පියාගෙන් පුතාට

මේ මගේ ඉතා ම කිට්ටු හිතෛෂියෙක් මට කී කතාවක්.

ඔහුට ඔහුගේ වයස අවුරුදු තිස් ගණන්වලදී හිරබත් කන්නට සිද්ද වෙලා. කිසිම වරදක් නැතිව. ඔහු වසර තුනක් පමණ තම පවුලෙන් හිතවතුන්ගෙන් නෑයින්ගෙන් වෙන්ව සිර මැදිරියක කල් ගත කරලා තියෙනවා. සිරකරුවන්ට අදාල ඇඳුමින් සැරසිලා සිරකරුවන්ට දෙන කෑමෙන් යැපෙන්නට වීම මහා අභාග්‍යයක් කියලයි ඔහු හිතලා තියෙන්නෙ.

හිරෙන් නිදහස් වී ආ ඔහුට තම නෑයින්ගෙන් අහන්නට ලැබුණා ඔහුගේ පියා ද ඒ වයසේදී හිරබත් කා ඇති බව. එක්තරා තැපැල් කන්තෝරුවක ලිපි බෙදීම රැකියාව වශයෙන් කළ ඔහුගේ පියාට යම් වරදකට වසර කීපයක් හිරබත් කන්නට සිද්ද වෙලා. නමුත් මා මිතුරාට තමා යම් වයසකට එනකම් මේ කතන්දරය දැන ගන්න ලැබිලා නෑ.

මේ කතාව මා දැන ගත් විට මා එය විශ්ලේෂණය කළා. මට පෙනුනු දෙයක් තමයි තම මවගේ හා පියාගේ ජාන අපට හොඳ හා නරක යන දෙකම ගෙනෙන බව. අපට අපගේ දෙමාපියන්ගේ අතීතය මැනවින් හැදෑරිය හැකි නම් අපේ අනාගතය ගැන ද යම් පමණක අවබෝධයකට පැමිණිය හැකි බව මා වටහා ගත්තා.

ප්‍රධාන සිද්ධිවලට එසේ දෙමව්පියන්ගේ ජාන බලපෑව ද කුඩා අනු කුඩා සිද්ධීන් වලට බොහෝ විට වගකිය යුත්තේ අපිමයි. අප ප්‍රේමයෙන් යම් පුද්ගලයෙකුට දෙයකට හෝ සංකල්පයකට බැඳෙන විට ඒ පුද්ගලයාගේ දෙයෙහි හෝ සංකල්පයෙහි හුඟාක් ලක්ෂණවලට අපට කර ගැසීමට සිද්ද වෙනවා, ඒවා හොඳ වුණත් නරක වුණත්. අප කේන්තියෙන් වෛරයෙන් යමක හා ගැට ගැහෙනකොටත් කතන්දරේ ඒකමයි.

ඉතින් මේ මවගේ හා පියාගේ ජාන ඉක්මවන්න යමෙකුට පුළුවන් වුණොත් ආන්න එදාට ඔහු හෝ ඇය මතු වේවි ලෝකයටම. ඉක්මවන්නෙ කොහොමද කියන එක නම් විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය කළ යුතු දෙයක් කියලයි මං හිතන්නෙ. මම ගත්තත් මම අදට ත් පාවිච්චි කරන්නෙ ගුරුවරියක වූ මගෙ අම්මගෙත් Proof Reader කෙනෙක් වූ මගේ පියාගෙත් ජාන. ඒ ජාන උඩට ගත් නිසා මම සතුටෙන් එදිහෙදා කටයුතුවල යෙදෙනවා. ඒ ජාන ඉක්මවිය හැකි වන්නේ කවදා දැයි මං හරියට දන්නේ නෑ.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

6 Responses to පියාගෙන් පුතාට

  1. සරත් ගුණතුංග says:

