යාපහුව හා නියම්ගම්පායස්ථානය

අපේ ආයතනයෙ සාමාන්‍යාධිකාරි දිනේෂ් සමඟ මා ගියා දඹදෙනිය, යාපහුව ගම්පොළ වාගෙ තැන්වල ඒ ඒ කාලයේ නටබුන්වල ඡායාරූප ටිකක් ගන්න. ගම්පොළ නියම්ගම්පායස්ථානය කියන විහාරයෙත් යාපහුවෙත් පින්තූර ගොඩාක් ගත්තා. ඒ පින්තූර ටික පුංචි විස්තරයකුත් එක්ක සිංහල විකිපීඩියාවලට දැම්මා. Links දිගේ ගිහිලා බලන්නකො විස්තර ටික.

ඉස්සර දහම් පාසැලේ මුලින්ම උගන්වන්නෙ නම්පොත. මේකෙ තියෙන්නෙ ගම් ආ විහාරවල විස්තරයක් මට හවමත් මුල් නම් කීපයක් මතකයි. “සගම – පස්ගම – අරත්තන – මාදන්වල – විල්වල – කඩදොර – මොරපාය – දිඹුල – පුසුල්පිටිය – නියම්ගම්පායස්ථානය – වල්වාසගොඩ – සැලව – අරම – මැදිලිය – දික්පිටිය – බම්පනේ – කාරිය්යගම – දඩගමුව” යනාදී වශයෙන්. හැබැයි සමහරවිට අනු පිළිවෙළෙහි හරි වචනාල හරි අඩුපාඩු තියෙන්න පුළුවන්. දශක කීයකට ඉස්සෙල්ල පාඩම් කරපු ඒව ද ?

මං බලාපොරොත්තුන් වෙනව ළඟදීම නම්පොත ගැනත් විස්තරයක් සිංහල විකිපීඩියා වලට ඇතුළු කරන්න. ඒ වගේම සකස්කඩ හා බුද්ධගජ්ජය ගැනත්. අද හෙටම ඒ පොත් දෙක තුන හොයා ගන්නයි කල්පනාව. මාත් එක්ක එකතු වෙලා අපි හැමෝම සිංහල විකිපීඩියාව පෝෂණය කරමු.

This entry was posted in 22. සිංහල සයිබර් අවකාශය, සිංහල. Bookmark the permalink.

3 Responses to යාපහුව හා නියම්ගම්පායස්ථානය

  1. Taboo Subjects says:

    ඔය කියන පොත් තුනම තියෙනවා මෑතදී විසිදුණු ප්‍රකාශනයක් ලෙස පළවූ කුමාරතුංග මුනිදාසයන්ගේ ‘පුරාණ සිංහල අකුරුකරණය’ කියන පොතේ.

  2. වැඩේනම් නියමයි….ජය….

  3. Mahanaga says:

    ඔය පොත් තුන කළුබොවෙවිල බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන මධ්යස්ථානෙනුත් මිළදී ගන්න පුළුවං.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s