පැටී

මම හුඟාක් කැමතියි බල්ලන්ට. කාලයක් අපේ ගෙදර බලු පරම්පරාවක්ම හිටියා. එක බැල්ලියකගෙන් පටන් ගත්ත වැඩේ බැල්ලියො තුන්දෙනෙක් දක්වා වර්ධනය වුණා. පහුගිය කාලෙ අපේ ගෙදර හිටිය ටෝනිත් වයසට ගිහිල්ල අප අතරින් වියෝ වුණා. ඊට මාස කිහිපයකට පස්සෙ අල්ලපු ගෙදර බලු පැටියෙක් හදන්න ගත්තා. එයා පැටී. මට තියෙන්නෙ පුදුම බැඳීමක්. මේ ඉන්නෙ එයා.

පැටී

පැටී

මේ ලිපිය ලියන ගමන් මම “මියුරු ගී” වෙබ් අඩවියට ගිහිල්ල ෆ්‍රෙඩී සිල්වා ගයන “හිටියා උදාර කොල්ලෙක්” ගීය අහන්න පටන් ගත්තා. චරිතය මොකක් වුණත් හොඳ ගායකයෙක්. මම හිතන හැටියට මේ ගීය ලියල තියෙන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස්. පද රචනයත් තනුවත් ගායනයත් සුසංයෝගී වුණහම කොච්චර හොඳ නිර්මාණ බිහි වෙනවද ?

හිටියා උදාර කොල්ලෙක් – ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
පළාතෙ එන්නෑ බිල්ලෙක් – උගේ ඇඟේම නෑ එක මැක්කෙක්

බල්ලෙක් තම ස්වාමියට තියෙන බැඳීම හරිම අමුතුයි. ඒ බැඳීම නිසාම සතුටෙන් ජීවත් වෙන අය ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්. මම හිතන්නෙ “අද” නැකතෙ උපන් අය හා “මුල” නැකතෙ උපන් අය එක්ක බල්ලො ඇති කර ගන්නා බැඳීම හරිම ප්‍රබල බවයි.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

3 Responses to පැටී

  1. මගේ සටහනකට මෙන්න මෙහෙම ප්‍රතිචාරයක් ලැබිලා තිබ්බා

    “බල්ලෝ අපිට හරිම කීකරුයිනේ. බල්ලා අපිව සලකන්නේ උන්ගේ ස්වාමියා කියලා. ඒත් පූසගෙන් කවදාවත් එහෙම සැළකිලි බලාපොරොත්තු වෙන්න එපා. ගෙදර පූසා කොහොමත් ඉන්නේ ගෙදර උගේ, ඌ අපිට ගේ රෙන්ට් එකට දීලා වගේනේ… නැද්ද මං අහන්නේ…”

    -Pathum Punchihewa-

    http://status-chanaka.blogspot.com/2010/05/blog-post.html
    ————————-

    ඇයි එහෙම වෙන්නෙ කියලා හා පැටික්කි ඌන පූර්ණයකුත් කරලා තිබ්බා

    http://haapatikki.blogspot.com/2010/05/blog-post_21.html

  2. Wathsala Vithanage says:

    Very true, dog can become a great friend and a companion. I like dogs at the same time I don’t like cats.

  3. අමිල says:

    මගෙ බව්වා චිලී. එයා ලෙඩ වෙලා. මම තමයි බලාගන්නෙ. බෙත් බොන්න හොරා. ෙක්ක් කෑලි වල දාලා තමයි ෙබ්ත් ෙපාවන්නෙ

    ps: මෙ කථාව අැත්ත තමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s