අපූරු සිසුන් පිරිසක්

ගිය සතියෙ මට අළුතෙන් පන්තියකට පාඩමක් උගන්වන්න සිද්ද වුණා. උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයය වන GIT වලට Pascal කියන පරිගණක භාෂාව උගන්වන්න. මේ පන්තියෙ ඉන්නවා කොළඹ ඉහළ පෙළේ විද්‍යාලයක ඉගෙන ගන්නා සිසුන් තුන් දෙනෙක්. ඒ තුන්දෙනාම උසස් පෙළට දේශපාලන විද්‍යාව කරන අය.

මම ඒ අයගෙන් ඇහුවා දේශපාලන විද්‍යාව කරන අය නම් අපේ රටේ ආර්ථිකය ගැන හිතන්නෙ මොනවාද කියලා. ඒ ප්‍රශ්ණෙට බොහෝම විස්තරාත්මකව උත්තරයක් දුන්නා ඒ තුන්දෙනාගෙන් එක හුරුබුහුටි කොළු පැංචෙක්.

අපේ රටට ඇමෙරිකානු ධනවාදයවත් රුසියානු සමාජවාදයවත් ගැලපෙන්නේ නැති බවත් අපේ රටට ගැලපෙන්නේ ශ්‍රී ලාංකිකවාදය බවත් ඔවුන් පැවසුවා. මා ඔවුන්ගෙන් ඇහුවා ඉන්දීය ආර්ථික ක්‍රමය ගැන ඔවුන්ගේ අදහස. ඔවුන් කීවේ ඉන්දියාව තම ආර්ථිකයට සම්බන්ධ අයව ආරක්ෂා කරන බවයි. මේ සිසුන් දීර්ඝ වශයෙන් මේ පිළිබඳව අදහස් දැක්වූවා. ඔවුන් ගත් එක් උදාහරණයක් වූයේ ඉන්දියාවේ කිරි නිෂ්පාදනයයි.

මා වර්තමාන සිසු පරපුර ගැන දරා සිටි මතය සම්පූර්ණයෙන්ම වැරදි බව මා තේරුම් ගත්තා. අප ඔය වයසේදී ඔතරම් මුහුකුරා ගොස් සිටියේ නැහැ. ඔවුන් මේ අවබෝධය ලබා ගත්තේ පාසලේ සාම්ප්‍රදායික එහෙමත් නැත්නම් විධිමත් අධ්‍යාපන ක්‍රමයෙන් (Formal Education) නොව පොතපත කියවීමෙන් බව දැන ගත් විට මා තවත් පුදුමයට පත් වුණා. අද පොත්පත්වලින් අමතර දැනුම ගන්න අය ඉන්නවා. පුදුමෙනුත් පුදුමයි.

මා ඔවුන්න්ට පැවසුවා දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන ගැලපෙන රැකියාවක් කරනවා වෙනුවට ඔවුන් දැන් වැරදි යැයි දකින ආර්ථික ක්‍රමය වෙනස් කිරීමට දායක වන ලෙස. ඔවුන්ගේ පිළිතුරෙන් මට හැඟී ගියේ ඔවුන් කවදා හෝ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නා බවයි. ඔවුන් පැවසුවේ දැනට දේශපාලන විද්‍යාව කළ අය පාර්ලිමේන්තුවේ ඉන්නේ අතලොස්සක් බවයි.

ඉංජිනේරු විද්‍යාව හදාරන්නේ නැතිව ඉංජිනේරුවකු වීමට නීතියෙන් ඉඩක් නැහැ. වෛද්‍ය විද්‍යාව හදාරන්නේ නැතිව වෛද්‍යවරයෙකු වීමට්ට නීතියෙන් ඉඩක් නැහැ. ගණකාධීකරණය ඉගෙන ග්ගන්නේ නැතිව ගණකාධීකාරීවරයෙකු වීමට, අඩු ගණනේ වැදගත් පිළිගත් ආයතනයක ගණකාධීකාරීවරයෙකු වීමට බැහැ. නීතිවේදය ඉගෙන ගන්නේ නැතිව නීතීඥයෙකු වීමට බැහැ.

