එකම ආකාරයේ කුරුල්ලෝ එකට කැදලි බැඳීම

මීට අවුරුදු ගණනාවකට ඉහත දී අපේ ආයතනයට සිද්ධ වුණා, මොරටුව සරසවියට තේරී පත් වූ සිසුන් පිරිසකට විශේෂ C++ පන්තියක් කිරීමට. ඒ පන්තිය කිරීමට බාර ගත්තේ ආදී ආනන්දියයෙක්. ඒ පන්තියට ආවෙත් ආනන්දයේ සිසුන් පිරිසක්. කිහිප දිනකට පසු අපේ ගුරුවරයාට එක් සතියක නිවාඩුවක් අවශ්‍ය වූ නිසා සතියකට මට ඒ පන්තිය බාර ගැනීමට සිදු වුණා.

ඒ පන්තියට ඉගැන්වීමට ගිය මට ඒ පිරිස හැසිරෙන ආකාරයේ වෙනසක් නිරීක්ෂණය කළ හැකි වුණා. සාමාන්‍යයෙන් ගුරුවරයා යමක් ලෑල්ලේ ලියන අතරතුර සිසුන් වෙන වෙන වල්පල් කතා කිරීම සිරිතක්. එහෙත් මම පරිගණකයේ යම් ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරන විට ඔවුන් ඒ කුමක් සඳහා දැයි සාකච්ඡා කළා. පන්තියේ මුළු කාලය තුළ ඔවුන්ගේ අවධානය විෂය පථයෙන් ඉවතට ගියේ නැහැ.

මේ නිරීක්ෂණයේ සුවිශේෂත්වය නිසා මා තීරණය කළා ඔවුන්ගේ ප්‍රතිඵල විමසීමට. මුලින්ම මා විමසුවේ එතන පහේ ශිෂ්‍යත්වය සමත් වූ කී දෙනෙකු සිටින බව ද යන්නයි. ඔවුන් සියළු දෙනාම ශිෂ්‍යත්ව ලාභීන්. ඉන්පසු මා විමසා සිටියා සාමාන්‍ය පෙළ සියළු විෂයයන්ට විශිෂ්ඨ සාමාර්ථ ලබා ගත් අය ගැන. ඔවුන් හැමෝම එසේ සියළු විෂයයන්ට විශිෂ්ඨ සාමාර්ථ ලබා සිටියා. ඊළඟට මා විමසා සිටියේ උසස් පෙළ සියළු විෂයයන්ට විශිහ්ඨ සාමාර්ථ ලබා ගත් අය ගැන. එක් සිසුවෙකු හැර අනෙක් සියළු දෙනාට විෂයයන් හතරටම විශිෂ්ඨ සාමාර්ථ ලබා තිබුණා. ඉතිරි සිසුවා එක් විෂයකට පමණක් අධි සාමාර්ථයක් ලබා සිටියා.

මා ඔවුන්ගෙන් විමසුවා එබඳු විශිෂ්ඨ සාමාර්ථ ලබා ගත්තේ කෙසේද කියා. ඔවුන්ගෙන් ලද පිළිතුරු යි පහත දැක්වෙන්නේ.

