“චිත්ත පරපෝෂිතයෝ” හා “දුමීගේ කට කහන කතා”

මම බොහෝම කාලයකට ඉස්සර කියෙව්ව පුදුම හිතෙන කතාවක් සහිත පොතක්. ඒකෙ නම “චිත්ත පරපෝෂිතයෝ”. ඒකෙ තියෙන්නෙ පිට සක්වලින් එන සත්ව කොට්ඨාසයක් ගැන. ඒ අය කරන්නෙ යමෙකුගෙ සිතට රිංගලා ඒකෙ විකාර කරන එකයි. දැනටත් මම හිතන්නෙ දුර්වල හිත් තියෙන අය රෑට නොකියවිය යුතු පොටක් කියලයි ඒක.

ඒ පොත කියවගෙන යද්දි හිතෙනවා අපේ හිතටත් ඒ පරපෝෂිතයා ඇතුළු වෙලා කියල. අපි වටපිට බලනවා ඒ චිත්ත පරපෝෂිතයා අපේ හිතට ඇතුළු වූ බවට මොනවා හර් සාක්කි තියෙනවද කියල බලන්න. මම ඔය පොත මුලින් ගත්තෙ 1983 දී නුවර ඇරඹූ කියන ආයතනයෙ පුස්තකාලයට. ඊළඟට ආයෙත් මම ඒ පොත මිල දී ගත්තා 1997 දී කොලොන්නාවේ ඇරඹූ ආයතනයේ පුස්තකාලයට. ඒ හන්ද මේ කියන්නෙ අවුරුදු 13කට ඉස්සර ලැබූ හැඟීමක්. අත්දැකීමක්.

මගේ ලිපියකට ප්‍රතිචාර දක්වල තිබුණා “දුමී” කියල කෙනෙක්. මම දන්නෙ නෑ මගෙ ශිෂ්‍යයෙක් ද කියල. ඊයෙ මම ඔහුගේ බ්ලොග් එකට ගොඩ වැදුණා. ඒකෙ එක ලිපියක් කියවද්දි මට ආයෙත් චිත්ත පරපෝෂිතයෝ මතක් වුණා. ඒ ලිපිය ඒ තරමටම ප්‍රබලයි. ලිපිය කියවගෙන යනකොට තනියම හිනාවෙන ගමන් ම හිතෙන “අප්පොච්චියේ මේක ඇත්ත වෙන්න පුළුවන් නෙ” කියල. ඔබත් බලන්න “එළාර දෙමළෙක් ද ? ” කියන ඒ අපූරු ලිපිය.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

16 Responses to “චිත්ත පරපෝෂිතයෝ” හා “දුමීගේ කට කහන කතා”

  1. sanjeew says:

    මේ පොත ලියල තියෙන්නෙ ආතර් සී ක්ලාක් මහතා නේද, මමත් ගොඩක් ඉස්සර කියවල තියෙනව, හොද පොතක්

    • kumudupinto says:

      මට මතක නම් ආතර් සී ක්ලාක් මහත්තය නෙවෙයි කියලයි.

      • Vampire says:

        ආතර් සී ක්ලාක් මහත්තයා නෙවෙයි වගේ මටත් මතක, හැබැයි පරිවර්තනය කලේ නම් බන්දුසීල මහත්තයම තමයි

  2. දුකා says:

    අහ් මේ කියන්නේ මගේ සුන්දර මිත්‍රයා දුමී හෙවත් දුෂාන් ගේ බ්ලොග් එක ගැන නේ . . .. ඇත්තෙන්ම ඒක හරිම සුන්දර බ්ලොග් අඩවියක් දුමී වගේම

    • දුමී says:

      දුකා, බොහොමත්ම ස්තුතියි මා ගැන ඉතා සුන්දර අදහස් පල කරපු එක ගැන. මම පින්තු සර්ගෙ පරණ ගෝලයෙක්. මම හෙට අනිද්දාම යනවා පින්තු සර්ව මුණ ගැහෙන්න . . . !

  3. අමිල says:

    පරිවර්තනය එස්. එම්. බන්දුසීල මහතාගේ. විද්‍යා ප්‍රබන්ධ කලාව ප්‍රවර්ධනයට ඉමහත් සේවයක් කල මහත්මයෙක්. මට එක් වතාවක් මුනගැසුනා.
    මේ පොත මම කියවලා තියෙනවා. ඔය කියන හැගීම මටත් ඇතිඋනා. කොටින්ම මත්ද්‍රව්‍ය භාවිතා කර යටිසිතට ඇතුල් වන උපක්‍රමයක් මේ පොතේ සදහන් වෙනවා. අවසානයේ සිතේ පවතින විශාල බලය පිලිබද හෙලිදරව් වෙනවා. චන්ද්‍රයාව පෘතුවියෙන් වෙන් කර ඉවතට තල්ලු කරන්නට තරම්.
    නමුත්​ මේ කථාවෙන් කියන්නට උත්සාහ කර ඇත්තේ නම් සිතෙන් වැඩ ගන්නට මිනිසා තවම අපොහොසත් බව නොවේද?

