සීතාවනි ඔබ හැඩරුව ඇති බව

සීතාවනි ඔබ හැඩරුව ඇති බව
දිවි හිමියෙන් පතිදම් සුරකින බව
දනිමි ඔබත් දැනගත යුතු මේ බව
ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව

පති කුල ගොත වත – ඉහළයි හැමවිට
එහි අභිමානය – රකිනෙමි හැමවිට //

අන් සතු අඟනක් සෙනෙහස පැතුමට
නිහින නොවේ මේ රාවණ පෙළපත

සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .

මගෙ සොහොයුරියක් පෙර දවසාක් දා
රාම කුමරුගෙන් හිරිහැර වින්දා //

පිළිතුරු ලෙස ඔබ සිරකර රන්දා
හෙළ පෙළපත අබිමන් දද බැන්දා

සීතාවනි ඔබ හැඩරුව ඇති බව . .

ප්‍රේමසිරි නානායක්කාර ගයන මේ ගීතය රාවණා කළ ක්‍රියාව දිහා වෙනස් ඇසකින් බැලීමක්. මම මුලින් හිතාගෙන හිටියෙ මේ ගීතය ගායනා කරන්නෙ පුන්සිරි සොයිසා කියලයි. අදයි “මියුරු ගී” වෙබ් අඩවියෙන් හොයා ගත්තෙ. පද රචනාව කාගෙ වුණත් අති විශිෂ්ඨයි.

ඉන්දීය චිත්‍රපටවලින් රාවණාව පතුරු ගහද්දි “ශ්‍රී රාවණ්ණා පුවත” ලියූ භද්‍රජී මහින්ද ජයතිලක වගේම මේ ගීතය ලියූ පුද්ගලයාත් රාවණා අභිමානය රැකීමට උත්සාහ දැරීම ඇත්තටම අගය කළ යුත්තක්.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

6 Responses to සීතාවනි ඔබ හැඩරුව ඇති බව

  1. ඉන්දීය චිත්‍රපටි වලින් රාවණාව පතුරු ගහන්නෙ. එයා කරපු වැඩේ හින්දා. ලංකාවෙ අයටත් රාවණා අභිමානය රකින්න ඕනෙනම් හින්දි චිත්‍රපටි වලට බනින් නැතුව, රාමයානය වගේ චිත්‍රපටියක් හදලා රාමාව පතුරු ගහන්න තියෙන්නෙ.ඒත් ඉතින් ලංකාව චිත්‍රපටි වලින් ඉන්නෙ ප්‍රාථමික අවධියෙනෙ. අපේ අයට ඒ වගේ චිත්‍රපටි හදන්න තව කල්පයක්වත් යයි. Bollywood is the Best..!

    • kumudupinto says:

      ලංකාවෙ ඉඳගෙන ඉන්දියාවට ආ වඩන එක හරියට තමන්ගෙ ගෑණි ඉඳිද්දි පිට ගෑණුන්ගෙ වරුණෙ කියනවා වගෙ.

      • Fiqri Ismail says:

        සීතා දේවිය රාමාට තමන්ගෙ පතිවත ඔප්පු කරන්න ගිනි උඩින් ඇවිද්ද කියලා ඉතිහාසෙ තියෙනවා.. පිච්චුනේ නැති නිසා රාම කුමාරයා ඇයව පිළිගත්තා කියලත් තියෙනවා.. හැබැයි රාවණා කියනේ ගිනි උඩින් යෑමෙ (ගිනි පෑගීමේ කලාව) ප්‍රගුණ කල කෙනෙක් කියලත් තියෙනවා😉

  2. මම මෙහෙ ඉන්නෙ ඉන්දියා යන්න බැරිකමට. මම කොහොමත් ඉන්දියාවට ලැදියි. ඒක මට තේරෙන් නෑ ඇයි කියලා. අම්මා කියන්නෙ මම පොඩි කාලෙ ඉඳලම එහෙමලු.

    පලවෙනි එක එයාලා රාමායනය හදලා රාවනාව වර්ණනා කරන් නෑනෙ කොහොමත්. දෙවැනි එක ලංකාවෙ මිනිස්සුන්ට රාවාණා ගැන අභිමානයෙන් කතාකරන්න ඕනෙ නම් ඒක චිත්‍රපටියකින් හරි ටෙලි නාට්‍යකින් හරි කතාවකින් හරි කරන්න තිබුනා. ඒත් ශ්‍රී ලාංකිකයො එහෙම කළේ නෑ. ඒ කියන්නෙ එයාලට තම රටේ අභිමානය ගැන වර්ණනා කරන්න ඕනෙ නැහැයි කියන එක. ඒකට හොඳම උදාහරණෙ මේ ලඟින්ම ගන්න පුලුවන්.

    අයිෆා එකට ඓශ්වර්යා, අභිශේක්, අමිතාබ්, ෂාරුක් ආවෙ නෑ කියන එක කවුරුත් දන්නවනෙ. එයාල ලංකාවට අවමන් කළා කියලා හැමතැනම කතාවුන එකත් දන්නවනෙ. එයාලාගෙ චිත්‍රපටි මෙහෙ ප්‍රදර්ශණය කිරීම තහනම් කරනව කියලත් කිව්ව. එහෙම කියලත් දවස් 13කින් ඓශ්වර්යා සහ අභිශේක් ඉන්න “රාවණ්” චිත්‍රපටිය ජුනි 18 ලංකාවෙ ප්‍රදර්ශණය කලා. ඉතින් මේකෙන් කියවෙන්නෙ ලංකාවෙ මිනිස්සු ලංකාව ගැන නොහිතා ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය දියුණු කරන එක නෙමේද?

    එහෙම බැලුවම මම විතරක් නෙමේ ලංකාවෙ ගොඩක් මිනිස්සු අනුන්ගෙ ගෑනුන් වර්ණනා කරනවා..
    තවත් තියනවා ඉතින්. ඒවා කතාකරන්න ගිහින් අන්තිමට සර්යි මායි තරහ වෙයිද දන්නෑ…:D😀😀

  3. මේක ලිව්වේ අපේ සදාදර ගීත රචක කේ ඩී කේ ධර්මවර්ධන… “හෝ පලු වනපෙත”, “මිහිලිය නළලේ අංජන තිලකේ” බඳු මියුරු ගී ඔහුගේ අතින් නිමැවූවන්…

    • kumudupinto says:

      ස්තුතියි තොරතුරට. මම ඒ කාරණය දැනගෙන හිටියෙ නැහැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s