පළමු සිසුවා : මගේ පියා හන්දයි මට එබඳු සාමාර්ථයක් ලැබුණේ.
මම : ඔබේ පියා කවුරුන් ද ?
පළමු සිසුවා : ඔහි ඉංජිනේරුවරයෙක්.
දෙවන සිසුවා : මගේ මව හන්දයි මට ඒ හැකියාව ලැබුණේ.
මම : ඔබේ මව කවුරුන් ද ?
දෙවන සිසුවා : ඇය ගණිත ගුරුවරියක්.
තෙවන සිසුවා : දෙවන සිසුවා පෙන්වා, එයාගෙ අම්මා හන්දයි අපට මේ සාමාර්ථය ලැබුණේ.
මම : ඒ කොහොමද ?
තෙවන සිසුවා : ඇය යි අපේ ගණිත ගුරුවරිය
සිව්වන සිසුවා : මට පාසැලේදී ත් ටියුෂන් පන්තිවලදී ත් ලැබුණේ විශිෂ්ට ගුරුවරුන්. ඒ නිසයි මා එසේ සමත් වුණේ.
මම : ඒ ගුරුවරුන් ඉගැන් වූයේ ඔබට පමණ ද ?
සිව්වන සිසුවා : නැහැ. නැහැ. මම සාමාන්‍යයෙන් කණට වඩා ඇහැ භාවිතා කරන, ඇහැ ප්‍රබල කෙනෙක්. ඒ ගුරුවරු ඉගැන් වූ ක්‍රමය මට හොඳට ගැලපුනා.
මම : ඔබ කොහෙන්ද ඔය ඇහැ හා කණ ප්‍රබල අය ගැන දැන ගත්තේ ?
සිව්වන සිසුවා : ආචාර්ය ප්‍රියංග ද සොයිසා ගේ ‘අධිවේගී ඉගෙනුම” පොතෙන්.
පස්වන සිසුවාඅ: මුන් එක්ක ඉන්නකොට වෙන ප්‍රතිඵලයක් එන්නෙ කොහොමද සර්ර්‍ ? මම සමත් වුණේ මුන් ඇසුරු කළ හන්දා.

මේ සිදුවීම කවදා හෝ වාර්තා කිරීමට ඔඅබ ඔවුන්ගෙන් අවසර ගතිමි. මේ ඒ අවසරයේ ප්‍රතිඵලයයි.

පසු සටහන : මම මේ සිසුන් පිරිසට මා ලියූ සත්වන පොත වූ “ඔබත් පියවර 25කින් විශිෂ්ඨයෙකු වන්න” නම් පොතෙහි පිටපත බැගින් දුනිමි. එයින් එක් සිසුවෙක් ඊළඟ දිනයේ ඒ පොත පිළිබඳ ව තම හැඟීම කොළයක සටහන් කර මට ගෙනැවිහ් දුනි. එහි වූයේ මේ පොතෙහි කරුණු මා ලබා ගත් මූලාශ්‍ර පිළිබඳ ඉතා නිවැරදි සොයා ගැනීමෙකි. එදා මෙදා තුරා කිසිවෙකු මගේ එම මූලාශ්‍ර පිළිබඳ ව අනුමාන නොකළ අතර මා ද එම පොතෙහි හෝ වෙනත් තැනක එම මූලාශ්‍ර පිළිබඳව කිසිදු සටහනක් නොතැබීමට වග බලා ගතිමි.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල. Bookmark the permalink.

12 Responses to එකම ආකාරයේ කුරුල්ලෝ එකට කැදලි බැඳීම

  1. Aruna says:

    මෙහි සදහන් දෙවෙනි සිසුවා දිලුක් ජයසිංහ. අති විශිෂ්ඨයෙක්. ඔහුගේ මව ආනන්දයේ චාන්දනි ගුරුතුමිය.

  2. Aruna says:

    Without any doubts, this is the best class, I have ever done. This class was done about 5 years ago. But still remember how it was. They were really great students.

  3. දිලුක් ජයසිංහ says:

    I still remember those days very well. Specially Aruna sir’s class laid the foundation in my programming skills. And that class made me to choose the path in my life. I also remember the class that was done by Kumudu sir very well because what I have learnt from there is a lesson that I wouldn’t able to obtain from another place. I still remember the conversation that you have mentioned in this blog post as well as the mathematics on 3D graphics and curves… I already shared this post with other friends who came to this class too..

  4. අමිල says:

    සර්.. අ​පි වෙනස් ජාතියක කුරුල්ලොනම් බැරිවෙයිද එයින් මිදිලා හොද රෑනකට එකතුවෙන්ට..?

