හෝඩියේදී හා දෙවන ශ්‍රේණියේදී රඟ පෑ නාට්‍ය

පහත දැක්වෙන්නෙ අපි හෝඩියේ ඉන්න කොට තෑගි බෙදා දීමේ උත්සවය සඳහා කළ නාට්‍යයක රඟපෑමට ඉස්සෙල්ල පිට්ටනියට අරගෙන ගත්ත ඡායාරූපයක්. ඒකෙ ඉන්න අය අතරින් මට හඳුනා ගන්න පුළුවන් වෙන්නෙ සුමිත්, ඩිනාල්, ප්‍රේමලාල්, බලදේව, පාලිත, අසෝක, රවීන්ද්‍ර, ශ්‍රී ලාල්, ලලිත්, අතුල යන අය විතරයි. මේක ගත්තෙ 1961 වසරෙදි.

නේලි හෙලෙයි හෙලෙයි යා

නේලි හෙලෙයි හෙලෙයි යා

පහත ඇති ඡායාරූප දෙක අපි දෙවෙනි ශ්‍රේණියෙ ඉන්න කොට, ඒ කියන්නෙ 1963 වසරෙදි ගත්ත ඒවා. ඒ අවුරුද්දෙ තෑගි බෙදා දීමේ උත්සවයට කළා ශ්‍රී පාදස්ථානය සොයා ගැනීම පිළිබඳ කතාව. ඒකෙ රජු විදියට රොහාන් ඩයස් හා දේවිය විදියට අතුල සේනානායක රඟ පෑවා. ඇමතිට හිටියෙ මමයි. ශ්‍රී පාදය සොයා ගැනීම සඳහා වන අඬබෙරය හා අවසානයේ පිරිස ශ්‍රී පාදය වන්දනා කිරීම මෙම ඡායාරූපවලින් දැක්වෙනවා.

ශ්‍රී පාදය සොයා ගැනීම සඳහා වන අඬබෙරය

ශ්‍රී පාදය සොයා ගැනීම සඳහා වන අඬබෙරය

අවසානයේ පිරිස ශ්‍රී පාදය වන්දනා කිරීම

අවසානයේ පිරිස ශ්‍රී පාදය වන්දනා කිරීම

පහත දැක්වෙන්නෙ අපි හත්වන ශ්‍රේණියෙ ඉන්දැද්දි හයවන ශ්‍රේණියෙ තෑගි ගැනීමෙන් පසු ඒ සතුට භුක්ති විඳින අන්දමයි. දකුණේ සිට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ, ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩි, තේ මණ්ඩලයේ ප්‍රධාන ගණකාධිකාරී ජයන්ත ශ්‍රී ලාල් ද සිල්වා, අපේ හොඳම ඔළුව – සාමාන්‍ය පෙල හා උසස් පෙළ ලංකාවේ හොඳම ප්‍රතිඵලය ශිරාන් නානායක්කාර, මතභේදයකට තුඩු දුන් නඩු තීන්දුවක් නිසා ප්‍රසිද්ධියට පත් චම්ප බුද්ධිපාල හා මම. පුංචි පන්තිවලදී වෙන වෙන පන්තිවල හිටියත්, අපි ඔක්කොම හයේ ඉඳන් එකටයි ඉගෙන ගත්තෙ.

හයවන ශ්‍රේණියට හිමි තෑගි ලබා ගැනීමෙන් පසු

හයවන ශ්‍රේණියට හිමි තෑගි ලබා ගැනීමෙන් පසු

මේ ඡායාරූප මගෙ බ්ලොග් එකට එකතු කළේ මේ ඡායාරූපවල ඉන්න කවුරු හරි වැරදිලාවත් මේ බ්ලොග් එකට ආවොත් ඒ අයට ඒ සොඳුරු අතීතය මතක් කර දෙන්නයි. ඊට අමතරව ඒ මතකයන් සුරක්ෂිත කිරීමයි. ඕනෙ කෙනෙකුට තියෙන සොඳුරු ම දේ අතුරින් එකක් නෙ තමන්ගෙ අතීතය. ඒ හන්ද ඒ යුතුකමයි මේ ඉෂ්ඨ කළේ.

This entry was posted in 14. මට මතකයි, සිංහල. Bookmark the permalink.

7 Responses to හෝඩියේදී හා දෙවන ශ්‍රේණියේදී රඟ පෑ නාට්‍ය

  1. Wathsala Vithanage says:

    Can’t believe! these pictures are nearly 50 years old.

  2. වටිනා පින්තූරු ටිකක්
    ශිරාන් නානායක්කාර කියන්නෙ මොර‍ටුව් කැම්පස් එකේ අපේ සර්වත්ද?

    • kumudupinto says:

      නැතුව. නැතුව. ඒ ෂිරාන් නානායක්කාර තමයි.

  3. Hasitha says:

    කවුද මේ චම්ප බුද්ධිපාල කියන්නේ ?

    • kumudupinto says:

      පළවෙනි කාරණේ මගෙ පන්තියේ මිතුරෙක්. දෙවෙනි කාරණේ නළුවෙක්. ඔහු වරෙක වැදි රජ හෝ මනමේ කුමරු ලෙස මනමේ නාට්‍යයේ රඟපෑවා. තුන්වෙනිව විනිශ්චයකාරවරයෙක්. කමල් අද්දරආරච්චි ට විරුද්ධ අර ප්‍රසිද්ධ නඩුව විභාග කළේ ඔහු යි.

      • Hasitha says:

        කමල්ට විරුද්ධ නඩුව ගැන නම් දන්නේ නැහැ. තව විස්තර ටිකක් කියන්න බැරිද ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s