මගේ නිරීක්ෂණයක්

සාමාන්‍යයෙන් අළුතින් පන්තියක් පටන් ගත්හහම ඉස්සෙල්ලාම නෙ සිසු සිසුවියන් යම් ආයතනයකට පාසැලකට යන්නෙ. මං නිරීක්ෂණය කරල තියෙන දෙයක් තමයි බොහෝ සිසුන් මුල් දවසෙ දෙකේ ම තමන්ට වාඩි වෙන්න යම් නිශ්චිත ස්ථානයක් තෝරා ගැනීම. ඊළඟට දිගටෝම ඔවුන් වාඩි වෙන්නෙ අර පුටුවෙමයි.

හුඟාක් අය බස් එකක යද්දි ත් අර වාගෙ යම් ආසනයකට හුරු වීම බොහෝ විට දකින්නට පුළුවන්. ඒ විදියකට යමකට හුරු වුණහම ඒකෙන් ගැලවෙන්න බොහෝම අමාරුයි.

මේ විදියට ආසනයකට හුරු ඊම විතරක් නෙවෙයි අපි හුඟාක් දේ වලට හුරු වෙනවා දකින්නට පුළුවන්. ගැටළුව තියෙන්නෙ මේ විදියට හුරු වෙන එක නෙවෙයි. යම්කිසි වෙලාවක මේ පුරුද්ද නැති කර ගන්න ඕනෙ උණොත් ඒකට ඉතා සැර විරෝධතාවයක් එන එකයි.

අපේ ආයතනවල පාසැල්වල විතරක් නෙවෙයි මුළු සමාජයෙම දකින්නට තියෙන ලක්ෂණයක් තමයි අළුත් වෙනස්කම්වලට විරුද්ධ වීම. යම් දෙයක් කරන ක්‍රමවේදය වෙනස් කිරීමේදී යම් කිසි විෂයමාලාවක් වෙනස් කරද්දි මේ විරුද්ධ වීම අපට දකින්නට පුළුවන්.

යම් දෙයක් අල්ලා ගැනීම රාගයෙනුත් ඒ දෙය වෙනස් වීමට විරුද්ධ වීම ද්වේෂයෙනුත් වෙනවා කියලයි මම හිතන්නෙ. පුද්ගලයින්ට ද්‍රව්‍යවලට වාගේම මතවාදවලටත් මේ වාගෙ රාග ද්වේෂවලින් බැඳෙනවා අපට හොඳට දැක ගන්න පුළුවන්.

අපට මේ වාගෙ බැඳීම්වලින් විනිර්මුක්ත වීම හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි කියලයි මේ නිරීක්ෂණ දකිද්දි මට හිතෙන්නෙ. ඔබ මේ ගැන මොකක්ද හිතන්නෙ ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

7 Responses to මගේ නිරීක්ෂණයක්

  1. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී..කිව්වෙ කුමාරතුංග මුනිදාස…අපේ අය දෙයක අවසානම ප්‍රථිපලය විතරක් දකින්න අමාරු අය….

  2. තමන්ගෙ පුරුදු වූ දේවල් අත හැර ගැනීමට නොහැකිවීම පිළිබඳව අපූරු ගැමි කතාවක් මට මතක් වුණා. නමුත් ඒක ටිකක් දිග වැඩි නිසා ලිපියක් විදිහට පසුව දාන්න කල්පනා කළා …

  3. ම්…මේකතාව නම් සම්පූර්ණ ඇත්ත. සර් හොඳට ළමයින්ව නිරීක්ෂණය කරලා තියනවා. මොකද මේදේ මමත් කරනවා. මම දැන් Class එකේ Seat එකක් අල්ලන් ඉන්නෙ. වෙනකාටවත් එතැන ඉන්න දෙන්නෙත් නෑ. වෙන seat එකකට යන්න හිතෙන්නෙ නෑ. ඒකදැන් පුරුද්දකට ගිහින්. උත්සහ ගන්න ඕන ඒක අත්හරින්න…:)

  4. දුමී says:

    ආදරණීය සර්,

    සර්ගේ හැම පෝස්ට් එකක්ම කොහොම හරි කියෙව්වත් හුඟ දවසකින් සර්ගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාන්නත් බැරි උනා තිබුණු අධික වැඩ රාජකාරි නිසා.

    සර්ගේ මේ පෝස්ට් එක කියවගෙන යනකොට මටත් තේරුනේ, මටත් මේ වගේම පුරුදු තිබුනා නේද කියලා. ඒ වගේම කියුවත් වගේ ඒ පුරුදු වලින් මිදෙන්නත් ලොකු ප්රහති විරොධයක් තිබුනා.

    ඒත් එක්කම මට මතක් වෙන්නෙ ස්පෙන්සර් ජොන්සන්ගේ ‘Who Moved My Cheese’ කියන ජනප්රිදය පොතයි. මං හිතන්නෙ සර් අනිවාර්යයෙන්ම මේක කියවල තියෙන්න ඕන. ඒකෙ හැටියට අපිට වැදගත් පාඩමක් කියලා දෙනව අපි කොහොමද වෙනස් වීම් බලාපොරුත්තු විය යුත්තේ සහ ඒවාට කොහොමද ධනාත්මකව මුහුන දෙන්නෙ කියලා.

    මම දැන් ඉන්න ආයතනයෙ දවස් තුනක ඉන්ඩක්ෂන් වොර්ක්ශොප් එකකදී, සම්පූර්ණ එක දවසක්ම වෙන් කරල තිබුනේ මේ සම්බන්ධව. මුළු දවසක් පුරා තිබුනු ඒ වැඩමුළුවෙදි අපිට ‘Who Moved My Cheese’ කියන ෆිල්ම් එක නරඹන්න අවස්ථාවත් උදා කරල දුන්න.ඒ වගේම නොයෙකුත් ටීම් ගේම්ස් වලින් අපේ තියෙන වෙනස් වීම් වලට තියෙන ප්රතති විරොධයත් බියත් නැති කරන්න ලොකු උදව්වක් දුන්නා. තව දෙයක් කියන්න ඕන, එදා අපිට දීපු දවල් කෑම මේසෙ හැම දෙයක්ම හදලා තිබුනේ චීස් දාල.

  5. සර් මේකෙ පැති දෙකක් තියෙනවා.. මම නම් පන්තියේ මට සැහැල්ලුවෙන් ඉගෙනගන්න සුදුසුම තැන තමයි තෝරාගෙන ඉන්නේ…

  6. මේකට මනෝවිද්‍යාවේ එන mental sets තියරිය ගලපන්න පුළුවන් වගේ. හැබැයි පොඩි නොගැලපීමකුත් තියෙනවා වගේ. ඒත් පොඩ්ඩක් කියවලා බලන්න, අළුත් දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි.

  7. අමිල says:

    මමත් එහෙම අල්ලගන්නවා. අතහරින්න අමාරුවෙනවා. ඒකට කරන්න​ ඕනේ මොකක්ද? ඒ කියන්නේ සැමදෙයක්ම මධ්‍යස්ථ ලෙසින් හිතන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s