  5. කණිෂ්ක says:

    Sir ට තාම අපිව මතක එක ගැන ගොඩක් සතු‍ටුයි… පහුගිය දවස් වල නිකං blogs බල බලා යන ගමන් මේ blog එක දැක්කා… ඒකෙ තිබුනු දේවල් කියවද්දි සමහර දේවල් නිකං අහලා පුරුදුයි වගේ දැනුනා… මේ විදියට හිතන වෙනත් මනුස්සයෙක් කවදා හරි හමුවෙලා තියෙනවා කියලා මතක් උනා.. පළවෙනි දවෙසම “හරිද වැරදිද?” කියන post එකට comment එකකුත් දැම්මා…ඊට පස්සෙ තමයි blog එකේ නම දැක්කේ.. … මේ අපේ kumudu pinto sir නෙ…🙂

    මේ කතාවෙ විදියට මම කීවෙනි කුරුල්ලද කියල නම් මට මතක නෑ…🙂

    • kumudupinto says:

      මං හිතන්නෙ මට කුරුල්ලො ගණන නම් අමතක වෙලා වාගෙ.

  6. හසංග ගුණවර්ධන says:

    පින්ටො සර් අපේ කාලයේ දැකපු හොදම ගුරුවරයෙක්. ආයෙත් දැකලා කතා කරන්නත් ආසයි. සර්ගෙන් අපි C++ වලට අමතරව ජීවිතය ගැනත් ඉගෙන ගත්තානේ. සර් කියපු “අතීතය නැවත පැමිණේ” (History Repeats) වගේ අමුතු දේවල් ගැන තාම මම හිතනවා.

    එදා පන්තියේ සිදුවූ ඒ සිදුවීම මටත් තාම හොදට මතකයි. මේ කැදැල්ලේ කීවෙනි කුරුල්ලාද කියලා මටත් මතක නෑ. ඒත් ඒකේ හිටපු උසම කුරුල්ලා මමයි.

    මේ වගේ හොඳ, අමුතු ගුරුවරයෙක් ගෙන් දවසක් දෙකක් හෝ ඉගෙන ගන්නට ලැබීමත් වාසනාවක්.

  7. රබෙල් says:

    මේ බ්ලොග් සටහන දැකල නං දැන් දවස් කීපයක් වෙනවා…. කොමෙන්‍ටුවක් දාන්න වෙලාවක් ලබුනේ නෑ…. ඉතින් නොදාත් බෑනේ කුමුදු සර් ගෙ ලිපියට…🙂

    හරි සතුටක් දැනුනෙ සටහන දැක්කාම.. සර්ට අපිව තවම මතක එක ගැන බොහොම සතු‍ටුයි.

    අපිට ඉගැන්නුවාට බොහොම පින්… ගුරුවරයෙකුට වඩා යාලුවො දෙන්නෙක් අපිට ලැබුනේ එ කාලෙ..

    අරුණ සර්වත් බොහොම ආදරෙන් මතක් කරනවා.

  8. ඉන්දික says:

    මෙම සටහන දැක්කම ඇතිවුන සතුටනම් කියන්න බැරිතරම්. අපිව මතක තබාගෙන නැවත ඒ සුන්දර මතක අවදි කල එක ගැන sirට බොහොම පින්.

    පන්තියේදී ඉගෙන ගත්ත දේවල් ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ හැමෝම ඒ ගැන කියල තියෙනවනේ, නමුත් sirගෙන් ඉගෙනගත්ත දේවල් ගොඩක් වැදගත් කියල නම් කියන්න ඕනේ. මම මුලින්ම programming ඉගෙනගත්තේ මේ පන්තියෙන්. සර්ලා දෙන්නම උගන්වපු දේවල් මට ගොඩක් ප්‍රයෝජනවත් උනා.

    මේ වගේ පන්තියකට එන්න ලැබීම ගැන මම හුඟක් සතුටු වෙනවා. කතාවේ හැටියටනම් මම පළමු කුරුල්ලා…..🙂

  9. මටත් පොඩි ආඩම්බරකමක් එනවා ආදී ආනන්දියෙකු වීම ගැන. මමත් ඔය කියනවා වගේ කුරුල්ලෝ ගොඩක හිටියේ. නමුත් ඒ කුරුල්ලෝ වගේ වෙන්න බැරි වුනා. මම වෙන කුරුල්ලෝ වගයක් සෙට් කරගත්තා.😀

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s