භාෂාවක් ස්ථිතික ද ගතික ද ?

අපි හුඟාක් වෙලාවට අපේ මව් භාෂාව ගැන උදම් අනනවා. අපි ඉංග්‍රීසි වචන කලවම් කරගෙන කතා කරන අය දිහා බලන්නේ උපහාසයෙන්. ඔහුගේ දුර්වල සිංහල දැනුම ගැන අපි ඔහුට පහර ගහන්නෙ ඉතා නිර්දයවයි. අපි මෙහෙම කරන්නෙ අපේ මව් භාෂාව වෙන කිසිම භාෂාවක් එක්ක මිශ්‍ර නොවී තියෙන සුපිරිසිදු භාෂාවක් කියල හිතන හින්දනෙ. ඒත් ඒක ඇත්තක් ද ?

අපි අද ව්‍යවහාර කරන භාෂාවෙ කොච්චර නම් පාලි සංස්කෘත යෙදුම් තියෙනවද ? සමහර වචන අපි අපේම කර ගත්තත් සමහර ඒවා අමුවෙන්ම අනුන්ගෙ. ඒ එක්කම අප ව ආක්‍රමණය කළ ජාතීන්ගෙ වචන කොච්චරවත් අප අතර භාවිතයේ තියෙනවද ? අල්මාරි කවිච්චි ට්‍රන්ක පෙට්ටි හා සූට්කේස් තියෙන ගෙවල්වල පාවිච්චි කරන ගෙවල්වල නේද අපි ඉන්නෙ ?

අපේ වාසගම් කීයක් ශුද්ධ සිංහල ද ? පෙරේරා, සිල්වා, ඩයස්, ප්‍රනාන්දු වගේම පින්තු ලාත් ඕනෑ තරම් අප අතර ඉන්නවා මාත් එක්කම. අපි බෞද්ධයෝ. ඒත් වාසගම් එක්කෝ පෘතුගීසි. එහෙමත් නැත්නම් ලන්දේසි. නම පෘතුගීසි කියල මම නම් නම වෙනස් කරන්න ගියේ නෑ. නම කියන්නෙ නිකම්ම හඳුනා ගන්න පාවිච්චි කරන වචනයක් කියලයි මම හිතන්නෙ.

අපි එකිනෙකා හා අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගන්න නෙ භාෂාවක් ගොඩ නැඟෙන්න ඇත්තෙ. එක් එක් පළාත්වල එක් එක් රටවල්වල පරිනාමයට භාෂා විවිධ ස්වරූපයක් ගන්නවා. එකම රටේ වුණත් පළාත් දෙකක් අතර පාවිච්චි වන යෙදුම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්.

අද පරිගණක වෘත්තියේ යෙදී අය පාවිච්චි කරන පරිගණක භාෂාවලදී එක් භාෂාවක යම් දෙයක් කිරීමට පාවිච්චි කරන යෙදුම නෙවෙයි වෙනත් භාෂාවක පාවිච්චි කරන්නෙ. ඒත් ඒ අය ඒ ගැන මැසිවිලි නඟන්නේ නෑ. මැසිවිලි නඟල තේරුමක් නැති නිසා.

ඒත් අපේ ව්‍යවහාර භාෂාවලදි නම් මේ පොරකෑම තවමත් තියෙනවා. ඇත්තටම අපි එහෙම පොර කන්න කුලල් කා ගන්න අවශ්‍ය ද ? ඉංග්‍රීසි ජාතිය අප ව යටත් කරගෙන හිටි බව හැබෑව. ඒ හන්ද අපි දීන ජාතියක් ව සිටි බවත් හැබෑව. එයින් කියවෙනවද අපි ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය ව්‍යවහාරයේදීවත් භාවිතා නොකළ යුතුය කියලා.

අපි කියනව නම් හැමෝම සිංහලෙන් ඉගෙන ගත යුතුය කියලා, දැනට තියෙන සියළුම දැනුම් සම්භාරය අපි සිංහලට හරවන්න ඕනෙ. පොත්පත් වගේම සයිබර් අවකාශයෙත් අවශ්‍ය හැම තොරතුරක් ම සිංහලෙන් තියෙන්න ඕනෙ. එහෙම දවසක් එනකම් අපි සිංහල පමණක් වීම සුදුසු ද ?

This entry was posted in 22. සිංහල සයිබර් අවකාශය, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s