භූගෝලයත් කජ්ජක් ද ?

අර කලින් ලිපියෙ අන්තිම පින්තූරෙ හිටි ජයන්ත ශ්‍රී ලාල් ද සිල්වා ගැනයි මං අද කියන්න යන්නෙ. ඇත්තටම ඔහුගෙ සුවිශේෂී හැකියාවක් ගැන. මේ සිද්ධිය මට මතක හැටියට මම අත්දැක්කෙ පහේ පන්තියෙදි.

ඒ කාලෙ ශ්‍රී ලාල් අපට කියනව සිතියම් පොතක ලොකු අකුරුවලින් දැක්වෙන නගරයක නම වහන්න කියලා. එයා හරියටම කියනව ඒ නගරය මොකක්ද කියන එක. මට මතක හැටියට පහු වෙනකොට එයා දෙවෙනි මට්ටමේ නගරත් ඒ විදියටම කිව්වා.

මේ හැකියාවන්ට එක හේතුවක් වෙන්න ඕනෙ අනිවාර්යයෙන්ම ගෙදර පසුබිම. දෙමාපියන් මෙබඳු හැකියාවන් අගය කරනවා නම් ඉබේම දරුවන් ඒවාට යොමු වෙනවා. දෙවන හේතුව තමයි පොත්පත් වගේම චිත්‍රපටවලිනුත් දැනුම ගන්න යොමු වී සිටීම. ඒ කාලෙ ශ්‍රී ලාල් වගෙ අය Tin Tin වගේම Asterix කියන කාටූන් පෙළත් සෑහෙන්න කියෙව්වා.

අපි හැමෝම පහළ බාලාංශයෙ ඉඳන් ම හැම අවුරුද්දකම තෑගි ගන්නවා. ඒ කාලෙ හැම තෑග්ගකටම ලැබෙන්නෙ පොත්. මට මතකයි ඩෙනිස් ක්ලාක් ලියූ රන්දිව පොත මට තෑග්ගකට ලැබෙනවා. ඒ වගේම රොබින්සන් කෲසෝ, රොබින් හුඩ්, මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ රෝහිණී, ඩබ්ලිව් ඒ සිල්වා ශූරීන්ගෙ සුනේත්‍රා, විජයබා කොල්ලය, රදළ පිළිරුව වාගෙ පොත්පත්.

මට මතකයි ඒ කාලෙ ශ්‍රී ලාල් ල Born Free කියන චිත්‍රපටය හා පොත් පෙළ ගැන කියවනවා. අප ව ඒ කාලෙ ඉස්කෝලෙන් චිත්‍රපට බලන්නත් එක්ක යනවා. Hataari, Black Panther වාගෙ චිත්‍රපට මං නැරඹුවෙ ඉස්කෝලෙන් එක්ක ගිහිල්ලා.

මේ හැම දෙයකින්ම වුණේ අපේ රුචිකත්වයන්ගේ සීමාවන් පුළුල් වීම. අපේ අය අතරින් ශ්‍රී ලාල් භූගෝලය පිළිබඳව තමන්ගෙ දැනුම හා අවබෝධයන් වැඩි දියුණු කර ගත්තෙ අප පුදුමයට පත් කරවමින්.

මේ ලිපිය කියවීමෙන් පස්සෙවත් තමන් ඉගෙන ගන්නා විෂය පථයන්ට අදාල තොරතුරුවලට අමතරව මෙවන් වෙනත් විෂයන්ටත් යොමු වෙනවා නම් . .

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

4 Responses to භූගෝලයත් කජ්ජක් ද ?

  1. සහතික ඇත්ත…ඇත්තටම පොඩි ලමයෙකුට කුඩා කල සිටම කියවීමට හුරු කලොත්….එය ඔහුගේ ජීවිතයට කෙරන ලද වැදගත්ම ආයෝජනයයි….:D

  2. Fiqri says:

    අකුරු වලට වැඩිය (අකුරු එපා කියනවා නෙමෙයි, පින්තූර ඊට වැඩිය ලේසියි) මම කැමති පින්තූර කියවන්න… ඒක නිසා මගේ දුවට පුළුවන් හැම වෙලේම.. පින්තූර පොත් ගෙනත් දුන්නා (ඇයට මාස 8 විතර ඉඳන්).. දැන් ඇයට අවුරුදු 4 .. ඇගේ මතකය හිතාගන්නවත් බැහැ ..

    • kumudupinto says:

      Tin Tin හා Asterix යන පොත් ඒ කාලයේ ජනප්‍රිය වුණේ ඒවායේ පින්තූර නිසාමයි. ඒත් භාෂාවේ ඇති සුන්දරත්වය ත් විඳිය යුතු දෙයක් කියලයි මං හිතන්නෙ.

      • Fiqri Ismail says:

        ඔව් මාත් පිළිගන්නවා.. මෙහෙමත් කියලා තියෙනවා😉

        “A picture is worth a thousand words”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s