මරණය ගැන ආයෙත් . . .

මරනය ගැන මේ විදියට ලියාගෙන ගියොත් ඒකට වෙනම Category එකක් අරින්න එයි. මේ දවස්වල ඒ තරමටම මරණය ගැන හිතෙනවා. හිතනවා.

හුඟාක් අය කියන කතාවක් තමයි වයසට යන්න යන්න මරණයට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මැරෙන්න තියෙන ඕනෑකම (එහෙම එකක් තිබුණොත්) නැතුව යනවා කියන එක. මට නම් ඒ කතාව පිළි ගන්න බෑ.

මට නම් හිතෙන්නෙ කය දුර්වල වෙද්දි අවට පරිසරය තමන්ව කිසිම දෙයක් කර ගන්න බැරි දුර්වලයෙක් හැටියට හිතද්දි මරණය වඩ වඩා සුන්දර දෙයක් හැටියට හුඟාක් අයට හිතෙනව කියලයි. එකම ප්‍රශ්ණෙ තියෙන්නෙ ආයෙත් මේ වගෙ කුණු ගොඩක උපදින්න වෙන එකයි.

1997 දි අම්ම නැති වුණා. 2001 දි මල්ලි තමන්ගෙ බිරිඳ හා දරුවන් සමඟ දරුවන්ගෙ පාසලට කිට්ටු තැනකට ගියා. ගෙදර ඉතුරු වුණේ මායි තාත්තයි විතරයි. එක වතාවක් තාත්ත එක්ක සර්වෝදයෙ වැඩ කළ කෙනෙක් තාත්තව බලන්න ආවහම කියල තියෙනව “මට කෝච්චියට බෙල්ල තියන්න හිතයි” කියල. තාත්තගෙ මරණටෙ ආ වෙලාවෙද කොහෙදයි ඕක ආරංචි වුණේ. මම වැඩට ගිහිල්ල එනකම් පාළුව දරාගෙන ඉන්න බැරුව එහෙම හිතෙන්න ඇති. අල්ලපු ගෙදර ඉන්නෙ තමන්ගෙම නාංගි වුණත් තමන්ට ආ ඒ වගෙ හැඟීම්වලින් මිදෙන්න තාත්තට බැරි වෙන්න ඇති. ඒ වාගෙ මූසල පාළුවක් ආවහම දැනෙන දේ දැන් නම් මට අළුතින් කියල දෙන්න ඕනෙ නෑ.

ඇත්තටම නිවන කියන්නෙ කොච්චර සුන්දර අත්දැකීමක් වෙන්න ඕනෙද ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

8 Responses to මරණය ගැන ආයෙත් . . .

  1. නිවනට ගිය කෙනෙකුට නිවන අසුන්දරයි කියල හිතෙන්න බෑ නෙ තර්කානුකූලව ගත්තොත්…

  2. සරත් ගුණතුංග says:

    මරණයට බොහෝ දෙනෙක් බය මරණය අපි කාටත් පොදු බව සහ එය නියත වශයෙන්ම පැමිනෙන බව අපි නිතර සිහි නොකරන නිසා. කුමන ආගමක වුනත් නිතර මරනය සිහි කරන අය මරණයට බියක් දක්වන්නේ නැහැ. මම දන්නා කන්‍යා සොහොයුරියන් කීපදෙනෙක් මේ අසල් වැසි කන්‍යාරාමයක සිටියා. ඔවුන් ඔක්කොම වයස 90ට වැඩියි. වයස නිසා ශරීරය නොයෙක් ආබාධයන්ට ගොදුරුව හිටියා. නමුත් ඔවුන් මිය යන අවස්ථාවල ඉතාමත් ශාන්ත ස්වභාවයෙන් මරණය පිලිගත්තා. එක සොයුරියක් අවුරුදු 102ක් ජීවත් වුනා.

