කුඩා දරුවකුගේ රචනාවක්

අද ලැබුණු ඊ-මේල් එකක තිබූ කතාවක සිංහල පරිවර්තනයයි පහළ ඇත්තේ.

ප්‍රාථමික පන්තියක උගන්වන ගුරුවරියක් කුඩා දරුවන්ට රචනාවක් ලිවීමට අණ කළාය. එහි මාතෘකාව වූයේ “ඔබට දෙවියන්ගෙන් වරයක් ලැබුණොත් ? ” යනුවෙනි. ගුරුවරිය රචනා ටික එකතු කරගෙන ගෙදර ගියාය. එයින් එකක් කියවද්දී ඇයට ඉබේම ඇඬිණි. එවිටම වාගේ ඇයගේ ස්වාමි පුරුෂයා නිවසට පැමිණියේය. “ඇයි ඔයා මේ අඬන්නෙ ? ඔහු විමසීය. ඇය තමා දුන් රචනාව ගැන ඔහුට විස්තර කළාය. “මේ බලන්න මේ රචනාව දිහා” ඇය ඔහුට කොළයක් දුන්නාය.

“අනේ දෙවියනේ. පුළුවන් නම් මාව අපේ ගෙදර තියෙන ටීවී එක බවට පත් කරන්න. හැමෝගේම අවධානය තියෙන්නෙ ටීවී එකටයි. අපේ තාත්ත කොච්චර මහන්සි එලා ගෙදර ආවත් වාඩි වෙන්නෙ ටීවී එක ළඟයි. මං ළං වෙනකොට එයාට කේන්ති ගියාට ටීවී එකට නම් හිනාවෙනවා. අපේ අම්මට කොච්චර අසනීප වුණත් ටීවී එක එපා වෙන්නෙ නෑ. ඒත් අසනීප වුණහම මාව නම් එපා වෙනවා. ටීවී එකට පුංචි හරි ලෙඩක් හැදුනහම අම්මයි තාත්තයි හරියට කලබල වෙනවා. ඒත් සමහර වෙලාවට මං මගෙ අමාරුවක් කිව්වට ගණන් ගන්නෙම නැහැ. අනේ දෙවියනේ මට ලැබෙන වරය හැටියට මාව ටීවී එකක් කරන්න. මේක තමයි මගේ පුංචි ම පුංචි ඉල්ලීම.”

“මොන වාගෙ නැහැදිච්ච දෙමව්පියො ද මේ ?” මේ රචනාව කියවූ සැමියා විමසීය. “අපේ පුතයි මේ රචනාව ලියල තියෙන්නෙ ” ගුරුවරිය අඬමින් පිළිතුරු දුන්නාය.

This entry was posted in 20. රස කතා, සිංහල. Bookmark the permalink.

14 Responses to කුඩා දරුවකුගේ රචනාවක්

    • kumudupinto says:

      ලස්සණ වැඩක්. මට අපේ ඉස්කෝලෙ ගෲප් එකෙන් අද ඊ-මේල් පණිවිඩයක් ආවා. ඒකෙ සිංහල අනුවාදය යි මේ. ඒත් ඉහත Link එකෙන් දැක්වෙන බ්ලොග් එකෙත් ඒ කතාවම පළවෙලා ! ! ස්තුතියි පෙන්නා දුන්නාට.

  1. මේකනම් පෞද්ගලිකව අත්වින්ඳ දෙයක්.. මමත් ටීවි එක බලනකොට අයියගෙ පොඩි එකා ලඟට එනවට කැමති නෑ. මට හරියට කේන්ති යනවා. ඒත් දැන්නම් ටීවි බලන් නැති නිසා අවුලක් නෑ. අනික පොඩි අය කොහොමත් කැමතියිනෙ අවධානය ගන්න. එයාලව ගනන්ගන් නැතුව ටීවි එක බලනකොට එයාලටත් තරහ යනවා ඇති.ඒකයි සමගර ලමයි හයියෙන් කෑගහන්නෙ.

    • kumudupinto says:

      පොඩි අය විතර ද අවධානය ලබා ගන්න කැමති ?

      • ම්…..අපිත් කැමතියි ඉතින්. කවුද අකමැති..😀 හැබැයි ගොඩක් වෙලාවට පොඩි අය හැමවෙලාවෙම අවධානය ගන්න හදනවනෙ.

        • kumudupinto says:

          මෙහෙමයි. පොඩි අය ඔය වගෙ බාල වැඩ කරල අවධානය ගන්න හදනවා. ඇත්තටම අපි බ්ලොග් නඩත්තු කරන්නෙ ඇයි ?

        • අපි බ්ලොග් හදන්නෙ අනිත් අයගේ අවධානය අපේ බ්ලොග් එකට ගන්න. අහ්…එකත් ඇත්ත තමා..

          • අපූරුවා says:

            ඒ වුනාට ඔය කතා දෙකේ පොඩි පරස්පරයක් තියෙනවා.. පොඩි එකා කෙලින්ම තමන්ටනේ අවධානය ගන්න හදන්නේ… ඒත් බ්ලොග් හදන අය අවධානය ගන්න හදන්නේ තමන්ගේ බ්ලෝග් එකට ඒ කියන්නේ තමන්ගේ නිර්මාණයට. අනික බ්ලොග් එකක් බලන කෙනෙක් බ්ලොග් එක ලියන කෙනා කවුද කියලා හරියටම දන්නේ නෑනේ.. (දන්න අයත් නැතුවා නෙවෙයි) … අපි බ්ලොගර් කවුද කියලා නොදන්න ‍බ්ලොග් කීයක් නම් බලනවද..

            • kumudupinto says:

              මම හිතන්නෙ නම් බ්ලොග් එක වාගෙ නිර්මාණයක් කියන්නෙත් එක්තරා ආකාරයකට මම ම තමයි. ඒවා අපේ රූපී හෝ අරූපී කයවල් හැටියටයි මං දකින්නෙ. ඒ හන්ද අපි අපේ නිර්මාණයකට අවධානය ගන්නවා කියන්නෙත් අපේ එක්තරා ආකාරයක දිගුවකට (Extension) අවධානය ගන්නවා කියන එකයි. මේ අදහසට ඔබ එකඟ වෙයි ද මං දන්නෙ නැහැ.

  2. සහතික ඇත්ත……:(

  3. අමිල says:

    හිතන්නැති දේවල්

  4. Hasitha says:

    සාමන්‍යයෙන් නොහිතන පැත්තක් ගැන තමා අද ඔබතුමා කතා කරලා තියෙන්නේ. හරිම වටින දෙයක්🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s