  4. deen says:

    බන්දුසීල මහත්මය පරිවර්තනය කරපු ඔය පොත සහ වෙනත් පොත් සොයගත හැකි නැතනක් තිබෙනම් කියන්න මහජන පුස්තකාලයෙ නැත (space oddisy 2001 2010 2061 3001.ramahamuwa,gaburumuhudha wani poth soyagatha haka)

  5. tharindu says:

    දුමියගෙ බ්ලොග් එක කියවද්දි නම් හිනා ගිහිල්ල මැරෙනවා

  6. අමිල says:

    දුමියගේ කල්පනාව කියෙව්වම මට මතක් උනේ චන්ද්‍ර අනගිරත්න මහත්මයාව. පුදුම අදහස් නෙ තියෙන්නේ පොත් වල. නරලොව හොල්මන් කියවන්න.

    • kumudupinto says:

      චන්ද්‍ර අනගිරත්න මහත්මයා මුල් කාලෙ පත්තරේට නරලොව හොල්මන් නමින් ලිපි පෙළක් ලියූ බව ඇත්ත. පසු කාලයක ඒ ලිපි එකතු කරලා පොත් දෙකක් (මට මතක හැටියට ) පල කළ බවත් ඇහ්ත. එහෙත් ඔහුගේ ලේඛන කලාවෙහි විශිෂ්ඨත්වය මතු වුණේ පසු කාලයක ඔහු විසින් පරිවර්තනය කරන්නට යෙදුණු සුවිශේෂී පොත් පෙළ නිසා කියලයි මං හිතන්නෙ. රජ පැටියා සහ හිඟන පැටියා, බෝට්ටුවේ සවාරියක්, ටොම් සෝයර්, හකල්බරි හක්, කැලේ හැදුණු ලමයි, හයිඩි, කෝච්චියේ ළමයි වාගෙ යෞවන වයසට ගැලපෙන අති විශිෂ්ඨ පොත් කිහිපයක් ඔහු අතින් ලියවී තිබෙනවා. මේ අතරින් කෝච්චියේ ළමයි හා හයිඩි චිත්‍රපට ලෙසත් ලස්සණයි.

      • අමිල says:

        මම දැනගෙන හිටියෙ නැති කරුනු ගොඩක් මෙතන තියෙනවා. අනගිරත්න මහත්මයාගේ පොත් වලින් මම කියවා ඇත්තේ නරලොව හොල්මන්, ටොම් සෝයර්, හකල්බරි හක් පමණයි. අනිත් ඒවාත් දැන් කියවන්න ඕනේ. ස්තුතියි..

  7. දුමී says:

    ආදරණීය සර්,

    ඇත්තටම ඉස්සෙල්ලාම සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ ලිපිය ගැන විචාරයක් සර්ගෙ බ්ලොග් එකේ සටහන් කිරීම ගැන. ඒක මට ලැබුනු විශාල ගෞරවයක්.

    මම සර්ගේ ගෝලයෙක්. මම සර්ගෙ ලිපි වලට කලින් කමෙන්ට් කලා. මතකද මම මනුසත් උයන සහ නිරුවත් වානරයා ගැන සර්ගේ මතකය අවදි කලා. ඒ වගේම සර් අපිට ඒ දවස්වල උගන්වපු රසවත් දේවල් ගැන මම මගේ මතකය කමෙන්ට් වල දම්මා. සර් ඒව ගැන ඊට පස්සෙ ලිපි පල කලා මට මතකයි. අර කෙනෙකුට බලෙන් උණ ගන්වන හැටි එහෙම.

    • kumudupinto says:

      මතකයි. මතකයි. මොකද මතක නැත්තෙ ?

      • දුමී says:

        ඇත්තටම මම අද හවස සර්ත් එක්ක කතා කරපු වෙලාවෙ මම දැනගෙන හිටියෙ නැහැ සර් මගේ පෝස්ට් එක ගැන ලිපියක් පල කරලා කියලා. මොකද පහුගිය දවස් දෙකේ මම හිටියෙ කොලඹින් ටිකක් ඈත සොභා දහමට ඉතා කිට්ටු පරිසරයක. එතන ඉන්ටනෙට් පහසුකං තිබුනේ නැහැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s