    මවගෙන් හා පියාගෙන් ලැබෙන ජාන අනුව ඔබේ ජීවිතය හැඩ ගසීම කොතරම් දුරට බලපානවද කියල හරියටම කියන්න අමාරුයි. කොහොම වුනත්, ඔබේ පෙර ජීවිත, අතේ තිබෙන පව පින කුසල අකුසල මේ ආදී දේවල් තමා හුඟක් දුරට බල පාන්නෙ. බටහිරෙන් පැමිනෙන විද්‍යාත්මක අදහස් නිසා අපි ජානවලට බර දාල කථාකරනව. දැන් බලන්න සමහර ලමයි ඉන්නව ඉපදිලා ටික කාලෙකින් යාන්තම් පුලුවන් වුනාම මහා විශාල පියානෝ වාදකයො වෙනව, වෙනත් වෙනත් දේවල් වල ගණිතය වාගේ දේවල් වල, මහා පණ්ඩිතයො වෙනව. බොහෝ විට ඒ ලමයගෙ දෙමව් පියො පියානෝවක් අල්ලල වත් නැති වෙන්න පුලුවන්. නමුත් ඒ ලමයගෙ පෙර භව ගැන බැලුවොත් මේ වෙන කවුරුත් නොවෙයි අහවලා වශයෙන් ප්‍රකාශ කරන්න පුලුවන් වෙයි, නමුත් බටහිර ක්‍රමයට අනුව අපිත් he is a genius කියල නිකම් ඉන්නව.

    • kumudupinto says:

      මම හිතන්නෙ නම් භව සංස්කාර හැටියට අප ජය ගත යුතු වෙන්නෙ මෙන්න මේ මවගෙන් හා පියාගෙන් අපට එන ජානවල බලපෑම කියලයි. මේවා ජය ගන්නෙ නැතුව අපට ඉදිරියට යන්න බෑ කියලයි මම අත් දැකලා තියෙන්නෙ.

      අනෙක් අතට අර වගෙ සුවිශේෂ පුද්ගලයින් අපි දකින්නෙ ඉතාමත්ම කලාතුරකින්. එහෙම විශේෂතා (Exceptions) තියෙන්න පුළුවන් වුණත් මවගෙන් හා පියාගෙන් අපට ලැබෙන දෙයින් අපට ගැලවෙන්න වත් ඉවත් වෙන්න වත් බෑ. අනෙක් අතට ඒවා ඔප මට්ටම් කර ගත්තොත් ඒවායින් ලැබෙන ආලෝකය හුඟාක් බලවත් වෙනවා මම මීට පෙර ලිපියකත් පැවසූ පරිදි අපේ ආයතනයෙ කළමණාකාර අධ්‍යක්ෂක තුමාගේ හා තවත් ඉතා දක්ෂ ගුරුවරයෙකුගෙ දෙමාපිය දෙදෙනාම ගුරුවරු. මගෙත් අපේ සාමාන්‍යාධිකාරී තුමාගෙත් මව ගුරු වෘත්තියේ. අපි මොන පාරෙ ආවත් අන්තිමට නැවතිලා තියෙන්නෙ ගුරුවරු හැටියටයි.

      • Wathsala Vithanage says:

        මවගේ පියාගේ ජාන බලපෑමක් තියන බව ඇත්ත, අපට ඒ අයට සමාන පෙනුමක් ලැබෙන්නෙත් එකයි. මගේ මවත් ගුරුවරියක් පියා නීතීඥයෙක්, ඒත් මම ඒ කිසිම දේකට සම්‍බන්ධයක් නැති පරිගණක විද්‍යාවෙ යෙදිල ඉන්නව (මම මෘදුකාංග ඉංජිනේරුවෙක් නම් නෙමේ). මම හිතන්නෙ මම වගේ අය තව ඕනෑ තරම් ඇති. සමහර විට මම රැකියාවෙන් සමාන නොවුනට වෙනත් විදියකින් ඔවුන්ට සමාන ඇති (රූපය ඇරුනම).

        • අපිට එකවර හොයාගන්න අපහසු වුනත් විමසිල්ලෙන් බලන්න…
          ඔබ ඔතන සිටීමට පියාගේ සහ මවගේ හැකියාවන් කොතරම් ඉවහල් වී තියෙනවාද කියලා..
          පියාගේ තර්කන ශක්තිය නෙවේද ඔබ ඔය වෘත්තියේදී යොදාගන්නේ…

  2. අමිල says:

    හිතන්න දෙයක් තියෙනවා. දෙමාපියන්ගේ ජාන ඉක්මවන්න උත්සාහගන්නම ඕනද ඔවුන් යහපත් ​පුද්ගලයෝ නම්?

    • kumudupinto says:

      උත්සාහ ගත්තෙ නැත්නම් පරිනාමය වෙන එකක් නෑ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s