නිර්මාණ ශිල්පීන් හා ඔවුන්ගේ නිර්මාණ

මගෙ එක ලිපියකට ලැබුණු ප්‍රතිචාර දැකලා මං හිතුවා මේ කාරණා වෙනම ලිපියක සටහන් කළොත් හොඳයි කියලා.

අපි බුදුරජාණන් වහන්සේගෙ ධර්ම කාය කියලා දෙයක් හඳුන්වනවා. ඒ කියන්නෙ උන්වහන්සේ වදාළ ධර්මස්කන්ධය නෙ. උන්වහන්සේම වරෙක දේශණා කරල තියෙනවා ධර්මය දකින්නා මා දකී යනුවෙන්. ඒ කියන්නෙ උන්වහන්සේ දේශණා කළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමෙන් උන්වහන්සේ දැකිය හැකියි කියන එක නෙ. මම හිතන්නෙ මේ කාරණය ලෞකික දේ ටත් වලංගුයි කියලා.

කරුණාරත්න දිවුල්ගනේ ශිල්පියා ගයන

“ආදරය සුන්දර වරදකි – කිසිදා සමාවක් නම් නැතී
මට පෙන්නලා ඈදරෙ හැටී – ඔබ දුන්නු දුක හොඳාම ඇතී”

කියන ගීතය අහන කොට ඒ පදරචකයා ව හඳුනා ගන්න බැරිද, අඩු ගණනෙ මේ අදහස හරහා වත් ? නිධානය හරි තුන්වෙනි යාමයෙ හරි සංගීතයට, පසුබිම් සංගීතයට සවන් දෙනකොට ඒ අපූරු නිර්මාණ ශිල්පියගෙ හැඟීම් අපට දැනෙන්නෙ නැද්ද ? “ශ්‍රී රාවණ්ණා පුවත” හරි පවුරු බැඳි ආජ්‍යය හරි කියවන කොට ඒ රචකයා හිතන පතන විදිය අපට දැනෙන්නෙ නැද්ද ? මම හිතන හැටියට නම් මේ නිර්මාණ රස විඳිද්දි අපි ඒ රචකයා සමඟ ඒ නිර්මාණ ශිල්පියගෙ හද ගැස්ම සමඟ ඒකාත්මික වෙනවා. අදටත් ජෝතිපාලගෙ ගීතයක් ඇහෙන කොට අපට ජෝතිපාල ඒ ගීතය ගයනවා මැවිලා පේනවා.

ඒ අයගෙ කාම ලෝකයේ අප දුටු පංචස්කන්ධය ඇතත් නැතත් අපි ඒ අහගෙ අදහස් නිර්මාණ තුලින් දකිනවා. මම හිතන්නෙ නම් ඒ රූපී හා අරූපී දිගුවන් කියලයි. අප කිසි කෙනෙකුට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟ නොවෙන දෙයක් ලියන්න බෑ. නිර්මාණය කරන්න බෑ. ඒත් එක්කම හැම නිර්මාණ ශිල්පියෙකුම තමන්ගෙ නිර්මාණයකින් ලෝකයට කියන්නෙ තමන්ට ම කියන්න ඕනෙ වෙච්ච දෙයක්. ආන්න ඒ හන්දයි මම කියන්නෙ අපි ඒ නිර්මාණ තුළින් ඒ අයව දකිනවා කියල.

මට මතක හැටියට එක් බුද්ධ දේශණයක තියෙනවා මේ සියළු කාම ලෝක රූප ලෝක හා අරූපී ලෝක ඇත්තේ බඹයක් පමණ වූ මේ අපගේ ශරීරය තුළ ම බව. ඒ කියන්නෙ අප මිනිස් ලොව සිටියදීම අපාය හෝ සදිව්‍ය ලෝකයත් රූපී හා අරූපී බඹ ලෝ ත් සිතින් නොව කයින් ම අත් විඳිය හැකියි කියන එක නම් ?

එහෙම නම් තම තමන්ගෙ නිර්මාණ තමාගේම රූපී හෝ අරූපී දිගුවක් යැයි කීම වැරැද්දක් වෙන්නෙ නෑ.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s