සුපර්මාකට් සංකල්පය හා මහාචාර්ය මලලසේකර

සමහරු අන්නාසි කන්න කැමතියි. ඒත් තවත් සමහරුන්ට අන්නාසි කෑවහම පලු දානවා. සමහරු චොකලට් කන්න කැමතියි. ඒත් සමහරුන්ට චොකලට් කෑවම බඩ වේලනවා. මේ වාගෙ භින්න රුචිය කියන එක අපට හැම ට්තැනම දැක ගන්න පුළුවන්.

සුපර්මාකට් සංකල්පය මෙච්චර දුරට හිතට අල්ලලා ගියේ සුපර්මාකට් එකක අපි හුඟාක් දෙනෙක්ට අවශ්‍ය බඩු තියෙන හන්ද වෙන්න පුළුවන්. අවශ්‍ය නැති දෙයක් වුණත් දැක්කහම ගන්න හිතෙන බයානක ලෙඩේ තිබුණත් මේ සංකල්පය දියුණු වීමට අර මං කිව්ව හේතුවත් බලපාන්න ඇති.

ඉස්සර හිටි හුඟාක් බුද්ධිමතුන් විෂයයන් ගණනාවක හසල බුද්ධිමතුන්. ඒ කාලෙ හැම විෂයයකම පරතෙරට යාම වැදගත් දෙයක් හැටියට සැලකුවා. ඒ වාගෙ අයගෙ දක්ෂකම් එක එක අයට එක එක විදියට පෙනෙනාවා. හරියට බුදුහාමුදුරුවන් ව එක එක්කෙනා දකින විදිය වාගෙ.

ඒත් පස්සෙ පස්සෙ එක කුඩා දෙයක විශේෂඥයෙක් වෙන එක හුඟාක් විෂයයන්ගෙ පරතෙරට යනවට වඩා හොඳය කියන මතය ආවා. ඊට පස්සෙ බිහි වුන හුඟාක් දෙනා අර වාගෙ වියතුන් ගැන අහලා දැකලා නැහැ. සුපර්මාකට් සංකල්පය එහෙමත් නැත්නම් මහාචාර්ය මලලසේකර, එහෙමත් නැත්නම් යූ. ඒ. එස්. පෙරේරා හෙවත් සිරි අයියා වගෙ පැතුරුණු ඥාණයක් ඇති උදවිය අද දකින්නට නැහැ. සිරි අයියා කවියෙක්. සංස්කෘත පාලි සිංහල වගේම ඉංග්‍රීසි හා ලතින් භාෂාවත් මැනවින් හැදෑරූ කෙනෙක්. අධිනීතිඥයෙක්. බුදු දහම ගැන ගැඹුරු දැනීමක් තිබුණු කෙනෙක්. අතකසය (අගනුවර තරුණ කවි සමාජය) හි සභාපති ධුරය දැරූ කෙනෙක්. මේ ඔක්කොටම වඩා හොඳ මනුස්සයෙක්.

පුද්ගල ජීවිතවලට සුපර්මාකට් සංකල්පය ආපහු ගෙනෙන්නෙ කොහොමද ?

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

2 Responses to සුපර්මාකට් සංකල්පය හා මහාචාර්ය මලලසේකර

  1. සරත් ගුණතුංග says:

    මම හිතන්නෙ මේ ආකල්පය කාලයාගේ ඇවෑමෙන් සිදුවෙන දෙයක්. හැම ක්ෂේත්‍රයකම පාහේ “විශේෂඥ භාවය” පේන්න තියෙනවා. පරිගණක ක්ෂේත්‍රය බැලුවත්, වෛද්‍ය ක්ෂේත්‍රය බැලුවත් එය එසේ බව ඔබට පෙනේවි. මේක හොඳද නරකද කියන්නත් අමාරුයි. මේ තමයි අද ලෝකයේ හැටි. එක් උගුර කන නාසය පිලිබඳ විශේෂඥයෙක් උගුර කන නාසය ඉතා විශාල ප්‍රදේශයක් ඒ නිසා එයා නාසය පමනක් ඉගෙනගන්නවා කියල ආවා. එතන හිටිය රෝගියෙක් ඇහුවලු මහත්මයා ඉගෙන ගත්තෙ දකුනු පැත්තද? වම් පැත්තද කියල?

    මේ ක්‍රමය තව දුර ගිහින් ඒ ක්‍රමයෙ වැරදි පේන්න පටන් ගන්න කොට වෙන ක්‍රමයකට ලෝකය බහීවි. (Structure of scientific Revolutions – Thomas Kuhn)

  2. අමිල says:

    සෑමදේම දකින්න ඉගෙන ගන්න දැන් කාල වේලාව මදි නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s