ඡායාරූප ගැනීමේ විනෝදාංශය

අද කාලෙ හුඟාක් අය ගාව පුංචි ඩිජිටල් කැමරාවක් ට්තියෙනවා. එහෙම නොතිබුණත් අපි විනෝද චාරිකාවක් යන වෙලාවක හුඟාක් වෙලාවට කාගෙ හරි දන්න කෙනෙකුගෙ කැමරාවක් ඉල්ලගෙන යනව. ඒත් අපි ගන්න ඡායාරූපවලට මොකද වෙන්නෙ ?

එක්කෝ අපි ඒවා මුද්‍රණය කරල ගෙදරට එන අයට පෙන්නන්න ඇල්බමයක අලවනවා. එහෙමත් නැත්න්නම් පරිගණකයේ යම් තැනක ගබඩා කරලා තියා ගන්නවා.

ඔය ඡායාරූප අතර කොච්චර නම් තියෙන්න පුළුවන් තවත් කෙනෙකුට ඉගෙන ගන්න යම් රූපයක් ? රස විඳින්න යම් රූපයක්. ඒ වගේම සමහරු යම් අවශ්‍යතාවයකට Copyright ප්‍රශ්ණය අදාල නොවන පින්තූරයක් හොයා අන්න කොයි තරම් වෙහෙසක් වෙනවද ?

ඒ නිසා අපට පුළුවන් නම් අපි එහෙම ගන්න ඩිජිටල් ඡායාරූප අනෙක් අයටත් නිදසේ පාවිච්චි කරන්න පුළුවන් තැනක ගබඩා කරන්න ? ඒ වගේම ඒ යම් ඡායාරූපයක ඇති යම් තොරතුරක් ගැන වාක්‍ය කිහිපයක විස්තරයක් අපට ඒ සමඟම ගබඩා කරන්න පුළුවන් නම් ?

This entry was posted in 21. පටන් ගනිමු ද ? කරල බලමු ද ?, 22. සිංහල සයිබර් අවකාශය, සිංහල. Bookmark the permalink.

6 Responses to ඡායාරූප ගැනීමේ විනෝදාංශය

  1. Wathsala Vithanage says:

    මීට විසදුම ඒව Flickr.com එකේ දාල license එක Creative Commons බවට සැකසීම. එතකොට ඡාය රූපය Internet එකේ තියෙන අතරෙම අන් අයට ප්‍රයෝජනයට ගන්නත් පුලුවන්.

  2. කුම්භකර්ණයා says:

    picasa එකත් use කරන්න පුළුවන්. ඒකේ list එක public කරන්න. එතකොට බලන කෙනාට සම්පූර්ණ ධාරිතාවෙන්ම (මුල් quality එකෙන්ම) download කරන්නත් පුළුවන්. හැබැයි unlisted හරි private හරි දැම්මොත් වෙන කාටවත් බලන්න බෑ.

  3. සරත් ගුණතුංග says:

    ඡායාරූප ශිල්පය ජීවත් වීමේ ක්‍රමයක් ලෙස යමෙක් සලකනව නම් අයිතිවාසිකම් කීමේ සාධාරණත්වයක් තියෙනව කියල හිතන්න පුලුවන්. එහෙම නැත්නම් තේරුමක් නැහැ කියලයි මට හිතෙන්නෙ. පහත සඳහන් සටහන් වල ඇති ඡායාරූප ගත්තේ මා විසිනි. ඕනෑම කෙනෙකුට අවශ්‍ය නම් ඒවා පාවිච්චි කල හැක. ඒවායේ ඇත්තේ මේ ලෝකයට අයිති දේවල්ය, මට අයිති නැත.

    http://sgunatunga.blogspot.com/2009/02/blog-post_11.html
    http://sgunatunga.blogspot.com/2009/01/depth-of-field.html

  4. මට හිතෙන විදිහට දැන් ගොඩාක් අය තම තමන්ගෙ ඡායාරූප Flickr.com වැනි වෙබ් අඩවි වලට දානව. නමුත් බහුලවම සමාජ අඩවි වන Facebook, orkut , hi5 වැනි වෙබ් අඩවි වලට දාන්න පුරුදු වෙලා තියෙනව. අනික Flickr.com වලට අප්ලෝඩ් කරනදෑ සමහර රටවල අයට බලාගත නොහැකිබව නම් කවුරුත් දන්න ගැටළුවක්.

    • Wathsala Vithanage says:

      ඒත් දැන් Facebook පවා සමහරක් රටවල අයට නැහැ නේද? මම නම් හිතන්නෙ ඒක ගැන අපි හිතන්න ඕනෙ නැහැ කියන එකයි. ඒ වගේ මෝඩ තකතීරු අන්තවාදී තීරණ ගන්න ආණ්ඩු බලයට ගෙනාවෙත් ඒ රටවල මිනිස්සුමයි ඒ ගොල්ලො ඒව විදවපුවාවෙ. විදවල විදවල ඇතිවුනාම ඒ අයම ආණ්ඩු වෙනස් කර ගනීවිනේ.

  5. /* ඔය ඡායාරූප අතර කොච්චර නම් තියෙන්න පුළුවන්
    තවත් කෙනෙකුට ඉගෙන ගන්න යම් රූපයක් ? රස විඳින්න යම් රූපයක් */

    මෙන්න මේ රූප‍ය සර් කියන ප්‍රකාශයට සාක්ෂියක් නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s