“Zellers” හි අයිස්ක්‍රීම්

මම කලින් කිව්වා නෙ මං ගේ ඉස්සරහ වෙසක් නාට්‍ය දෙකක් කළා කියල. පළමුවැන්න “ළඳක් කළ වැඩක්” කියන නාට්‍යයට උදව් වුණේ සොලමන් කියලා යාළුවෙක්. දෙවෙනියට කළ “පෙළපතක පෙරළිය” නාට්‍යයට උදව් වුණේ ජයන්ත කියලා යාළුවෙක්. ජයන්තලාගෙ ගෙදර තමයි පසු කාලයක මම “ඩිජිට්‍රොනික්ස්” ආයතනය පටන් ගත්තෙ. අද ජයන්ත පදිංචි වෙලා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. මේ කියන්න යන්නෙ දෙවෙනි නාට්‍යය කරන කාලයෙ ලබා ගත් අත්දැකීමක්.

ඒ ආලෙ “කාර්ගිල්ස්” අයිස්ක්‍රීම් තිබුණෙ නැහැ. එලිෆන්ට් අයිස්ක්‍රීම් තිබුණා. ඊට අමතරව වැල්ලවත්තේ හා බම්බලපිටියෙ “Zellers” කියන අයිස්ක්‍රීම් සැල තිබුණා. ඒ කාලෙ මම ටියුෂන් කරනවා අතේ සල්ලි ගැවසෙනවා. මාත් ජයන්තත් කතා වුණා සල්ලියි වෙලාවයි තියෙන කොට “Zellers” ගිහිල්ලා අයිස්ක්‍රීම් රස විඳින්න.

අපි තීරණය කළා එක එක දවසට එකිනෙකට වෙනස් ජාතිවල රස විඳින්න. පටන් ගත්තා ඒ වැඩේ. ඒ කාලෙ “Zellers” වල විකුණන්න තිබුණා Sundaes කියල ජාතියක්. Sundaes කියන්නෙ තට්ටු කීපයක් එක්ක එක එක ජාති කලවම් කරලා හදන අයිස්ක්‍රීම් වලටයි. මේ වෙනකොට නම් ඒවායෙ නම් මතක නෑ “Nicabacaglory” වාගෙ නමක් තිබුණා මතකයි.

සමහර ඒවා කෙසෙල් ගෙඩි එක්ක. සමහර ඒවා වෙනස් පලතුරු එක්ක.සමහර ඒවා ජෙලි එක්ක. සමහර ඒවාට අයිස්ක්‍රීම් ජාති දෙකයි. සමහර ඒවාට තට්ටු තුනයි. මේ වාගෙ වෛවාරණ විදියට සරසපු අයිස්ක්‍රීම් අපි කෑවා. මේ වාගෙ එතන තිබූ Sundaes ජාති සෑහෙන තොගයක් කනකොට අපට වැටහුණා මේවා හදන Art එක.

මේවා හදන මූල ද්‍රව්‍ය ලැයිස්තුවක් තියෙනවා. විවිධ වර්ගයේ අයිස්ක්‍රීම්. පලතුරු ජාති. ජෙලි. චොකලට් කැබලි. බිස්කට්. සීනිබෝල. මේ වාගෙ නොයෙකුත් ජාති. යම්කිසි නිර්මාණකරුවෙක් ඇති මේ මූල ද්‍රව්‍ය එකිනෙකට ගැලපෙන විදියට කලවම් කරන. සමහර ජාති වල පලතුරු උඩින්. තවත් සමහර ජාතිවල යටින්. දාන ජාති වගේම දාන තැනත් එකිනෙකට වෙනස්.

මේ අත්දැකීම ප්‍රෝග්‍රැමින් කරන කොට ප්‍රයෝජනවත් වුණා. එකිනෙකට වෙනස් ප්‍රයෝග එක එක ආකාරයෙන් කලවම් කර අළුත් අළුත් ප්‍රෝග්‍රෑම්ස් හදන්න ත් පෙළඹුනේ මේ වාගෙ අත්දැකීම් හන්දයි කියලයි දැන් හිතෙන්නෙ.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

3 Responses to “Zellers” හි අයිස්ක්‍රීම්

  1. yumm…yumm…සර් කිව්ව විදියට දැන්ම අයිස්ක්‍රීම් එකක් කන්න හිතෙනවා. මේකෙ 1වැනි para එකේ පදිංචි කියන එක වැරදියි. ආයිත් පටන් ගත්තා proof reading.

  2. kumaraya says:

    මම ඒ ජාතියෙ අයිස්ක්‍රීම් නම් කාල නැහැ. නමුත් ඒ නමින් තිබුණ චොකලට් නම් කාල තියෙනවා.
    Zellers චොකලට් තමා ප්‍රසිද්ද….

    • kumudupinto says:

      Zellers චොක්ලට් හදපු කට්ටියගෙ තමා මේ අයිස්ක්‍රීම් සැල් දෙකත්. ඒ ගොල්ලො Zellers අයිස්ක්‍රීම් කියලා ජාතියක් හැදුවෙ නෑ. ඒත් වෙළඳපොළේ තිබුණු අයිස්ක්‍රීම් හා අනෙක් ඒවා කලවම් කරල බොහොම නිර්මාණාත්මක Sundaes ජාති ගණනාවක් හැදුවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s