තෝ කොහෙද හිටියෙ ?

මේ ත් මට ආ ඊ-මේල් එකක තිබූ රස කතාවක්.

ඔහු වීදියක් දිගේ ගමන් කරමින් සිටියේය. හදිසියේම ඔහුට හඬක් ඇසිණි. “තව අඩියක්වත් ඉස්සරහට තියන්න එපා. එහෙම කළොත් උඩින් වැටෙන ගඩොලක් ඔබ හිස මතටම වැටේවි.” ඔහු අඩිය පස්සට ගත්තේය. ඒ මොහොතේම ඔහු ඉදිරියේ ගඩොලක් බිම පතිත විය.

ඊළඟ දිනයේ ඔහු වීදියක් හරහා පනින්නට සැරසෙන විට නැවතත් අර හඬ ඇසිණ. “පනින්න එපා. ඔබ මේ මොහොතේ පාර පැන්නොත් වාහනයක් ඔබ යට කරගෙන යාවි.” ඔහු වහාම අඩිය පස්සට ගත්තේය. ඒ මොහොතේම ඉතා වේගයෙන් වාහනයක් වීදිය දිගේ ඉදිරියට ඇදී ගියේය.

“හැබෑට ඔබ කවුද ? ඇයි මගේ ජීවිතය දෙපාරක් ම බේරා ගත්තේ ? ” ඔහු ඒ හඬින් විමසීය. “මම ඔබේ ඉෂ්ට දේවතාවා” ඒ හඬ පිළිතුරු දුනි.

“ඈ බොල. තෝ කොහෙද මගෙ කසාදෙ වෙලාවෙ හිටියෙ ?”

This entry was posted in 20. රස කතා, සිංහල. Bookmark the permalink.

14 Responses to තෝ කොහෙද හිටියෙ ?

  1. පසන් තරිඳු says:

    😀

  2. හිහ් හිහ්… මෙහෙම ඉෂ්ඨ දේවතාවෙක් මට හිටියනම්..😀😀😀

    • kumudupinto says:

      මොනව වෙන්නද ? ජීවිතේ බේර ගනියි. ඒත් කසාදෙ වෙලාවට ඇස් පියා ගනියි.

      • අපූරුවා says:

        සර්ට හිටියේ නැද්ද ඉෂ්ඨ දේවතාවෙක් … මම කිව්වේ කසාදෙ වෙලාවෙ.

        • kumudupinto says:

          මගේ ඉෂ්ඨ දේවතාවා දිගටම මාත් එක්ක හිටියා. අදත් ඉන්නවා. ඒ හන්දා කසාදයක් නම් කෙරුණෙ නැහැ.

            • kumudupinto says:

              Can’t believe what ? To clarify anything you can ask from any staff member.

              • ok ok anyway… i believe one thing that is single life is the best. bcoz one thing, *Mapping out your futureWhen you are married, it is not just about you. It is about the two of you and what will benefit your future together. When you are single, it is totally about you and what you desire to do. You have the ability to think it through without someone pressuring you to make it happen. You also have the ability to make a mistake and correct it without it affecting the entire family. This decision is totally yours and you have the time and the energy to make it.

  3. අමිල says:

    හම්…..හිහි..

  4. Hasitha says:

    ඇත්තටම කොහෙද හිටියේ ???🙂

  5. අපූරුවා says:

    මෙහෙම ඉෂ්ඨ දේවතාවෙක් හිටියම ජීවිතේ කිසි ගතියක් නෑ නේද? එහෙම උනොත් අපිට කවදාවත් අවදානමක් දරන්න දුකක් විඳින්න වෙන එකක් නෑ.. ඒක ඒකාකාරීයිනේ. අනික මේ ජීවිතේ මෙච්චරම ජොලි කියලා හිතෙන්නේ දුක සැප දෙකම වින්දාමනේ නේද?

    • kumudupinto says:

      මීට කලි ලිපියකත් මං විස්තර කළා දුකක් විඳින කොට ඒකෙ තියෙන රහ ගැන. ඒ හන්දා ඔබේ අදහසට මං සම්පූර්ණයෙන් එකඟයි. අනෙක් අතට මං දරන මතය තමයි සෙනසුරු උගන්වන පාඩම අනෙක් ශුභ ග්‍රහයො උගන්වන පාඩමට වඩා මතක හිටිනවා කියන එක.

  6. දුමී says:

    මගේ ඉෂ්ඨ දේවතාවා නම් ගන්නෙම මගේ පවුලගේ පැත්ත . . . ! මම හිතන්නෙ හැමෝගෙම ඉෂ්ඨ දේවතාවො එහෙම තමයි . . . !

  7. අපූරුවා says:

    ඇත්තටම සැප කියන එකේ වටිනාකම දැනගන්න දුකක් විඳලා බලන්නම ඕනෑ… එතකොටයි සැප විදීමේ නියම සතුට දැනෙන්නේ… අනික සැප දුක වාගේ දේවල් සාපේක්ෂයිනේ….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s