ඒත් රටේම කරුමයකට දේශපාලන විද්‍යාව නොදත් ඕනෑම කෙනෙකුට රටේ ඉහළම ආයතනයට ගොස් දේශපාලනය ගැන කතා කරන්නටත් දේශපාලන කරන්නටත් පුළුවන්. ඒත් මේ වාගේ ශිෂ්‍යයන් දකිද්දි තේරුම් යන්නෙ අපේ රටේ අනාගතය සුබවාදී බවයි. අනේ වාසනාවන්. අනේ වාසනාවන්.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

9 Responses to අපූරු සිසුන් පිරිසක්

  1. සර් එක්ක 98% ක් එකඟයි.
    හැබැයි අඩුම තරමේ දේශපාලන විද්‍යාව නොවුනත් මොනයම් හෝ අංශයකින් හොඳින් උගත්, ඇත්තටම ඒ අංශයේ හොඳම කෙනා ඒ විශයය භාර අමාත්‍යවරයා විය යුතුයි.
    හැබැයි විද්‍යා අංශයෙන් ඉදිරියට පැමිණි අයෙක් මූලිකයා වෙනවානම් වඩා හොඳයි. ඒක ඔප්පු කරන්න මම ගන්නා උදාහරණය අබ්දුල් කලාම් ජනාධිපති තුමා.
    ඔහු ගගනගාමී ඉංජිනේරු වරයෙක්. ඔහු විද්‍යාඥයෙක්. ඔහු කළ සොයාගැනීම් ලොවම ඉතා ඉහලින් අගය කරනවා.
    බැලැස්ටික් මිසයිලය ආදී…….
    අද ඉන්දියාව තාක්ශණය අතින් යම් තැනක ඉන්නේ ඒ නිසා බව මම තදින් විස්වාස කරනවා.

  2. tharindu says:

    ඔව්. මාත් ඒකට එකඟයි. පොතපතින් නම් ගන්න පුළුවන් දැනුම බොහොමයි. ලංකාවෙ දේශපාලනය දැක්කහම හිනා යනව ……….ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න සෙට් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ….

  3. suren says:

    මමත් ඒකට එකග වෙනවා….

  4. krishan says:

    “ඒත් රටේම කරුමයකට දේශපාලන විද්‍යාව නොදත් ඕනෑම කෙනෙකුට රටේ ඉහළම ආයතනයට ගොස් දේශපාලනය ගැන කතා කරන්නටත් දේශපාලන කරන්නටත් පුළුවන්”
    !=
    අබ්දුල් කලාම් ජනාධිපති තුමා

    • kumudupinto says:

      ඇත්තටම ඉන්දියාවෙ උදාහරණ අපට ගන්න බෑ වගෙ. ඒ මොකද අපේ රටෙන් ඔය වගෙ උදාහරණ දෙන්න බෑ නෙ. වෙන ක්ෂේත්‍රයක විශිෂ්ඨත්වයට පත් වූ අය මේ ක්ෂේත්‍රයට ආවට එක්කො බැබලුනේ නෑ. එක්කො බැබලෙන්න දුන්නෙ නෑ.

  5. Wathsala Vithanage says:

    I don’t believe that political science can help us in anyway. The political science they learn is American and Russian models, so how can they discover a Sri Lankan model through it? If we need a Sri Lankan model it has to be found by creating an entire system of knowledge.

    In my opinion India has not invented anything, few decades ago it bought most of it’s vision from USSR and now they are looking at the US (India has nothing new with them). China is not different either.

    Since we do not have our own knowledge system at the moment, I believe in following 5 steps.

    1.) Invest on education and reform from kindergarten to university
    2.) Invest on research and development (more patents)
    3.) At this stage venture capital will come in and we can start production lines in India (we get 80% they get 20%). India will like the idea because this is what they call development.
    4.) At this stage our main strength is IP and we are wealthiest country in South Asia, we will not do any manufacturing here every thing will be in India. We are green and clean😉 (Our folks can be employed in research, education, finance, health, retail, agriculture and tourism industries)
    5.) Now we have our strings attached to Indian economy and we can influence them😉

    • kumudupinto says:

      Nice plan. But the question is the execution of it. Do you think that our politicians are capable of at least understanding such thing ?

      • Wathsala Vithanage says:

        At the moment we don’t have such politicians. They are here to buy duty free vehicles and enjoy other perks. I do not know where we can start. May be the next generation is going to do better than us just as you mentioned, so they may try it. Actually this is based on my kwp theory😉 which I mentioned elsewhere in this blog. Knowledge -> Wealth -> Power.

  6. අමිල says:

    දේශපාලන විද්‍යාව හැදෑරීමෙන් අඩුම තරමේ රටේ දේශපාලනය හදුනාගතහැකියි. එය දැනුම හැකියාව හා ඕනෑකම තිබෙන අයෙකුට වෙනසක් කරන්නට හොද පදනමක් වෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s