    අඩු වශයෙන් දිනකට වරක් වත් මරණානුස්සතිය වඩන්නේ නම් මරණයට ඇති බිය බොහෝ දුරට තුනී වෙනවා. අපි මේවට වෙලාව නැහැ කියල මේවා කල් දානවා. අන්තිමට මරණය නොසිතූ පරිදි දොර කඩටම ඇවිත් දොරට තට්ටු කරන කල් දන්නෙම නැහැ. ඉතින් හිත කලබල වෙලා ආසන්න කම්ම කොහොම සිහි වෙයිද දන්නෙ නැහැ. මහාසි සය දෝව් හිමියන්ගේ පටිච්ච සමුප්පාදය පොතේ සඳහන් වෙනවා, විඤ්ඤාණය ඛණ්ඩ හතකින් යුත් කොටස් හැටියට උපදින බව. මේ ඉතා කුඩා ඛණ්ඩ ඉපදී නැති වී යනවා. ශරීරය බිඳී යන විට ඒ ක්‍රියාවලිය නතර වෙලා විඤ්ඤාණය පටිසන්ධි ව්ඤ්ඤාණය බවට පෙරලිලා වෙනත් තැනක ලැගුම් ගන්න බව (ඒ කියන්නෙ පංචස්කන්ධයේ බිඳීම සමග). හොඳට සිහියෙන් එහෙම යන අයට කොතනින් ආවාද කියා බොහෝ දුරට මතක තියෙන බවත් ඒ පොතේම සඳහන් වෙනවා. කොටින්ම කියනව නම් අපේ ජීවත් වීමේ රටාව නිසා අපි මිය යාමට අනවශ්‍ය බයක් හදා ගෙන තිබෙන බව මගේ හැඟීමයි. අපි ජීවත් වෙන්නෙ සක්කාය දිට්ඨියත් එක්ක. අපි හිතාගෙන ඉන්නෙ “සදාකාලික” විදියට. අපේ දෘෂ්ටිය වෙනස් කරන කල් අපි මරණයට බය වෙන එක නවත්වන්න බැහැ.

  3. ඇත්තටම අද මේ ලෝකෙ තියෙන ගොඩාක් ප්‍රශ්නවලට මුල මිනිස්සුන්ට මරණය ගැන අමතක වීම කියලයි මට නම් හිතෙන්නේ……

  4. ilandhariya says:

    මරනය තමයි ට්කට්කවත් ලන්විම
    නිවනතමයි අපෙකාගෙත් සැනසීම

  5. අමිල says:

    අපි මරණානුස්මෘතිය වඩන්න උත්සාහ කරද්දී විවිධ බාධා ඇතිවෙනවා නේද? මම හිතන්නනේ මාරයා නිසා හෝ අපගේ කර්මය නිසා විය යුතුයි. සමහරවිට මෙම බාධාව අධික සතුට ගෙන දෙන දෙයක් විය හැකියි(බොහෝවිට). සතුටු සාද, ප්‍රේමයක් හමුවීම වැනි තමන් සතුටු කරවන දෙයක් මේ ලෙසට බාධකයක් බවට පත්වෙනවා. ඉතින් ​අපි මෙවැනි කර්තව්‍යකට සූදානම් වෙනවානම් දැඩි අධිෂ්ඨානයකින් දීර්ග කාලයක් පවත්වාගෙන යාටම සූදානම් විය යුතුයි නේද?

  6. කණිෂ්ක says:

    මේක ලියන්නෙ හේතු දෙකකට….

    එකක් අපේ ආදරණීය ගුරුතුමාට, ඒ සොඳුරු මිනිසාට මේ භවයෙදි පුරුදු කරපු සිත අරන් තවත් මිනිස් භවයක ඉපදිලා ඒ සසර ගමන කෙලවර අමා මහ නිවන් සුවයම ලබේවා කියල දුක දරා ගන්න බැරුව කෑගහන හිතේ වේදනාව වචන කරන්න….

    අනෙක…. කවුරු කොහොම කිව්වත් “ඔබතුමා ජීවත්ව ඉඳලා මගෙ මේ comment එක moderate කරලා publish කලොත්?” කියන මටම නොතේරෙන බලාපොරොත්තු විරහිත බලාපොරොත්තුව නිසා….

  7. අමිල says:

    ඉහතින් තිබෙන්නේ ඔබතුමා මට දුන් අවසාන පිළිතුරයි. එය කෙතරම් කෙටියිද? කෙතරම් අර්ථාන්විතද? කෙතරම් සමීපද?

    මේ මගේ හිත වාවාගැනිටම නොහැකි නිසා ලියන දේවල්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s