හැමෝටම, මේ දේවල් ඉගෙන ගන්න බ්ලොග් එකක ලිවීම ගැන ඔබට ගෞරව කරනව.

    මට මේ ගමන යද්දි ආපු ලොකු ගැටළුවක් තියෙනව සර් ගෙන් අහන්න, අපි යම් ක්ෂේත්‍රයක් ගැන ආශාවකින් ඉලක්කයක් කරා යනකොට, අපේ හිතේ අර ඉලක්කය ගැන තන්හාවක් උපදිනව, ඊට පස්සෙ අපිට වඩා ඉස්සරහින් ඒ ඉලක්කයම කරා යන අය ගැන ඊරිසියාවක් උපදිනව. මට ඒක නැති කර ගන්න සර් ගෙන් උපදේශයක් ගන්න ඕන

    • kumudupinto says:

      මගෙ ලිපි පෙළෙහි 20,21 හා 22 පියවරවලදී අපි කතා කරනව විශ්ව සම්මත වැරදි හැඟීම් ගැනීම අපගේ ඉලක්කය බාල වීමට හේතුවක් වන බව්. කොහොමටත් බයිසිකල් රේස් එකකට සම්බන්ධ කෙනෙක් අනෙක් අය දුවන විදිය ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනෙ නැහැ කියලයි මං හිතන්නෙ. තමන්ට එන ඊර්ෂ්‍යා සහගත හැඟීම් තමන්ටම පෙනෙනව නම් ඒවා වැරදියි කියලත් දන්නව නම් එතන නේද ඒවා නැති වීමේ හෝ නැති කිරීමේ මූලාරම්භය ?

      හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි යමකින් සාර්ථකත්වයට පත් වීම කියන්නෙ තරඟයකින් දිනීම නොවන බව. අවශ්‍ය වන්නේ අනෙක් විශිෂ්ඨයින් ගොඩට තවත් විශිෂ්ඨයෙකු එකතු වීම පමණයි. බෝධිසත්වවරුන් බුද්ධත්වයට පත් වීම සිහියට නඟා ගන්න. ඒක කොහෙත්ම තරඟයක් නොවෙයි. ඒ නිසා වහාම ඊර්ෂ්‍යාව මරා දමන්න.

  2. අමිල says:

    හරිම වැදගත්

  3. !!!!!! says:

    sir mata prashnayk tiyenwa ahanna,mama podi kale idan pariganaka walata godak asa kara,man issellama BASIC igena gatte 4 wasaredi withra,ita passe 10di ehema jathika mattame kusalana ehemath ara gatta,eth passe passe mata e wishaya gana tiyena aasawa nathuwama giya,dan ithn web surfing wage withrai karanneth,coding karapu kaalayk mathaka na,dan tiyena godak dewal(languages wage) gana mata awabodaykuth na,mata sarayk hithuna pariganaka nisa jeewithyk nathi weida kyala nerd kenek wela,e nisada danne ewa gana aaswak nathi une,pariganaka withrak newe mata dan kisima technical deyak gana aaswak na,mata upades tikak denna puluwannm loku udawwak,nerd kenek novi siyalu dewal jaya ganna puluwan hati gana,obathumage lipa pela aththatama godak watinwa api hamotama

    • kumudupinto says:

      පළවෙනි කාරණේ ලෝකේ කිසිම නීතියක් නෑ හැමෝම පරිගණක විද්‍යාවට හරි වෙනත් තාක්ෂණික විෂයයන්ට හරි කැමති වෙන්න ඕනෙ කියල. ඇත්තම කියනව නම් මගෙ කැමැත්ත කෘෂිකර්මයට නැඹුරු වෙන්නයි. දෙවෙනි කාරණේ සමහරු එක කාලයක එක විෂයයකට කැමති වෙලා තවත් කාලයක තවත් විෂයයකට කැමති වෙනවා. උදාහරණ වශයෙන් මම කාලයක් වෛද්‍ය විද්‍යාවට කැමති වුණා. ඊළඟට ඉංජිනේරු විද්‍යාව කළා. අන්තිමට පරිගණක විද්‍යාවෙ නැවතුණා. අනාගතේ මොන විෂයයක් තෝරා ගනියි ද දන්නෙ නෑ.

      හැබැයි ඔක්කොම එපා වෙන්න නම් වෙනත් හේතුවක් ඇති. සමහර විට තමන් නොදකින යම් කණගාටුදායක සිද්ධියක් ජීවිතයට සිදු වූ නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජය සමඟ කේන්තියෙන් හෝ කලකිරීමෙන් වෙන්න පුළුවන්. හැම දෙයක් ම එපා වෙන නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.

      මේකට විසඳුම් කිහිපයක්ම තියෙනවා. එකක් තමන් ගෙ හිතේ කැමැත්ත හවමත් අයින් වුනේ නැති දෙයක් හොයාගෙන ඒ කැමැත්ත විශාලනය කරන එකයි. දෙවැන්න යම්කිසි අන්දමක ප්‍රේමයක් පටන් ගන්න එකයි. තුන්වැන්න ආධ්‍යාත්මික ගුරුවරයෙක් හොයා ගන්න එකයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s